IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හොරෙන් ගෙනා පක්ෂින් -ඖෂධ සමඟ තුනක් දැලේ

( රොමේෂ් මධූෂංක)

ඉන්දියාවේ සිට මුහුදු මර්ගයෙන් තලෙයිමන්නාරමට නීතිවිරෝධීව රහසින් රැගෙන එන ලද විවිධ වර්ගයේ පක්ෂීන්, සතුන් සහ විවිධ වර්ගයේ ඖෂධ තොගයක් සමගින් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (05) දින අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය පැවසීය.

උතුරු මැද නාවික විධානයට ලැබුනු තොරතුරකට අනුව නවික හමුදා නිලධාරීන් සහ මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් ඒකබද්දව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාල සැකකරුවන් විසින් සැකකටයුතු කුඩ ලොරි රථයක් ධාවනය කරමින් සිටියදී එය නවතා සිදුකරන ලද සෝදිසියකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.

එහිදී ලොරි රථය සෝදිසි කිරීමේදී එහි තිබූ කූඩු කිහිපයක ඉන්දියාවට අවේනික පරවියන් 220 ක්, අප්‍රිකානු ලව් බර්ඩ්ස් නමින් හැඳීන්වෙන කුරුල්ලන් 20 ක් , විශේෂිත වර්ගයක් ලේනුන් 08, ඖෂධ පෙති වර්ග සහ ඖෂධ ද්‍රව ඇතුලත් බෝතල් තොගයක්ද සමගින් ලොර රථය සහ එහි සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙලි වී ඇත්තේ ඉන්දියාවේ සිට මුහුදු මර්ගයෙන් අදාල පක්ෂීන්, සතුන් සහ බෙහෙත් වර්ග තලෙයිමන්නාරමට රැගෙන ඒමෙන් පසුව දිවයිනේ විවිධ ප්‍රදේශවලට රැගෙන ගොස් අධික මිළ ගණණ්වලට විකිණීමට සැලසුම් කොට තිබූ බවටය. අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ සහ දඹූල්ල ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 25 ත් 40 ත් යන වයස්වල පසුවන්නෝ වෙති.



අදහස් (0)

හොරෙන් ගෙනා පක්ෂින් -ඖෂධ සමඟ තුනක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site