ටිකට් නොමැතිව දුම්රියේ ගමන් කිරීමේ වරදට සහ තුන්වැනි පන්තියේ ටිකට්පත් දෙවැනි පන්තියේ මැදිරිවල ගමන් කිරීමේ වරදට මගීන් 58 දෙනකුගෙන් දඩ වශයෙන් රුපියල් 138195 ක් අද (03)අය කැර ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
කොල්ලුපිටිය හා පානදුර සිට කොටුව දක්වා අද (03) පෙරවරුවේ සිදු කළ සෝදිසියකදී මෙම මගී පිරිස අල්ලාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මොකටද මේ පළවැනි,දෙවැනි,තුන්වැනි කියලා දුම්රිය මැදිරි? කවුරුත් මිනිස්සුනේ.මම ඉන්න රටේ නම් නිශ්ශබ්ද මැදිරිය කියලා වෙනම ඒවා තිබෙනවා. නිවීසැනසිල්ලේ යන්න කැමති කෙනෙක් ඒකට නගිනවා. (නි)
දුම්රියකට මැදිරි වලට අමතරව ඩක්කු පෙළක් පහසුවෙන් ඇදගෙනන යන්න පුළුවන්.අමතරව ඉන්ධන වැය වෙනවා නම් ඒ ඉතා සුළු ප්‍රමාණයක්.අඩු ආදායමිකයන්ට නොමිලේ ඒවායේ ගමන් කිරීමට සළසනවා නම් ශ්‍රී ලංකාවේ නමට තිබෙන සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික යන කොටස ඉබේම සාක්ෂාත් වෙනවා නේද?උඩරට දුම්රිය වල එවැනි ඩක්කු වල දුම්රිය කම්කරුවන් ගෙන යනවා මම අතීතයේ දැක ඇත්තෙමි (නි)
දඩ ගහන්නමයි ඕනේ වරද්දනම් වැරැද්ද (දී)
චන්ද්‍රා,දන්නේ නැති හන්දයි අහන්නේ.ඔය රටේ කෝච්චි වල ලංකාවේ වගේ ඇඟට හේත්තුව දාන කට්ටිය එහෙමත් ඉන්නවද? (නි)
මේක හොර සල්ලි අච්චු ගහනවට වැඩ ලොකු වරදක් වගේ, ඇප නැත.(නදී)
මේ ප්‍රතිචාර කරන කට්ටියට තේරෙන්නේ නැද්ද මන්ද දෙවන පන්තියේ දෙගුණයක් සල්ලි ගෙවල යන්නේ මිනිස්සු පහසුවෙන් යන්න තුන් වන පන්තියේ ටිකට් අරගෙන දෙවන පන්තියට ගියාම අර දෙගුණයක් ගෙවල යන හරි දේ කරන මිනිහගේ අයිති වාසිකම ගැන ඒ මිනිහට වෙන අසාදාරණය පේන්නේ නැති හැටි. (නදී)
චමින්ද, ඔයා මම ඉන්න රටේම ඉන්නවා නම් තොරතුරු හොයාගන්න මගෙන්ම දැනගන්න ඕනෑ නැහැනේ. අනෙක මම මෙහි විස්තර දමන්නේ ප්‍රවෘත්තියක් ලෙස මිස කා එක්කවත් කා කොටා ගන්න නෙමෙයි. හිතාගන්නත් බැහැ ඔබ අදහස් ප්‍රකාශ කරන විදිය දෙස බලනවිට ඔය කියන රටේ ඉන්නවද කියලවත්. (නි)
අනේ මන්දා මේ රටේ මිනිස්සු හිතන හැටි නං පුදුමයි. මේක නීති විරෝධී වැඩක්. දඩ ගහන්න ඕනේ. නැක්නම් පෝලිම්වල පැය ගනන් ඉදලා ටිකට් අරන් යන අයට අසාදාරනයි. මේවා කරන්නේ මිනිස්සුන්ගේ නෙති බැරි කමට කියන්නේ නං බොරු.(නදී)
අනේ චන්ද්‍රා අක්කේ,අක්කා ඉන්න රටේම තමයි මම ඉන්නෙත්. "ගහ දන්නා අපිට කොළ කඩා පාන්න එපා " ඔය කියන නිශ්ශබ්ද මැදිරි තියෙන කොච්චි, මොන ප්‍රාන්තයේද ධාවනය වෙන්නේ ? (නි)
මමනම් කියන්නේ හැමදාම පරීක්ෂා කරන්න ඕනා. එතකොට හොරු ඔක්කොම අහුවෙනවා. මේ රටේ මිනිස්සුන්ගේ විනය හදන්න ඕනා ඔක්කොටම කලින්. විනයක් නෑති එක තමයි මේ රටට තියෙන ලොකුම අඩුව දෑන්. (නදී)
අපිත් ඉස්සර ඉස්කෝලේ යන කාලේ කෝච්චියේ හොරෙන් ගියා සුන්දර පාසල් මතකයන් ඒවා (දී)
මේ මිනිස්සු මේ හැමදේම කරන්නේ නැතිබැරිකමටනේ (නි)
වැරැද්ද පොඩි වුණත් ලොකු වුණත් වරද වරදමයි (නි)
සුලාරි, එතකොට 3 වෙනි පන්තියේ ටිකට් අරගෙන දෙවැනි පන්තියේ යන්නෙත් නැතිබැරිකමටද? (නි)
දුම්රිය වල තදබදය වැඩි නිසයි මිනිස්සු මෙහෙම කරන්න පෙළඹෙන්නේ (නි)
චන්ද්‍රා ,ඔයා ඉන්න රටේ අනිත් දුම්රිය මැදිරි හදුන්වන්නේ ගෝෂා මැදිරි කියලද ? අනේ මම ඉන්න රටේ දුම්රිය මැදිරි ඔක්කොම නිශ්ශබ්ද මැදිරි තමයි. කිසිම හාවක් හුවක් නැහැ මැදිරිය ඇතුලේ.(නදී)
එතකොට දෙවැනි පන්තියේ ටිකට් ගත් අයට අසාධාරණයක් වෙන්නෙ නැද්ද? (නි)
චමින්ද මම ඉන්න රටේ සුදු ජාතිකයන් බොහොම මිත්‍රශීලී උදවිය.ලෝකයේ ප්‍රීතිමත් ජාතීන් සිටින එක රටක් මේක.බකමුනෝ වගේ බුම්මගෙන නැහැ.ඕන කෙනෙක් එක්ක සිනවෙලා වචනයක් දෙකක් කතා කරනවා.සබද කරලා අනෙක් අයට බාධා කරන්නේ නැහැ.පොත්පත් කියවන,පරිගණක භාවිතා කරන,වැඩ ඇරිලා ටික්කක් විවේකය අවශ්‍ය කරන අයට කිසිම හාවක් හුවක් නැතිව යන්න තම නිශ්ශබ්ද මැදිරි තියෙන්නේ.මෙහෙ කව්රුත් ගෝශා කරන්නේ නැහැ.දෙගොල්ල දෙගොල්ලන්ට බාදාවක් නොවන පරිදි යන්න තමා හදල තියෙන්නේ.යාලුවෝ කට්ටියකට සිනා නොවී කතා නොකර නිහඩ මැදිරියක යන්න බැහැනේ.වෙලාවේ හැටියට තම කැමති එකක් තෝරාගන්නවා. (දී)
මීට දශක තුනකට පමණ පෙර " සමුද්‍ර දේවි "දුම්රියේ දිනපතා ගමන් කළා කිසිදා ටිකට් නොගෙන ගමන් කරන කණ්ඩායමක්. අවුරුදු ගානක් දිනපතා රැකියාවට කොළඹ පැමිණියත් ඔවුන් ටිකත් ගත්තේ නැහැ. ඒ වගේම කිසිදා "සමුද්‍ර දේවියේ" ටිකට් පරික්ෂා කළේ නැහැ.ඒ වාගේම ටිකට් නොගෙන ගමන් කරන්නන් කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන වලින් නිරුපද්‍රිතව එළියට යාමට ක්‍රම සහ විධි සාදාගෙන තිබේ. සමුද්‍රයේ එම ක්‍රමවේදය අදටත් ක්‍රියාවට නැංවෙනවාදැයි නොදනිමි.[මම මේ කණ්ඩායමට ඇතුළත් නොවෙමි. නමුත් විස්තර දනිමි] (නි)