දෙමටගොඩ රෙදි සාප්පු සේවකයකු පැහැරගෙන පහරදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ගේ සහායකයන් බව කියන අට දෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් අද (4) යළිත් ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
දෙමටගොඩ රෙදි සාප්පු සේවක අමිල ප්‍රියංකර පැහැරගෙන පහරදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දෙවැනි ප්‍රකාශයක් දීම මයිකල් ජොන්සන් නම් සැකකරු ප්‍රතික්ෂේප කළ බව වැල්ලම්පිටිය පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහිලාන් මහතාට දැන්වීය.
ජොන්සන්ගේ 11 හැවිරිදි දියණියගේ කටඋත්තරය ලියාගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය. මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී නැතැයි ද පොලිසිය කීවේය.
සැකකරුවන්ගේ ඡායාරූප වෙබ් අඩවි හා ෆේස්බුක් ගිණුම්වල පළවූ නිසා අඳුනාගැනීමේ පෙරට්ටුවක් නොපවත්වන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටියහ. පොලිසිය ඊට විරුද්ධ විය. ඒ අනුව පෙරට්ටුව ජනවාරි 6 වැනිදාට කල් තැබිණි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීසීටීවී එකේ තියෙනවා මෙයාලගේ මුණ,දැන් මෙතන මුහුණ වහගෙන එන්න ඕනි නැනේ.අනික වරදක් කරන්න බය නෑ චන්ඩි වගේ යනවා,පොලිසියට අහුවුනාම පුස් බල්ලෝ වගේ මුන් (බ)
රූකඩ ටික පිච්චුවත් වැඩක් නැහැ , රූකඩ නටවන්නා අල්ල ගත්තේ නැතිනම්. (බ)
බලන්නකෝ මෙයාලාගේ තියෙන ලැජ්ජාව... (නි)
වෙනස සැපද ? (බ)
කැකිල්ලේ රජතුමා, මතක් වෙනවා (බ)
මෙම සිද්ධිය රටේ නීතිය ක්‍රියාත්මකවීම පිළිබද හොද දර්ශකයක් බවට පත්වී ඇත. සියලු දෙනා බලාසිටින්නේ මෙහි ප්‍රධාන චරිතයේ සිටින තැනැත්තියට නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නය? (ර)
මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. (ර)
ඒ මොකද සුමිත්‍රා ඒ යහපාලානේ හැටිද? (ස)
බලයේ තරම හරියට තේරුම් නොගත්තොත් කොයි දේසපලකයටත් ටිකක් වැඩ වරදියි , මේක යහපාලානේ හොඳද ! (ස)
මේ වැඩේ සැලසුම් කල ගැහැණියට කිසි දඬුවමක් නැහැ. (ස)