
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා නියෝග කළේය.
එමෙන්ම මෙම නඩුව ලබන වසරේ මාර්තු 20 වැනිදා යළි කැඳවන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ වරදකට හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංචුවම කුඹුරකට දැම්මා නම් හොඳ නැද්ද, සුටුස්ගාලා මඩ කරගන්න තිබුණා.
දැන් ඉන්න පොලිස් ඇමැති, ආනන්ද විජේපාලගේ තවත් විජ්ජාවක්...! ආනන්ද විජේපාල දිවුරුම් දෙනකොට ඒත් මම බැලුවා, කවුද මේ දැකලා පුරුදු ඩයල් එක කියලා. පස්සේ මතක්වුණා, මේ ඒ දවස්වල වහිනකොට තඹුත්තේගම අනුරට කුඩය අල්ලපු පොර නේද කියලා ! මම ඒ දවස්වල හිතුවේ මෙයා, පොලිසියේ PC රාලහාමි කෙනෙක් කියලා ! දැන් පොලිසිය බාර ඇමැති ! කොහොමද ගොට්ට ඇල්ලිමක රඟ..!
මේ වනවිට පාක්ෂිකයන් මොවුන්ව දේශපාලනයෙන් ප්‍රතික්ෂේප කර ඇත. එම නිසා මොවුන්ගේ දූෂිත ක්‍රියාවන්, හැසිරීම් නිසා පක්ෂවලට සිදුවන හානිය නිසාත් ජනතාව මොවුන් ප්‍රතික්ෂේප කර ඇති නිසාත් මොවුන් එම පක්ෂවල තබා ගන්නේද යන්න පිළිබඳව පාක්ෂිකයින්ගෙන් විමසිය යුතුවේ. එසේ විමසුවහොත් පාක්ෂිකයින් සියල්ලෝම (ඔවුන් වටා සිටිනා කිහිප දෙනෙකු හැර ) කියා සිටින්නේ මොවුන් පක්ෂයෙන් ඉවත් කරන ලෙස වේ. මොවුන් රට තුළ ප්‍රසිද්ධව තිබෙනුයේ සමාජයට යහපතක් කළ දේශපාලකයින් වශයෙන් නොව දූෂිත පුද්ගලයින් වශයෙනි. මොවුන් දන්නා දේශපාලනයක් නැත. ඔවුන් සමාජ දේශපාලනය දන්නේ නම් මොවුන් මෙසේ සමාජයේ හැසිරෙන්නේද නැත.. මෙවැනි පුද්ගලයන් පක්ෂය තුළ තබාගැනීමෙන් පක්ෂයට වන යහපත හෝ වාසිය කුමක්ද?