ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි නොවී විදෙස් ගත වන ශ්‍රමිකයන් සම්බන්ධයෙන් වග නොකියන බවත්, කිසියම් ප්‍රශ්නකාරී අවස්ථාකදී ඔවුන් නැවත මෙරටට ගෙන්වීමට රජය ක්‍රියා නොකරන බවත් විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය අද (6) පැවැසූවාය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී නීති විරෝධීව විදෙස් ගත වන ශ්‍රමිකයන් නැවත මෙරටට පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා අදාළ වියදම් ඔවුන් විසින්ම දැරිය යුතු බව ද අමාත්‍යවරිය කීවාය.
විදේශ රැකියා ඇමතිනිය මේ බව ප්‍රකාශ කළේ විගමනික පවුල් සුබසාධක වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකමට මම කියනවට විදේශ සේවා එකේ වෙබ් අඩවියට පිවිසිලා බලන්නකෝ අපිට සේවය කරන්න ලොක්කොම කී දෙනෙක් ඉන්නවද කියලා. (නි)
ඉන්දියන් ජාතිකයන්ගෙන්, පිලිපීන ජාතිකයන්ගෙන් රක්ෂණයක් කියලා අවුරුදු 2 කට සැරයයි සල්ලි ගන්නේ. ඒකට අපේ රට. (නි)
මම නම් ඔය මුදල දුන්නේ හිතින් තනිකරම ශාපකරලයි. තාමත් කියන්නේ ඒකමයි (නි)
තීරුබදු රහිතව දැන් තිබෙන අලුත් මාදිලියේ බඩු ටිකකුයි, වාහනයකුයි ගන්න හදලා දුන්නත් ඇති (නි)
වසර 40 කාලයක් පිටරටක ජීවත්වෙන මට කිසිම සහනයක් නැහැ ලංකා රජයෙන්. නමුත් මම තවමත් මගේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය තියාගෙන ඉන්නේ. ලක්ෂ ගණනක් විදෙස් විනිමය ලංකාවට එවා තිබෙනවා. නමුත් වාහනයක්වත් ගන්න සහන මුදලක් නැහැ. (නි)
එහෙනම් හොර ඒජන්තවරුන්ගේ රැකියා ආයතන වසා දමන්න. ඇයි එයාලට අවසර දෙන්නේ පිටරට යවන්න එහෙනම්. (නි)
ඔක්කොම බයිලා විතරයි. විශ්‍රාම වැටුප දෙන්න. නැත්නම් වාහනයක් ගන්නවත් සහන දෙන්න. මම දැන් වසර 18ක් රට ඉන්නේ (නි)
කෝ අපිට දෙනවා කී විශ්‍රාම වැටුප්? (නි)
ඇමතිතුමිය,දැන් වසරක් ගිහින්. දැන් ඔය න්‍යාය හරියන්නේ නැහැ. මෙපමණ මුදල් එවන මේ අයට ගුවන්තොටේදී සිදුවෙන බාධා කොපමණද? මෙයාලට තමා රතු පලස එළිය යුත්තේ. තවත් දෙයක්. පාස්පෝර්ට් එක හදන්න 10,000ක් මොකටද? කොහොමද නැති බැරි කෙනෙක් මේක හදාගන්නේ? (නි)
කොහොමත් එකයිනේ රෙජිස්ටර් වුණත් වැඩක් නැහැ .... බොරුවට අපි සල්ලි ගෙවන්නේ (බ)
හොරෙන් රට යන අය ගැන අපට වගකීමක් නෑ‘පුහ් ' හරියට රට යන අය ගැන ඔහෙල වගකියවනවද (බ)
වෙනත් රටවල් වල නම් පුරවැසියෝ සියලු දෙනාටම එක හා සමානව සලකන්නේ. අාපදා අවස්ථාවකදී අාපු විදිය බලන්නේ නැහැ එම රටේ ගමන් බලපත් හිමි සැම දෙනාම බාර ගන්නවා. සමහර විට මේක අතුකෝරල න්‍යාය වෙන්න බැරි නැහැ. ඒ වුනත් රජය ක්‍රියා නොකරනවා කියලයි කියල තියෙන්නේ. ඒ නිසා එතුමියගේ පෞද්ගලික මතය වෙන්නත් බැහැ? (බ)
හොරෙන් රට යන අයගේ ප්‍රශ්න විසඳන්න කලින් ලියාපදිංචිවී යන අයගේ ප්‍රශ්න විසදන්නකෝ (බ)
මම රට රස්සාවකට යනකොට මගෙන් ලියුමක් ගත්තා මගේ වගකීම මා විසින්ම දරනවා කියලා. පස්සේ 10000 ගානක් ගෙවල තමයි ආවේ (නි)
හොරෙන් යන එක නම් අපිත් අනුමත කරන්නේ නැහැ (නි)
ඉතාලියට හොරෙන් ආව අය නම් සැපසේ ඉන්නවා. මේ අය නැවත රටට එන විට යම් බද්දක් අය කර එය කෙලින්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජනය කරන මෙන් මම ඉල්ලා සිටිනවා. මේ අය බොහොම පිනට කැමති කට්ටිය. (බ)
අනේ අපේ ශ්‍රමය හුරාකනවා. අපේ සහෝදරයින් ඒ රටවල කොච්චර දුක් විඳිනවද? (නි)
හරියට යන අය ගැන හොයල බලනවද? නිකන් බොරු කියනවා. (කෞ)
හොරට යන අය ගැන කියවන්නේ හරියට යන අය ගැනවත් බලන්නේ නැති අයනේ. හැමදේම බොරු කතා විතරයි. කලින් හිටපු අය කලදෙකුත් නෑ. දැන් මෙයාල කරන දේකුත් නෑ. (අ)
මේගොල්ලෝ වග කියන්නේ රට ගිය අයගේ සල්ලි වලට විතරයි . ඒ නිසානේ විදේශ ගමන් බලපත් ගාස්තුවත් වැඩි කරලා ගුවන් තොටුපොල බද්දත් වැඩිකළේ .(කෞ)
සමහර ගෘහ සේවිකාවන්ට ලංකාවේ ගෙදරක ඉන්නවා නම් උදේ 6 ට නැගිටින්නත් බැහැ. රට ගිහින් දුක් විඳින්නම තමයි ඕනෑ. බැලුවහම රට ගිහින් ගන්න පඩිය ලොකු වුණාට එයා ගියාම වෙන විනාශය ඊට වැඩියි. ළමයි පවුල් ඔක්කොම නැතිකරගෙන. ලංකාවේ ඊට ටිකක් අඩු පඩියකට ගියත් පවුල රැකගන්න පුළුවන්. ඒ වුණාට රට යන්න පුරුදු වුණාම නොගිහින්ම බැරි කාන්තාවෝ කට්ටියකුත් ඉන්නවා. හැමෝම මෙහෙම නැහැ. (නි)
හොරෙන් ගියත්, ලියාපදිංචිවෙලා ගියත් ගිහින් ඉන්නේ අපේ රටේ මිනිස්සු. හොරෙන් ගියා කියලා ඒ මිනිස්සු විදේශ විනිමය වෙන රටවලට යවන්නේ නැහැනේ. අනිත් එක ලියාපදිංචි වෙලා ගිය අයට කියලා අමුතු සැළකිල්ලක් නැහැනේ. පොදුවේ ගත්තහම අපේ රටේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් හෝ අදාළ අමාත්‍යංශයෙන් හෝ රජයෙන් හෝ රටවිරුවන් වෙනුවෙන් දක්වන්නේ හරිම අඩු සැළකිල්ලක්. රට වෙනුවෙන් සේවයක් කරන අපිට සහනයක් ලබාදෙන්න. (නි)
ඔබ තුමියගේ කතාව ගැන මම පුදුම වෙන්නේ නැහැ. මමත් දැන් වසර 11 විදේශ ගතවෙලා. හොරට ගිය අයට වගේම තමය් අපිටත්, මොනාද කරලා තියෙන්නේ. මොන රජය ආවත් එකම හැන්දෙන්නේ බෙදන්නේ.අඩුගානේ ව්ශ්‍රාම වැටුප ගැනවත් කතාකරනවද.? (කෞ)
ගිය අවුරුද්දේ මැද පෙරදිග ගිහිල්ලා ප්‍රශ්න වෙච්ච අය ලංකාවට ආයේ ගෙන්වන්න කෝටි ගාණක් වියදම් කරලා තියෙනවා. මෙතන කියන්නේ ලියපදිංචි වෙලා නොගියොත් ආපසු ඒමේ වියදම තමන් දරන්න ඕන කියලා. ප්‍රතිචාර දමන්න කලින් හරියට ප්‍රවෘත්තිය තේරුම් ගන්න. (ර)
එතකොට අරගල් ගහලා මරන්න හිටිය කෙනා බේරගත්ත එක වැඩක් නෙමෙයි ද (බ)
1980 සිට 1987 සහ 2003 සිට අද දක්වා මම පිටරට සේවය කරනවා ,මම ලියාපදිංචි වෙලා නැහැ ඔය කියන කාර්යංශයේ නමුත් මම උපයන හැම සතයක්ම ලංකාවට තමා එවන්නේ ,අපිට ඔය කියන කාර්යාංශය බැලුවේ නැහැ කියල කමක් නැහැ අපි වැඩ කරන සමාගම හොඳින් බලනවා (බ)
කතා වලින් වැඩක් නැහැ (නි)
කියල ගියා කියල මොකෝ වගකීමක් තියනවය? බොරුවට අපෙන් හැම අවුරුද්දෙම රුපියල් 3500 ගානේ ගන්නවා.(අ)
මමත් ගොඩාක් කල් රට ඉන්නේ ලියාපදිංචි වෙලා ඉන්නේ නමුත් ලැබුන දෙයක් නැත . අඩුම බැංකු නයක්වත් දෙන්නේ නෑ. අපි එවන සල්ලි වලින් තමා රටට තෙල් ටික ගේන්නේ . නමුත් අපිට කිසිම සහනයක් නෑ වාහනයක් ගන්න බලාගෙන හිටියා එකත් නෑ . තවත් ඇමති වරු පත් කරගනිල්ලා. ඒවාට ඩීසල් පෙට්රෝල් අපි ගෙවන්නම්. (අ)
කතාව ඇත්ත. (ර)
ඉතාලියට හොරෙන් ආ අය ගැන පැහැදිලිවම ලොකු ඊර්ෂ්‍යාවක් පිටිගල මිලානෝට තිබෙන බව පෙනෙනවා. මෙතන කතාකරන්නේ මැදපෙරදිග ශ්‍රමිකයන් ගැන. නිකම් වලිගෙ පාගාගෙන කතාකරන්න එපා (නි)
රටවිරුවන් වෙනුවෙනුත් යමක් කරන්න බලන්න (නි)
බොහොම ස්තුතියි. දැන්වත් ගුවන් තොටුපළේදි විදෙස් සේවා ගාස්තු කියලා සල්ලි සූරාගෙන කන එක නවත්තලා දෙනවද? (නි)
හොඳට රට යන අය වෙනුවෙන් ඔයාලා මොනවද කරලා තියෙන්නේ? (නි)
හිටපු අය බලයෙන් පහවෙලා ගෙදර හිටියත්, මම අපේ මුදල් ගසාකෑ අයට උදේ හවස ශාප කරනවා. ඒ වගේ අසරණ ලක්ෂ සංඛ්‍යාත ජනතාව කොච්චර ඇද්ද? (නි)
ඉස්සර නම් හොරට එනවා කියන එක විහිළුවක්. ගුවන් තොටුපොළට ඇතුළුවුණ වෙලේ සිට ගුවන් යානයට නඟින තැන දක්වා සොයා බලන්න 100 යක් විතර දෙනා දාලයි තිබුනේ. එහෙම කාලයක් නම් මම කිසිම කාලෙකදී දැකලා නැහැ. (නි)