
(ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මුළා කොට, කූඨ ලෙස සකස් කළ ප්‍රංශ වීසා බලපත්‍රයක් භාවිතා කර ප්‍රංශය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (8) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ .
ඔහු යාපනය , වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි .
ඔහු ඉන්දියාවේ චෙන්නායි නුවර බලා රාත්‍රී 08.35ට පිටත්ව යාමට නියමිත ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.-1196 දරන ගුවන් යානය වෙත පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
සියලුම ගුවන් සේවා නිෂ්කාශන කටයුතු නිමා කර ගුවන් යානය වෙත පිවිසීම සදහා ඔහු ආගමන විගමන දෙපාර්තමේන්තු, විගමන කවුළුව වෙත පැමිණ තිබේ .
එහිදී මෙම තරුණයාගේ හැසිරීම සහ ප්‍රශ්න කිරීම් වලදී මතු වූ ගැටළු මත , මොහු ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා යොමු කිරීමට පියවර ගෙන තිබුණි .
ඔහු මෙම තරුණයා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව , ඔහුගේ ලියකියවිලි ද සමග දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .
ඒ සමගම ඔහු රැගෙන විත් තිබූ ගමන් මල්ල දැඩි ලෙස පරීක්ෂා කිරීම සිදු කළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , ඒ තුළ සගවා ගෙන තිබූ , ඉන්දියාවේ සිට ඉතාලිය වෙත යාමට අවශ්‍ය ගුවන් ගමන් ප්‍රවේශ බලපත්‍රයක් සහ මුහුණු ආවරණයක් තුළ ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ , කූඨ ලෙස සකස් කළ ප්‍රංශ වීසා බලපත්‍රයක් තිබී සොයා ගැනීමට සමත් වී තිබේ .
ඉන්පසුව මෙම තරුණයා අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ පව්, ඒ මනුස්සයට යන්න දෙන්න තිබ්බේ, එහෙම මොකුත් කරගන්න බැරි හින්දනේ පිටරට ගිහිල්ලා හරි ජීවත් වෙන්න හදන්නේ. එහෙමත් යන්න දෙන්නේ නෑනේ....
හොරෙන් හදලා දෙන වීසා වලින් ලංකාවේ එයාර්පෝට් එකේ වැසිකිළිය තෙක්වත් දුර යන්න බැහැ, අහුවෙනවා. දැන් තාක්ෂණය ඉතා දියුණුයි. අදාල එම්බසිය ඇතුලෙන්ම හොර දත්ත වලට හදන ඒවා අවුලක් නැහැ. මම අහලා තියෙන විදියට මේවාට අධික මිලක් ගෙවන්න වෙනවා. ළඟදී මිලාන් ආව කුරුණෑගල මල්ලී කෙනෙක් ලක්ෂ විසිපහක් පමණ ගෙව්වලු. ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් කෙලින්ම පැරිස් ඇවිල්ලා යාළුවෝ සෙට් එකක් එක්ක කාර් එකේ මිලාන් ආවා. තව අවුරුදු කීපයකින් කෝටිපතියෙක්….