හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග චෝදනා විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව අහෝසි කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රීට් ආඥාව අහෝසි කරන්නැයි ඉල්ලා නීතිපති ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන විජිත හේරත් සහ ආර් සම්බන්දන් මහත්වරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර දුන්නේය.
එසේ කළේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසුවය.
මෙම පෙත්සම සලීම් මර්සුක්, පී ඒ රත්නායක, සත්‍ය හෙට්ටිගේ, ඊවා වනසුන්දර, රෝහිණී මාරසිංහ යන මහත්ම මහත්මීගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලෙයි.
පෙත්සම ජුනි 10 වැනි දින මෙම විනිසුරු මඩුල්ල හමුවේ කැදවන ලෙස ද නියෝග කැරිණි.
අද පෙත්සම කැඳවූ අවස්ථාවේ දී විජිත හේරත් සහ ආර් සම්බන්දන් මන්ත්‍රීවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කියා සිටියේ මේ පෙත්සම විභායට ගැනීමට අවසර දුන් බව දැනගනු ලැබුවේ ජනමාධ්‍ය මගින් බවත්, සම්බන්දන් මන්ත්‍රීවරයාට නොතීසි නොලැබුණ බවත් විජිත හේරත් මන්ත්‍රීවරයාට පෙත්සමේ ශීර්ෂය පමණක් ලැබුණු බවත්ය.
මේ අනුව පෙත්සම සම්බන්ධයෙන් තමන්ට කරුණු දැක්වීමට අවස්ථාවක් නොදී පෙත්සම විභාගයට අවසර ලබා දීම ස්වභාව යුක්ති මූල ධර්මයට පටහැනි බැවින් පෙත්සම විභාගයට ගැනීමට ලබා දුන් නියෝගය අහෝසි කිරීමට නියෝග කරන්නැයි ද ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණය දෙකඩ වුනාට අපි දෙන්නා එකතු වුණා. කාටද ආඩම්බර? (නි)
ඒක හොදයි
මේ ගැන තිබුණු විශ්වාසයත් මිනිස්සුන්ට නැතිවෙලා දැන් (නි)
මොනවාද මේ වෙන්නේ (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. 'දෙපැත්තම අසනු' යන ලොව පිළිගත් අංක එකේ ස්වාභාවික යුක්ති මුලධර්මය කඩකරමින් යුක්තිය පසිඳලිය හැකිද? (නි)
අදිකරණය දෙකඩ වුනා මේ තීරණ නිසා.(නදී)
මට නිකන් පිස්සු වගෙයි
අමිල ඔයා අධිකරණ ඇමතිද අධිකරණය දෙකඩ වුනා කියන්න? (නි)
අන්න හොද වැඩක්