හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (3) බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
රජයේ මුදල් අවභාවිත කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීම් ලෙස හැඳින්වීමට උත්සාහ කරන්නේ පසුගිය කාලයේදී මහජන මුදල් සොරකම් කළ සහ ඉදිරි කාලයේදී මහජන මුදල් සොරකම් කිරීමට බලාපොරොත්තු පාර්ශවයන් බව ද දිසානායක මහතා කීවේය.
රාජපක්ෂ ආණ්ඩුව රට පාලනය කළ කාලය සළකා බැලුවහොත් සැබෑ දේශපාලන පළිගැනීම් මොනවාදැයි බලාගත හැකි බවද ඔහු කීවේය.
මහජන මුදල් වංචා කිරීම හේතුවෙන් එෆ්සීඅයිඩියේ ප්‍රශ්න කිරීමට ලක්විය යුතු මැති ඇමැතිවරුන් එය අහෝසි කළ යුතු යැයි කියමින් සිටින බවද දිසානායක මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර ඔබ වෙනුවෙන් එකම අදහසක් වත් නැහැ, ඉතින් ඔබ පරදින එක අහන්නත් දෙයක්ද?(හේ)
මෙන්න මෙයා තීන්දුවත් දීලා දඬුවමත් නියම කරලා අනිත් නඩුත් අහන්න පටන් අරන් (ම)
ගෙවල් කොල්ල කාපු හැටි අමතක කරලා අනුන්නට ඇගිල්ල දික්කරනවා ඇගිලි හතරක් තමන්ගේ දිහාවට තියෙන්නේ (බ)
87,88,89 මිනි මරපු රජයේ දේපොළ විනාශ කරපු අයටත් දඩුවන් දෙන්ඩ ඕන. විදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්නේ බලාගෙන. (බ)
මෙයා කියන ඒවා කවුද අනේ ගණන් ගන්නේ (බ)
88 සහ 89 කාලවල පුරුද්දට තමයි හිතන්නේ ඔය බොරුවට පම්පෝරි ගැහුවට කිසිම මිනිහෙක් ගණන් ගන්නේ නැති කෙනෙක් (බ)
අනේ අනුර කුමාර අමතකද ජේවීපී කාලයේ මිනිමැරුව හැටි රජයේ දේපල විනාශ කළහැටි මේවට දඩුවම් දෙන්න ඕනද මහින්ද රාජපක්ෂ ගෙන් පළිගන්න එක අත හැරියනම් හොඳයි (බ)
ඇස ලොකු කරගෙන කියන ඒවා දැන් මිනිස්සු අහන්නේ නැහැ .රතු අලි පැටව් වරෙව්කෝ ඡන්දෙ ඉල්ලගෙන . ගන්නේ කොස්ස (බ)
පුංචි අම්මව බිරිඳ කර ගැනීම අශීලාචාර කමක් නොවේ. (බ)
හා පළිගැනීමක් නොවේනම් පිළිගැනීමක්ද (බ)
මුළු රටම විනාශ කරලා ගෙවල් මංකොල්ල කාපුවා මතක නැද්ද? (බ)
මොවුන් රටට කරපු අපරාධය හරියට මැරිලා ඉපදිලා වගෙයි කතාව. (බ)
අායේ කටට පන ඇවිල්ල වගේ. (බ)
මෙන්න මේ ටික හින්ද අපිට 88-89 කාලේ විභාහගේවත් කරගන්න බැරි වුණා හරියට. පරණ දේවල් අමතක වෙලා. බොරුවට උඩ බුරුලන නරි රැලක්. (අ)
ඔව් ඒ කතාව හරියටම හරි.(හේ)
හොරු කියලා වැරැදි නොකරපු අය අල්ලන එකයි වැරැද්ද?(හේ)
බොහොම හරි (නි)
අනේ අනේ අපි නොදන්නා කටින් බතල කොළ හිටවීම්.... (නි)
රටට, ජනතාවට ඇත්තටම ආදරය කරන යුගයේ ජනතා නායකයා. ජය වේවා! (නි)
අනුර, ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බයවෙන්න දෙයක් නැහැ (නි)
හොරු අල්ලන් ඕනේ සාක්කිත් එක්ක.(හේ)