කුරුවිට කඳන්ගොඩ නිවසක රඳවාගෙන සිටි අලි පැටවකු 24 දින දක්වා වනජීවී බාරයේ තබා ගන්නැයි රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා අද නියෝග කළේය.
‘හරිත‘ නමැති මේ අලියා අනවසර අලි පැටවකු බවට ලැබුණු තොරතුරකට වනජීවී නිලධාරීන් විසින් අලියා අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබිණි. අලියාගේ හිමිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කියා සිටියේ මේ අලි පැටියා සම්බන්ධ නීත්‍යානුකූල ලේඛණ උසාවියට ඉදිරිපත් කිරීමට සූදානම් බවයි. එම ලේඛණ 24දා උසාවියට ඉදිරිපත් කරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද මොනතරම් නම් අක්‍රමිකතා සිදුව තිබෙනවාද කියලා (නි)
වනයට උරුම සතුන් වනයට මුදාහරිය යුතුයි.(ම)
මෙම අලි පැටවා රඳවාගත් අයට දැඩි දඬුවම් දියයුතුයි (නි)
මේ අහිංසක සතුන් පවු! මේ පව ඊළඟ ආත්මයේ මේ මිනිසුන්ට ගෙවීමට සිදුවෙනවා දැන් සැප වින්ඳාට. (නි)
මේක පුදුම ලෝකයක්. අලි අම්මලා නොමැතිව පැටව් ඉන්නවා. ඇයි ලේඛන ළඟ නැද්ද? (නි)
මේ අලි පැටියා මොනතරම් අසරණද? (නි)