ප්රංශ නාවික හමුදාවට අයත්, ‘ඇකොනිත්’ යුද නෞකාව පසුගිය දා කොළඹ වරායට සේන්දු විය. ප‍්‍රංශ යුද නැවක් නිල වශයෙන් මෙරටට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
‘ඇකොනිත්’ නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ගණන 160 කි. නෞකාව හෙලිකොප්ටර් අංගනයකින් සහ ‘පැන්තර්’ හෙලිකොප්ටරයකින් ද සමන්විතය. ඊට අමතරව, මිසයිල ආරක්ෂක පද්ධතියකින් ද සන්නද්ධය.
නෞකාවේ විශේෂත්වය නම්, රේඩාර්වලට හොරෙන් යාත‍්‍රා කිරීමට ඇති හැකියාවයි. රේඩාර්වලට හසු නොවන පරිදි නැංගුරම් ලා තැබීමට ද ඊට හැකි වෙයි. නෞකාවේ හැඩය ද සුවිශේෂීය. නැංගුරම් ඇත්තේ නැවේ පහළ පිටතට නොපෙනන ලෙසටය.
ඉන්දීය සාගරයේ ධීවර කටයුතුවලදී සහාය දැක්වීමට, මුහුදු කොල්ලකරුවන්ගෙන් එල්ල වන තර්ජන මැඬලීමට, සහන සේවා, දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී සහාය දීමට, මානුෂීය ආධාර ලබා දීමේ කටයුතුවලට සහ යුරෝපයේ සිට චීනය තෙක් දිවෙන මුහුදු මාර්ගවලට ආරක්ෂාව ලබා දීමට ප‍්‍රංශ නාවික හමුදාව ඕනෑම අවස්ථාවක සූදානම් යැයි නෞකාවේ කපිතාන් ලූතිනන් ලොරෙන් මැකාද් දෙ ගාමොන් මහතා කියා සිටී.
කොළඹ ප‍්‍රංශ තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් මාධ්‍යවේදීන් කණ්ඩායමකට ද ‘ඇකොනිත්’ යුද නෞකාව නැරැුඹීමට අවස්ථාවක් උදා විය. මෙරට ප‍්‍රංශ තානාපති ජෝන් මැරින් ෂූ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නැවේ විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැත්විණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔස්ට්‍රේලියාවට හොරෙන් මිනිස්සු ගෙනියන ජාවරම්කාරයින්ගෙන් ඕක පරිස්සම් කරගත්තොත් හොඳා. (ර)
ලංකාව ලෝක බල තරගයේ කෙලි බිමක් වේවිද (බ)
ප්‍රංස නිෂ්පාදන ලෝකයේ ඉහලම ප්‍රමිතියක සහ ඉහළම නවීන තාක්ෂණයෙන් සේදුම් ලද ඒවා , එකම දෙය ඒවායේ මිල අධික කමය , මේවා ගන්නේ ලෝකයේ මුදල් තියෙන ධනවත් රටවල් පමණි (ම)
මේකේ අයිතිකාරයා අපේ රටේ පරණ හෙළ දේශපාලුවෙක් වෙන්නත් බැරි නැහැ. (නි)
මේ වගේ නෞකාවක් කලාතුරකින් තමයි අපේ රටට එන්නේ.(හේ)
ලෝකයේ බලවත් රාජ්‍ය අතර තියෙන බල අරගලයකට අපි මැදිවෙලා කියලා තේරුම් ගන්න පුළුවන් කියෙන් කි දෙනාටද ?(හේ)
මෙහි අවදානම් පැත්තකුත් තියෙනවා. සතුරන් අතට මෙම තාක්ෂනය පත් වුනොත් එය මුළු ලෝකයටම තර්ජනයක් විය හැකිය. (බ)
දැන් දේශප්‍රේමින් කෑ ගහන්න එපා මෙන්න බටහිර ආක්‍රමණයක් කියල ,, ලැජ්ජා කරන්න එහෙම එපා අපේ රටට .(කෞ)
ප්‍රංශය කියන රට ලෝකයේ ඉතා නවීන න්‍යෂ්ටික අවි සාදන, චන්ද්‍රිකා ගුවන්ගත කරන ඔවුන්ගේම රොකට් තිබෙන, ඔවුන් විසින් නිෂ්පාදිත අධිතාක්ෂණ චන්ද්‍රිකා ක්‍රමයක් තිබෙන, යුධ තාක්ෂණයෙන් ලෝකයේ ඉතා ඉහළ රටක්. අපි වගේ රටක් එක්ක සම්බන්ධතා තියෙන එකත් ලොකු දෙයක් (නි)
ප්‍රන්සය නවීන තාක්ෂනය අතින් හුගක් දියුණු රටක්. (ර)