පොල් රා අතුරකට නැඟ රාත්‍රියේ හොරෙන් රා බ්වු දෙදෙනකුට ඇඳි වතද අහිමි වී ගෙදර යාමට සිදු වු පුවතක් බෙන්තර ගඟ අසල ගමකින් වාර්තා වේ.
තම ගස් වල රා හොරෙන් බොන පිරිසක් ගැන සෙවිල්ලෙන් සිටි අතුර හිමියා පොල් ගස අසල තිබු ඇඳුමි ගෙදර ගෙන ගොස් ඇත.
රා බී බිමට බට දෙදෙනාට ඇඳුම් නැතිව ගෙදර යන්නට සිදු වුයේ ඒ නිසා බවත් ඇඳුම් ගෙන යන ලෙස ඔවුනට පණිවිඩ යැවු නමුත් ඔවුන් නොපැමිණී බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයිනේ (නි)
ගහේ මුට්ටිවල තියෙන්නේ තෙලිජ්ජ. තෙලිජ්ජ රා වෙනකල් මුට්ටි ගහේ තියනවද?(අ)
ගෙදර මායියෝ දෙන්නාගෙන් හොදට කොහුපාර කන්න ඇති.ඇදුම් නැතුව එනකොට. (නි)
හෝ හෝ! මේ බෙන්තර ගඟ අසබඩ නේ. මේවා ඉතින් අහන්නත් දේවල්ද? පුදුමයක් නැහැ. ගඟෙන් එගොඩ අයියලාගේ වැඩ තමා (නි)
එල කිරි (අ)
කුමාරිහාමි දන්නා තරම? (නි)
රා මුට්ටියක් බෝනස් දෙනවා කිව්වා නම් ඇඳුම් ගෙනයාමට ඒවි (නි)
හොරෙන් රා බොන්න පොල්ගස් නගින්නේ ඇදුම් නැතුවද? මා එහෙම දෙයක් ඇසූ පළමු වතාව මේ. (නි)
කුමාරිහාමිගේ මොලේ තමයි මොලේ (නි)
හොඳ ඇදුම් ඇඳගෙන ගස් නගින්නේ නැහැනේ (නි)
රා ගස් හිමියා කරපු දඬුවම අහිංසක දෙයක්. කෙසේ නමුත් හොරෙන් රා බීපු අය දන්නවා තමන් කරපු හොරකම සියල්ලන් දන්නා බව (නි)
බෙන්තර ගගෙන් එහා නම් ඉතින් කියලා වැඩක් නැහැනේ (නි)
උපන් ඇඳුමෙන් පොල්ගස් නැග්ගා කියල හිතන්න බැහැ. අඩු ගානේ යට කලිසමක්වත් ඇදලා ඉන්න ඇති. මොනවා වුණත් සියරට දේ සිරිසැප දේ කියලා බොන්න ඇත්තේ. (නි)
ඊළග දවසේ උපන් ඇදුමින් ඇවිල්ලම රා බීලා යයි (නි)