උතුරු විල්පත්තුවේ මොල්ලිකුලමේ හොරෙන් දැව කපා ජනෙල් උලුඅහු කැපූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය වනජීවී නිලධරයනට පහර දුන් බව කියන පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සැරසේ.
කපා තිබූ උලුඅහු 40ක් 50ක් පමණ වාහනයකින් ගෙන ඒමට සැරසෙද්දී කොට දමා පාර හරස් කර නිලධරයනට පහර දුන් බව ද පොලිසිය කියයි.
මෙම පිරිස හඳුනාගෙන ඇතැයි වනජීවී නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙන් හරි දේශපාලකයෙක් ඔතන නැත්නම් ඔහොම පහර දෙන්නත් ඒවිද ?අනේ වනජීවී මල්ලිලා, ඕක අල්ලලා දාලා පැත්තකට වෙලා ඉන්න (නි)
මීට වසර කිහිපයකට ඉහතදී පුත්තලම දිසා වන නිලධාරී කාර්යාලයට අනුයුක්තව වනාන්තර ආරක්ෂා කරන්න වන නිලධාරීන්ගේ සහයට රාජ්‍ය දැව සංස්ථාවෙන් නිලධාරීන් කණ්ඩායමක් පත් කරලා තිබුනා. එම කණ්ඩායමට යුධ හමුදාවෙන් ඉවත්වූ වයස අඩු කණ්ඩායමකුත් ඇතුලත් උනා. එම කාලේ වන අපරාධ වැටලීම් වලට හොඳ සහයක් ඔවුන්ගෙන් ලැබුනා. එම වකවානුවේ විල්පත්තුවේ එළුවන්කුලම ප්‍රදේශයේ සාර්ථක වැටලීම් බොහොමයක් කළා. සංස්ථා නිලධාරීන් 12 දෙනෙක් සහ වන නිලධාරීන් 6-7 දෙනෙක් ඉන්න නිසා ගහගන්න නම් කවුරුවත් ආවේ නැහැ. පැය 24 තුලම සාර්ථක ලෙස වැටලීම් කරන්නත් පුළුවන් උනා. ඒවගේ කණ්ඩායමක් නැවතත් පත් කලොත් වන ආරක්ෂණයට සිටින වන නිලධාරීන්ගේ රාජකාරියට විශාල රුකුලක් වේවි. දැනට අඩවි වන කාර්යාලයක සිටින වන නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් මදි නිසයි මෙම දේවල් සිද්ධ වෙන්නේ. (නදී)
පදිංචි කරා නම් ඉතින් දැන් විල්පත්තුවේ අවසානය (නදී)