(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වතු ක්ෂේත්‍රයේ සමාගම් කිහිපයක් සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් ගෙවන ලද රුපියල් කෝටි 70ක පමණ මුදලක් ලබාදී ඇති තොරතුරුවල පරස්පරතා හේතුවෙන් ගිණුම්ගත කිරීමට නොහැකිවී පවතින බව විදේශ රැකියා සහ ශ්‍රමය පිලිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
මේ අතර වැවිලි සමාගම් කිහිපයක් සේවක අර්ථසාධක අරමුදලට ගෙවීම් පැහැර හැර ඇති බවටද තොරතුරු අනාවරණයවී ඇතැයි එම කාරක සභාව පවසයි. එසේම සමහර සමාගම් සේවක අර්ථසාධක අරමුදලට හිඟ මුදල් විශාල ප්‍රමාණයක් ගෙවීමට ඇති බවද එම කමිටුව සඳහන් කරයි.
මෙම කරුණු අනාවරණය වූයේ විදේශ රැකියා සහ ශ්‍රමය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූනි 22 වැනිදා රැස් වූ අවස්ථාවේදීය.
සේවකයන් ආරක්ෂා කරමින් සේවක අර්ථසාධක අරමුදලට ගෙවීමට ඇති හිග මුදල් සහ වර්තමාන මාසික ගෙවීම් ක්‍රමානුකුලව කරගෙන යෑමට කටයුතු කරන ලෙස කාරක සභාවේ සභාපති හෙක්ටර් අප්පුහාමි මහතා වැවිලි සමාගම් නියෝජිතයන්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම ජාතික හැඳුනුම්පත් අංකයට අනුව ගිණුම් ආරම්භ කිරීමෙන් එකම පුද්ගලයෙකුට ගිණුම් කිහිපයක් තිබීමේ ගැටළු මගහරවා ගැනීමට හැකි බවත් ඒ සඳහා අවධානය යොමු කර ක්‍රියා කරන ලෙසත් කාරක සභාව නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස්දී ඇත.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම් මරික්කාර්, ඉෂාක් රහුමාන්, මහින්දානන්ද අලුත්ගමගේ, වඩිවෙල් සුරේෂ්, වේලු කුමාර්, සුජිත් සංජය පෙරේරා , එම්. උදයකුමාර්, වෛද්‍ය සීතා අරඹේපොල චන්දිම වීරක්කොඩි සහ තුෂාර ඉඳුනිල් යන යන මහත්ම මහත්මීන්ද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම්වරයා, කම්කරු කොමසාරිස්වරයා, මහබැංකුවේ හා සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වතු ක්ෂේත්‍රයේ වැවිලි සමාගම්වල නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම රැස්වීමට සහභාගීවූහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
හරියට තොරතුරු නෑ: කෝටි 70 ක් බැර කිරීම නවතී