
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 11 වැනිදා පැවැත්වූ පෙළපාලියක් හා එහිදී කළහකාරී ලෙස හැසිරීමේ සිද්දිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු ඇමැතිවරයා අද(20) උදෑසන බදුල්ල පොලීසියට ගොස් තිබිණි.
ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලීසිය කියයි. හිටපු ඇමැතිවරයා බදුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
( ප්‍රසන්න පද්මසිරි)
මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිට ගොස් තිබේ.
හිටපු ඇමැතිවරයා ආධාරකරුවන් පිරිසක් සමඟ අත්පත්‍රිකා බෙදා හරිමින් රතිඤ්ඤා දල්වමින් පෙළපාළියේ ගමන් කරමින් සිටියදී ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත පසුගිය 11 වැනිදා මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානය සහ බදුල්ල පොලිසිය මගින් පෙළපාලිය විසුරුවා හරිනු ලැබීය.
එහිදී හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ පොලිස් නිලධාරින් අතර ඇතිවූ සංවාදයක් හේතුවෙන් එහි නොසන්සුන් තත්වයක්ද ඇතිවී තිබිණි. හිටපු ඇමැතිවරයා ඇද සිටි ටී ෂර්ටය පවා ගලා දමමින් එම අවස්ථාවේ නොසන්සුන් අයුරින් හැසිරෙනු දකින්නට ලැබිණි.
මේ වන විට හරීන් ප්‍රනාන්දු මහතාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නා කාලයේ සිට වැරැදිම කරපු නිසා සහ ඒවාට කවදාවත් දඬුවම් නොලැබුණු නිසා මොවුන්ව හදන්නම බෑ. දැන් පිස්සු වැටිලා ඉන්නේ අන්ත පරාජය ඉදිරියේ...!
වැඩිහිටියන් දොස්කියනවා අනිවාර්යයෙන්ම දෙමාපියන් හොඳින් හදන්න ඇති ඒ අයගෙත් නම කැත කරනවා. දැන් හරි පාඩමක් ඉගෙන ගන්න මැති ඇමැති කොයි කවුරු වුවත් ශිෂ්ඨ සම්පන්නව ජීවත්විය යුතු බව ඉගෙන ගන්න. පාඩමක් කරගන්න....
මාමණ්ඩියා කිව්ව විදියටම මී හරකෙක් කියලා ඔප්පු කරලා පෙන්නුවා...!
වීඩියෝ සාක්ෂි මදි, ප්‍රකාශෙකුත් ඕනෑමයි මෙතුමාගෙන්... සාමාන්‍ය කෙනෙක් නම්, මෙලහට පොලිසියේ දොස්තරලා ඒ පුද්ගලයාගේ අස්ථිවල ශක්තිය බලනවා.
හරකුන්ටත් මද කිපෙනවා කියන්නේ, මෙන්න මේ වගේ දේවල් වලට තමයි. අයිස් වලට කරන්නේ මොනවාද, වෙන්නේ මොනවාද කියලා හිතාගන්නත් බැරුව ඇති...
දේශපාලන චණ්ඩි, ඇතුලේම තියන්න ඕනෑ මිනිස්සු...
ලංකාවත් ඉරානෙ වගේ. ප්‍රසිද්ධ ස්ථානයක අර්ධ නිරුවත්ව සිටියාට මේ අහිංසකයාව අත්අඩංගුවට අරන්...
නීතිය කාටත් පොදු බව අමතක කෙරුව හාදයින්ට ඒක මතක් කරලාම දෙන්න වෙනවා....
මේ අයගේ පාලනය තිබ්බ කාලේ ඒ ගොල්ලන්ගේ පක්ෂේ අයට මේවා සිම්පල් වැඩ. රණ්ඩු කරන්න ගහගන්න පහරදෙන්න ඔය ඕනෑ එකක් කරගනිල්ලා කියලා තමයි එදා හිටපු මහා ලොක්කා අහක බලන් උන්නේ. හැබැයි දැන් ඉතින් නීතියට අනුව වැඩ වෙන්න ඕනෑ. වරදක් කරලා නම් තියෙන්නේ අදාළ දඬුවම ලැබෙන්න ඕනි.
හරිම සතුටුයි..
මේවා දේශපාලන පළිගැනීම්ම කියන්න බෑ... මහරියටම රටේ නීතියක් තිබේ නම්, මේ වගේ වැඩ කරන්න බෑ. මේ මිනිස්සු කවුරුත් පිටරටක හිටියා නම් ඔහොම විකාර වැඩ කරයිද?
මැතිවරණ කාලේ මේ වගේ දෙවල් බොහෝම සුළු දේවල්. එහෙම නම් අරගලය කාලේ පාර්ලිමේන්තුව ගිනි තියන්න මිනිස්සුන්ව කුලප්පු මාලිමාවේ නායකයෝ ඉන්න ඕනේ වැලිකඩ. කමක් නෑ ඔහොම යං. මේ යන විදියට මේ ආණ්ඩුවටත් වැඩි ආයුෂ නෑ.
මේක සුවිපින් කේස් එකක්නේ...!
ඒ වුණාට මම දැක්කා එදා 15 වැනිදා හවස පුත්තලම මාලිමාවේ විශාල රථ පෙලපාලියක් ගියා. ඡන්දේ දිනපු නිසා අපි අනුරාධපුර සිට ආපු බස් එක එතැන විනාඩි 45 කට වඩා හිර වුණා.. පෙලපාලි තහනම් නම් මේක පෙලපාලියක් නොවෙන්න ඕනෑ.. මොකද පොලීසියෙන්ද ඔහේ බලාගෙන හිටියා විතරයි... නීතිය තාමත් සමාන නැහැ.
මේ දේශපාලන පලි ගැනීම් නෙමෙයි. එහෙනම් අරගලය දවස් වල පාර්ලිමේන්තුව ගිනි තියන්න හදපු අපේ සහොදරයෝ තාම ඇතුළේ...
දේශපාලන තදියම පටන් අරන්...
දැන් ඉන්න පොලිස් ඇමැති, ආනන්ද විජේපාලගේ තවත් විජ්ජාවක්...! ආනන්ද විජේපාල දිවුරුම් දෙනකොට ඒත් මම බැලුවා, කවුද මේ දැකලා පුරුදු ඩයල් එක කියලා. පස්සේ මතක්වුණා, මේ ඒ දවස්වල වහිනකොට තඹුත්තේගම අනුරට කුඩය අල්ලපු පොර නේද කියලා...! මම ඒ දවස්වල හිතුවේ මෙයා, පොලිසියේ PC රාලහාමි කෙනෙක් කියලා...! දැන් පොලිසිය බාර ඇමැති ! කොහොමද ගොට්ට ඇල්ලීමක රඟ...?