‘අපි ජාතියක් ලෙස කනගාටුවෙන්න ඕනෑ. අපි ලෝකයේ දැනුම වෙළෙඳපොළ ජයගන්න ඕනෑ. දැනුම බුද්ධිය වර්ධනය වූ පිරිසක් ජාත්‍යන්තර වෙළෙඳපොළට අපි යැවිය යුතුයි. ඒ තමයි රටක ගෞරවය වෙන්නේ. අපේ රටේ ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, විද්‍යාඥයින් ආදී විවිධ ක්ෂේත‍්‍ර වල ප‍්‍රවීණයින් දක්ෂයින් ලෝකයේ වෙනත් රටවල රැකියාවන් කර මෙරටට මුදල් එවනවා නම් ඒක අපිට ගෞරවයක්‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (26) හෝමාගම - පිටිපන ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේ පීඨ තුනකින් සමන්විත හරිත සරසවිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.
අක්කර 20ක භූමියක රුපියල් බිලියන 10ක මුදලක් වැය කර සෑදූ හරිත විශ්ව විද්‍යාලය අද ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු රැසකගේ සහභාගිත්වයෙන් විවෘත කිරීම සිදු කැරිණි.
‘හරිත විශ්වවිද්‍යාලය මේ රටේ අධ්‍යාපනයේ පරිවර්තනයක්. විප්ලවයක්. නව ගමනක ආරම්භයක් සහ ප‍්‍රවේශයක් වෙනවා. මේ ආයතනය ආරම්භ කිරීම පිළිබ`දව සතුටු වෙන්නේ මේ රටේ උගත් තරුණ පරපුරේ දරුවන්. අපේ රටේ ප‍්‍රාථමික අධ්‍යාපනයට වාර්ෂිකව පළමු වසර සඳහා දරුවන් තුන් ලක්ෂ පනස්දාහක්, හැත්තෑ පන්දාහක් පමණ ඇතුළත් වෙනවා. වාර්ෂිකව උසස් පෙළ සමතුන් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබනවා එක් ලක්ෂ පනස්දාහකට ආසන්න පිරිසක්. නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ ඉඩකඩ සහ පහසුකම් තිබෙන්නේ එක්ලක්ෂ පනස්දාහෙන් විසිහත්දාහක් වැනි සංඛ්‍යාවකටයි. අද ඇති හැකි අය පමණක් නොවේ නැති බැරි පවුල් වල දරුවනුත් දෙමාව්පියන් විසින් තම ඉඩම් විකුණා, කුඹුර උකස් තබා, ගේ විකුණා, රත‍්‍රං බඩු ටික බැංකුවේ තබා තම දරුවන්ව පිටරට යවනවා. විදේශ සංචාර වලදී අපේ දරුවන් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල වලට මම ගිහින් තිබෙනවා. ඒ දරුවන් සමග මා කතා කර තිබෙනවා. ඒ දරුවන්ගේ පවුල් පසුබිම් සහ තොරතුරු කතා කර තිබෙනවා. ඇති හැකි අය මෙන්ම නැති බැරි දරුවන් වාර්ෂිකව හැත්තෑපන්දාහකට ආසන්න සංඛ්‍යාවක් පිටරට යනවා. එසේ ගොස් ආපසු එන සමහර දරුවන් අපේ සංස්කෘතියට, අපේ දේශීයත්වයට නුහුරු නුපුරුදු දරවෙකු ලෙසයි එන්නේ‘ යැයි ද ජනපති එහිදී පැවසීය.
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙගොල්ලොම එකතුවෙලා මේ අය රට හදන තැනට ගෙනාවොත් මුළු ලංකාවම බබළවන්න පුළුවන් හරිත පාටට. (නි)
අපේ රටේ පාලකයන්ට හොරකම් කරන්න ඕනෑතරම් සල්ලි තියෙනවා. මේවට තමා සල්ලි නැත්තේ. ඔය මහා බැංකුවේ වංචාවට එක අවුරුද්දකට ගෙවන පොළියෙන් පුළුවන් මේ වගේ විශ්ව විද්‍යාල 5 ක් හදන්න (නි)
ලැජ්ජාවක් නැහැ කිසිම දේශපාලකයෙකුට, අහිංසක දුප්පත් මිනිස්සු රවට්ටනවා (නි)
මේක රජයේ එකක් නම්, මොකද අන්තරේ මේකට එරෙහිව බෝඩ් උස්සාගෙන ඉන්නේ කොටුවේ? (නි)
රාජා, ශ්‍රී ලංකාව මෙපමණ වේගයකින් දියුණු වෙමින් පවතින්නේ මක්නිසාද කියා ඔබට නොතේරුනාට අපිට තේරෙනවා (නි)
අපි ජාතියක් ලෙස කණගාටුවෙන්න ඕනෑ අපේ රට ඉන්දියාවට බිලිදෙන එක ගැන. අපිව මේ මහා ඛේදවාචකයෙන් බේරාගන්න කෙනෙක් නැද්ද. (නි)
මොකක්ද මේ අළුත් සරසවිය? (නි)
රජයේ මුදලින් හදලා උපාධියට සලලි ගන්න එක වැරදියි. අධ්‍යාපනය අයිතියක්. ඒක සල්ලි මත තීරණය කරන එක තමයි ප්‍රශ්නය (නි)
හරිතපාලුවොත් මේකට ඇවිල්ලානේ.
මේ කඩාකප්පල් කාරී අන්තරෙත් එක්ක මේවා කොහොම කරන්නද ? (බ)
නිරේෂ්, අප්පච්චිගේ සිංහල අපට තිබුන ලෙංගතුකම දන්නා අයට තාමත් අප්පච්චි නැතුව බැහැ. (නි)
මේකත් ගිය ආණ්ඩුවෙන් පටන්ගෙන ගොඩක් වැඩ ඉවරකරලා තිබ්බ ව්‍යාපෘතියක්. පහුගිය කාලේ ඇද ඇද ඉඳල දැන් විවෘත කරනවා. හරියට අර ඉස්කෝලවල හදපු විද්‍යාගාර ගොඩනැගිලි වගේ. හැමදාම බොරුව තමා. 7% පොලිය වැඩී කියල කෑගහල දැන් 14% පොලියට මාමලට බානලට බිලියන ගණන් හම්බු කරගන්න දෙනවා. 90% ගසා කෑවා කියපු විකෘති වලට දැන් ඒ වගේ දෙගුණයක් වියදම් කරනවා.(බ)
යහපාලනයෙන් බලාපොරොත්තු වුණ වෙනස මේක තමා (බ)
සමන් කියන කතාව හරියට හරි...(හේ)
සමන් ඔයාට හුඟක් පින්. නියම සත්‍ය හරියටම කියලා තියෙනවා (බ)
කවුරු මොනවා විවෘත කළත් මහින්ද නාමය ඒවායේ පසුබිමේ සටහන්ව පවතී (බ)
සමන් නිකන් බොරු දෙසන්න එපා. එන්එස්බීඑම් කියන්නේ පුද්ගලික ආයතනයක්. මේකට ආණ්ඩුවෙන් සල්ලි දුන්නේ නෑ. පටන් ගත්තු දවසේ ඉඳන් එකම විදිහට වැඩ ගියා (බ)
දැනුම බුද්ධිය වර්ධනය වූ පිරිසක් ජාත්‍යන්තර වෙළෙඳපොළට අපි යැවිය යුතු නම් හලෝ මොකටද ඉන්දියාවේ අයි ටී කට්ටිය එට්කා ගිවිසුම මගින් ලංකාවට ගෙන්වන්න හදන්නේ? එතකොට අපේ ළමයින්ට මොකද වෙන්නේ (බ)
ගයාන් පසුබිමෙහි නෙවෙයි පසුම්බියේ වචනේ මාරුවෙලාද. ඒගොල්ලෝ එ්ක පුරවා ගත්ත එක අමතක වුනාද (බ)
සමන්, ගයාන්, ඔබලා වැනි අැත්ත දකින මිනිස්සු ඉඳිම මහත් සතුටක් (බ)
සමන් කරුණු දන්නේ නැතුව බොරු දෙසන්න එපා. එන්එස්බීඑම් කියන්නේ පුද්ගලික ආයතනයක්. මේක හදන්න ආණ්ඩුවෙන් සල්ලි දුන්නේ නෑ. (බ)
මෙම විවෘත කිරීමේ ජායරුපයේ සමහර අයගේ අතේ කතුරත් නැහැ රිබන් පටිය කපන්න. නමුත් ඇඟිල්ල ලංකරගෙන ඉන්නේ. එසේ කරන්නේ ආසාවටද ? (බ)
මේ වාගේ ව්‍යාපෘති රටට අවශ්‍යයි. නැත්නම් අපේ සල්ලි පිටරටට ඇදෙනවා (ම)
සමන්, අජිත්, ගයාන් ගිය ආණ්ඩුවේ අයත් ඊට කලින් ආණ්ඩුවේ ව්‍යාපෘති විවෘත කළා. කාගේවත් පුද්ගලික මුදල්වලින් කරපුව නොවෙන නිසා පවතින රජයේ ප්‍රධානින් විවෘත කළාට කිසි ප්‍රශ්නයක් නැහැ.(බ)
මේ ආණ්ඩුව දැන් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ... අගමැති තුමා ළඟ ඉදන් ගොඩක් අය හොරකම් තමා කරන්නේ (බ)
කවුරු පටන්ගත්තුව කවුරු විවෘත කළත් කමක් නැහැ. අඩුම ගානේ සදාචාරසම්පන්නව වැදගත් විදිහට ඒවා කරනවානම්. ඒත් මෙයාලා කරන්නේ උදේ ඉදන් රෑ වෙනකන් මහින්දගේ හොරකම් ගැන රටේ නැති බොරු කිය කියා මේ වගේ දැවැන්ත ව්‍යාපෘති මෙයාල ගිහින් විවෘත කරන්න යනවා. හොරා කෑවනම් එහෙම කරලත් ඒ මනුස්සයා රටට යමක් කළා. (බ)
මේක පුද්ගලික වැඩක්. දේශපාලන ඇසින් බලා කාටවත් ලකුණු දෙන්න හදන්න එපා (ම)
මොන රජයක් වුනත් වියදම් කරන්නෙ මහජනතාවගෙ බදු මුදල්. අධිවෙිගී මාර්ග මහින්ද මහත්මය විවෘත කළාට පටන් ගත්තෙ එ.ජා.ප. රජය කාලෙදි. මේකත් ඒ වගේ තමයි. මොන ජනාධිපතිවත් ගෙදරින් ගෙනැල්ල වියදම් කළේ නෑ. (බ)
මහින්දගේ දුරදක්නා නුවණ සහ නොසැලෙන අධිෂ්ඨානය නිසා ඉදිවුණු තවත් ව්‍යාපෘතියක්. (බ)
මේ රුප දකිනකොට පුදුම වේදනාවක් දැනෙනවා. මේ රටේ දියුණුව ආපස්සට ගිය ඉක්මන. (බ)
දැන් එතකොට කලින් ආණ්ඩු පටන් ගත්ත ව්‍යාපෘති මහින්දගේ ආණ්ඩුවෙන් ඉවර කරලා, ඒගොල්ලෝම විවෘත කරලා නැද්ද.? (බ)
කවුරු පටන් ගත්තත් කවුරු අවසාන කළත් කමක් නැහැ මේක ඉතාම හොඳ වැඩක්, අද බලන්න ඉන්දියාව කරන්නේ මොකක්ද හැම ප්‍රාන්තයකම පුද්ගලික වෛද්‍ය විද්‍යාල, විශ්ව විද්‍යාල,මුළු ලෝකෙටම වෘත්තිකයන් සපයනවා, විශාල මුදල් කන්දරාවක් රටට එනවා. (බ)
අරුණ, මුල් ගල් තියන්ඩ, සංකල්ප ඉදිරිපත් කරන්ඩ ඕන ගොනෙකුට පුළුවන්. හැබැයි කකුලෙන් අදින අයගෙන් බේරිලා ඒවා යථාර්ථයක් කරගන්න එක තමයි හපන්කම. පොඩ්ඩක් වටපිට බලන්ඩ. සාම්පුර් වලට මොකද වුනේ, සියලු සැලසුම් කරලා තිබුණු අධි වේග මාර්ග වලට මොකද වුනේ කියල. (බ)
දැන් අර අහිංසක දුප්පත් කොල්ලෝ ටික කොළඹ කොටුවේ දුක් විඳිනවා,කඩාකප්පල්කාරී දේශපාලකයන්ගේ අතකොලු බවට පත් වී. විශ්ව විද්‍යාලයට තේරී පත් වූ පමණින් මොවුන්ට යථාර්ථය තේරුම් ගැනීම නොහැක. (බ)
මේක ආණ්ඩුවේ සල්ලි වලින් හදපු එකක් නෙමේ . එන්.එස්.බී.මේ කියන්නේ පුද්ගලික ආයතනයක නිකන් බොරු ලියන්න එපා . මම මෙයට සන්බන්ද වූ කෙනෙක් (අ)
දිනේෂ් සිරිසේන මයාට කියනවා ඇත්තේ ,අපවිත්‍රවූ ඔබගේ දෑතින් මාව අල්ලන්න එපා කියල වෙන්න ඇති (බ)
කවුරු මොනවා කීවත් මේ රජයට ඉදිරි දැක්මක් තියනවා. ගිය ආණ්ඩුව පටන්ගත් එක ව්‍යාපෘතියක් සාර්ථක වුණද? රට ණය සාගරයක ගිල්වලා ඉක්ක්මනට බේරිලා යන්න ගියා. ඔන්න අයෙත් එන්න දගලනවා. රනිල් කෘතහස්ස්ත නායකයෙක්, ඔහුගේ මොලයෙන් හරියට වැඩ ගත්තොත්, අපේ රට සිංගප්පුරුවට නොදෙවෙනි වේවි. එය සිදුවෙන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. (අ)
අර මුල් ගලේ කොටලා තියෙන්නේ කාගේ නම්ද ? (අ)
අනේ සුගත් ඔහොම කියන්න එපා ඉන්දියාව නිසා අපට වෙලා තිබෙන නස්පැත්තිය ගැන හොඳට සොයා බලන්න.ඉදිරියේදී අපේ ළමයින්ට අයි ටී රැකියාවත් නැතුව යනවා. එකත් ඉන්දියානුවන්ට යනවා. (අ)
අපි ජාතියක් ලෙස කනගාටුවෙන්න ඕනේ ඉන්දියාව අපිව ගොනාට ඇඳගෙන ඉදිරියේදී අපේ රැකියාවන් ටික ඔවුන් ගන්නවට, (අ)
පණ්ඩිත කම් නම් කියවන්න දන්නවා සමන් (අ)
බෝඩ් එකේ යුනිවසිටි කියලා වැරදියට ලියල තියෙන්නේ. (අ)
ගොඩක් හොඳ ව්‍යාපෘතියක් වගෙයි (නි)
අරුණ, පටන් ගන්න නම් කාට බැරිද? මහින්දගේ වෙනස එයා පටන් ගත්තු දේවල් 90% ක් ඉවර කළා (බ)
හේමන්ත. 2005 ට පෙර පවතී රජය පටන් අරන් මහින්ද මහතාගේ කලේ විවෘර්ත කරපු එක ව්‍යාපෘතියක් ගැන මතකනම් කියන්නකෝ. අඩුගානේ පාලම් බෝක්කුවක්වත්?(අ)
බන්දුල ඇමරිකාවේ රස්තියාදුවේ ඇවිල්ල අපහු ගිහින් කාලි යක්ෂනිගේ දේවාලේ පොල් ගහල මෙතෙන්ටත් ඇවිත් මූන ගෙන ඉන්න හැටි. ලැජ්ජයි (අ)
අරුණ, මොන රජය අවත වියදම් කරන්නේ මහජනතාවගේ මුදල් හෝ විදේශ අධාර යටතේ ලැබෙන මුදල් තමා. නමුත් ප්‍රශ්නය එක නෙවෙ. මහජනතාවගේ සල්ලි තිබුනාට ඒවායින් නියම පල ලැබෙන ව්‍යාපෘති ඇති කිරීමට හැකියාවක්, අධිෂ්ඨානයක් හා ඒ පිළිබද ඉදිරි දැක්මක් ඇති දේශපාලකයන් නැති නම් මහජන මුදල් නිකරුනේ විනාශ වෙනවා. දැන් රටේ තිබෙන තත්ත්වය ඊට හොද නිදසුනක්. පුහු දේශපාලන කතා කියමින් ජනතාවගේ මුදල් මහා දවාලේ කොල්ල කන හැටි බලාගෙන කිසිවක් කර කියා ගත නොහැකි අබග්ග ජාතියක් වලපල්ලට යනහැටි බලා සිටීම හැර වෙන කුමක් කරන්නද? (අ)
එන්එස්බීඑම් ආයතනය අර්ධ රාජ්‍ය එකක් වෙබ් එකට ගිහින් බලන්න .මහින්ද කළ වැඩ අවතක්සේරු කරන සිංහලයාගේ අනාගතය අඳුරු යි .(බ)
මේකේ ඉදිකිරීම් පටන්ගත්තේ 2013 දෙසැම්බර් , ලංකා බැංකුවේ ණය මුදලකින් (අ)
ඕන කෙනකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒත් පවතින දෙයක් කළේ ගිය ආණ්ඩුව විතරයි (බ)
රොෂාන් මේක රජයේ මුදල් වලින් හදපු දෙයක් නොවයි නම් මේක විවෘර්ත කරන්න ඕන මේකට මුදල් යොදවපු අයනේ? එතකොට මේකත් සයිටම් වගේ ආයතනයක්ද? (අ)
සමහරුන්ට තාමත් අප්පච්චි නැතුව බැහැ වගේ. (නි)