නීතිවිරෝධී ලෙස යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහගනිමින් සිටිය දී අත්අඩංගුවට ගත් 157 දෙනකුගෙන් යුතු සංක්‍රමණිකයන් පිරිස ඕස්ට්‍රේලියාවේ කර්ටින් නගරයේ සිට නාඋරු දූපතට මාරුකැර යැවූ බව එරට රජය ප්‍රකාශ කරයි. මේ පිරිස අතර කුඩා ළමයි 50 ක් සිටිති.
ඕස්ට්‍රේලියාවේ ආගමන විගමන කටයුතු අමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ මේ සංක්‍රමණිකයන් ඉන්දියාවේ පොන්ඩිචෙරි සිට ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවට පැමිණ සිටින බවයි. ඔවුන් ඉන්දීය ජාතිකයන් ලෙස සැකයක් පවතින බැවින් ඕස්ට්‍රේලියාවේ සිටින ඉන්දීය නීතීඥයන් හමුවීමට අවස්ථාව ලබා දුන්න ද එය ප්‍රතික්ෂේප කර ඇතැයි ද ඒ හේතුවෙන් ඉන්දියාවට යැවිය නොහැකියැයි ද අමාත්‍ය මොරිසන් පවසයි.
ඕස්ට්‍රේලියා රජය පවසන්නේ ඔවුන් සරණාගතයන් බව තහවුරුවන්නේ නම් පමණක් නාවුරු දූපතේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙන බවයි. නැතිනම් ඔවුන්ට ශ්‍රී ලංකාවට යාමට සිදුවන බව ද මොරිසන් නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නුවුරු දුපත ආර්ථික සංක්‍රමණය කරුවන් වෙනුවෙන් වෙන් කර තිබෙන්නේ. ඔවුන් දේශපාලන සරණාගතයන් හැටියට ලෝකයට පෙන්වන හෙයිනි. ඔවුන් සැබෑ සරණාගතයන් නම් මෙම දුපතේ සතුටින් ජිවත් විය හැක. කිසි බියක් නොමැතිව , එය එසේ නොවේ නම් ආපසු තම රටට සත්‍ය පවසා පැමිණිය හැක (නදී)
මොවුන් ඉන්දියන් ජාතිකයන් නොවේ. මොවුන් ශ්‍රී ලාංකිකයන්. බෝට්ටුව පිටත් වුනේ ඉන්දියාවේ සිටයි. ඒකයි මේ දෙපැත්තට ඇදෙන්නේ. (නදී)
ජය ලලිතා ලගට යවන්න තියෙන්නේ (නදී)
මේ උදවිය සරණාගත ලේබලය ගහගෙන ලංකාව ගැන බොරු කියාගෙන මෙහෙ ඇවිත් කරන කියන නොපනත් වැඩ ගැන කතා කරන්න යන අනෙකුත් ලාංකිකයන්ට කුහකයන් යයි නම් පට බැඳුනා. ඔය අනුකම්පා කරන අයට පුළුවන් මේ ගොල්ලන්ව තම තමන්ගේ ගෙවල් වල නවත්තා ගන්න. ටික දවසකින් තේරේවි අපි කිව්වේ මොකද්ද කියලා. (නදී)
පියුමි, දැන් ලංකාවෙන් විසා රහිතව ඕස්ට්‍රේලියා යන කට්ටියට ආරක්ෂක කටයුතු තර කර ඇති නිසා ලංකාවෙන් බෝට්ටු වල නැගිලා යන්න අමාරුයි. අලුත්ම උප්පරවැට්ටිය තමයි ලංකාවෙන් ඉන්දියාවට ගිහිල්ල එතනින් බෝට්ටු වලට නගින එක. එහෙම කල කට්ටියක් තමයි මේ . මේ උදවිය ආර්ථික සරණාගතයන් කියලා දැන් අඳුනාගෙන තියෙන්නේ. (නදී)
ඉන්දියානු ජාතිකයෝ ලංකාවට එවන්නේ ඇයි. පිස්සුද? (දී)