හරිත වසන්තය නැමැති ව්‍යාපෘතියක් මගින් ඉඩම් වගා කැර ආදායම් ලබා දෙන බව පවසා අනුරාධපුර නගර වැසියකුගෙන් රුපියල් ලක්ෂ නවයක මුදලක් වංචා කළැයි කියන දෙදෙනෙක් අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රවන්දිකා මාරපන මහත්මිය විසින් 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
බොරලැස්ගමුව පැපිලියානේ සංජය බණ්බාර අබේරත්න සහ කොළඹ නාරාහේන්පිට නාවල පාරේ ඉන්දික හේවාවසම් එම දෙදෙනාය.
හරිත වසන්තයක් නැමැති ව්‍යාපෘතියක් මගින් ඉඩමක් වගා කර ආදායම් ලබා දෙන බව පවසා අනුරාධපුර ගුවන්තොටුපළ පාර සාම මාවත ලිපිනයෙහි ඒ කේ ගුනපාල ද සිල්වා මහතාගෙන් රුපියල් ලක්ෂ නවයක පමණ මුදලක් සැකකරුවන් වංචනික ලෙස ලබාගෙන ඇති බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට මිට පෙර පැමිණිල්ලක් ලැබී තිබු බව පොලීසිය අධිකරණයට කරුණු දැක්වීය.
පැමිණිල්ල විභාග කිරීමට පොලීසියට පැමිණෙන ලෙස කිහිපවරක් සැකකරුවන්ට දැනුම් දුන්නද ඔවුන් එය මගහරිමින් සිටි බවද අධිකරණයේදී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අර ප්ලැටිනම් ඇඩ් එක අයින් කරලා නිව්ස් කියවන්නේ කොහොමද කියලා කරුණාකර කවුරු හරි මට කියලා දෙනවද. (අ)
අනේ පව්..... (නි)
ශාන් මමත් ගොඩක් උත්සහ කලා දැන්වීම අයින් කරන්න.(නදී)
ඔය වසන්තවල්, කිරුලවල්, නැගුමවල් ගේන්නේ දුප්පත් අපිට තියෙන ආදරේටද?නැහැනේ. දැක්ක නේද කිරුළේ ලොකු නෝනා ගහලා අහුවෙච්ච් හැටි? ඕවගෙන් වෙන්නේ කොයි ලොක්කගේත් මඩිය තර වෙන එක තමා (නි)
අර ප්‍රබාකරන් එක පාරක් කිව්වේ " සිංහලයින්ට ඕනෑ දෙයක් මතක තියෙන්නේ මාස තුනයි " කියලා. ඒක සම්පුර්ණ ඇත්ත . සල්ලි කිව්වොත් ඕනෑ දෙයක් කරලා හොම්බ බිම ඇන ගන්න අපේ ජාතිය තරම් සමත් ජාතියක් තව නැහැ (නි)
ඇත්තටම අර දැන්වීම් නිසා ප්‍රවෘත්ති බලන්ඩවත්, ප්‍රථිචාර කරන්ඩවත් බැහැ.ඒවා අයින් කරන්ඩ.(නදී)
කිරි අප්පේ! ලක්ෂ නමයක් බැංකුවක ස්ථිරව තැන්පත් කළා නම් හරිත වසන්තයක්ම තමා (දී)
මේ අර ජනප්‍රිය නිළියගේ සහෝදරයා නේද? ඔය වැඩ සටහනේ දැන්වීම් වලටත් හිටියේ ඒ නිළිය තමා.(නදී)
මේ වගේ වංචා කරන්නන්ට කිසිම සමාවක් නොදිය යුතුයි. දිය හැකි උපරිම දඩුවම් ලබාදෙන්න. (දී)
ඔය මනුස්සය මටත් ඕකම කලා .රුපියල් ලක්ෂ 4ක් .මමත් දැන් පොලිසි යන්න ඉන්නේ (අ)
ඔව් වලල්ලාවිට, මාත් මේ දවස්වල කොටන්න කුඹුරක් හොයනවා. නැද්ද ඔයාලගේ පාළුවට අතහැරිච්ච කුඹුරක් එහෙම ? (නි)
තව බලාගෙන ඉන්න,එයාල පැනල යනකම්.මෙහෙමත් අනුවණයෝ! (අ)
තුෂාර ඔයාට වැරදිලා ඒ නිළියගේ වාසගම තිබුනට එයාගේ සහෝදරයා නෙමෙයි. (නදී)
අපේ රට හරියට පලු ගෙයක් වගේ. ඕනෑම ගොනෙකුට ඕනෑම දෙයක් කරන්න කිසිම තහනමක් නැහැ. ටි වී බලන කෙනෙකුට හිතෙන්නේ මේක සුරපුරයක් කියල පුදුමම අශ්චර්යයක් තමා. (අ)
සක්විත්තෝ (අ)
මේ වගේ අය තව ගොඩක් ඉන්නවා. තේක්ක හිටවල දෙන අය. පලතුරු වවවන අය. ගේවල් හදලා දෙන අය. පුංචි ළමයි සදහා අනාගතයට අයෝජන කරවන අය මේ වගේ හොරු. මේ හොරුන්ට ලංකවේ ඔනැතරම් ඉඩ තියෙනවා. ලංකාවේ මිනිස්සු මහ මෝඩයෝ. අද රැවටිල හෙටත් රැවටිල. අනිද්දාත් රැවටෙනවා. (අ)
අනේ වරුණ,හැමදාම කියනවා ඔය මෝඩ කතා නවත්තන්න කියලා. ගිහින් ඔයාගේ ගොවිතැන් ටික බලගත්තා නම් හොඳයි නේද? (නි)
මමත් ඔය මිනිහට වවන්න මුදල් දුන්නා. අනේ , අපෙට පිහිටක් නැද්ද? (නි)
අනේ මමත් අහු වුනා ඔය වගේ කපටියෙකුට. මුලින් පොලිසිය ඔහුට බොහොම උදව් කලාට පොලිසියටත් මිනිහ කොලේ වහලා පස්සේ තමයි මගේ පැමිනිලත් පොලිසිය ලියා ගත්තේ. නඩු ගියා නමුත් අවුරුද්දකට හිරේ ගියා. මගේ සල්ලි එතනින් ඉවරයි. අවරුදු ගානක් දුක් විදලා හොයපු සල්ලි , මිනිහ අවුරුදු එකකින් හම්බ කර ගත්තා. මෙය කාටත් වැදගත්. (නි)
මමත් නිට්ටඹුවේ එක්කෙනෙක්ට ලක්ෂ 10ක් දීලා තියෙන්නේ. වවන්න නෙමෙයි, යූ.කේ. යවනවා කියලා. මමත් එයාව ලගදී උස්වැටකෙයියාවේ යවන්න ඉන්නේ. (නි)
තවත් සක්විති දෙදෙනෙක්ද ? (නි)
තවත් සක්විති දෙදෙනෙක්ද?(නදී)