
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර ජෝර්ජියාවට යාමට උත්සහ කළ බව කියන ග්‍රාම නිලධාරී වරයෙකු ඇතුළු පිරිමි පුද්ගලයින් නම දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රහස් පොලීසියේ කටුනායක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ.
අඩංගුවට ගත් ග්‍රාම නිලධාරිවරයා මන්නාරම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි .
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් සහ සැකකාරියන් යාපනය වවුනියාව මුලතිව් සහ මන්නාරම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 31, 36 33 ,34 ,සහ 22 යන වයස්වල පසුවන අය වෙති .
අත්අඩංගුවට ගත් සැකකරුවන් පෙදරේරු සහ කම්කරු වෘත්තියේ නිරතව සිටින අය යැයි රහස් පොලිස් ආරංචිමාර්ග කියයි.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් රහස් පොලිසියේ කටුනායක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව පොඩ්ඩෙන් අතුරුදහන්වුවන්ගෙ ලෛස්තුවට මෙයාලගෙ නම් පින්තූරත් එකතුවෙනව,