පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අද (29) අලුත්කඩේ උසාවියේ හැසිරෙන හැටි කියා දී තරයේ අවවාද කළේය. උසාවියට ආචාර දක්වා ඇය නොපැමිණි බවත් එය උසාවියට අපහස කිරිමක් බවත් විනිශ්චකාරවරු ඇයට කීහ.
ඇය පැමිණියේ සිය පියා වන භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ සාක්කි විමසමින් සිටියදීය. ශිරාන් ගුණරත්න (සභාපති) , රණවක ගුණතිලක , එම්.සි.බී.එස් මොරායස් යන විනිසුරු මණ්ඩලය හමුවේ නඩුව විභාග වේ.
නඩුවේ සාක්කි විභාගය නතර කළ විනිසුරු මණ්ඩලය ඇය අධිකරණය ඉදිරියට කැඳවුවාය. මෙය උසාවියක් යැයි ඇයට දැනුම් දුන්නේය. අධිකරණයට ඇතුළු වන විට හිස නමා ආචාර කිරිමේ සම්ප්‍රදාය ඇයට කියා දුන්නේය.
අධිකරණයේ ගරුත්වය නොරකින්නේ නම් අපහාස කිරිමේ චෝදනාවට මුහුණ දිමට සිදු වෙතියි ඇයට අනතුරු ඇඟවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමිත, විනිසුරු මණ්ඩලය වැරදිලාද? බැරිද උසාවියට ගිහිල්ල කරුණු පහදලා දෙන්න. (කෞ)
ඔබ ඔය කියන ටික හිරුණිකා ප්‍රේමචන්ද්‍රට විනිසුරු මණ්ඩලය වෙත කියන්න තිබුනනේ. එහෙමදෙයක් නැතිනම් මොකටද සමාව අරගත්තේ? ඔබ කියන්නේ විනිසුරු මණ්ඩලයත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රත් ඔබ තරම් නීතිය ගැන දන්නේ නැහැ කියලද? (කෞ)
දුල්මි හරියටම හරි. (ර)
මේ නීතිය ගැන මමත් දැනගෙන හිටියේ නැහැ (නි)
මේ නිතිය මමත් දැන ගත්තේ අද .... (ර)
හිරුණිකාට අවවාද, හාමුදුරුවෝ කෙළින්ම හිර ගෙදර. මේක හොඳ යහපාලනයක් (නි)
මොනවා වුණත් අවවාද දුන් එක ලොකු දෙයක් (නි)
බුදු මැදුරට, පල්ලියට, කෝවිලට සංවරව, සන්සුන්ව ඇතුළුවෙන්නයි නීතියක් නැත. ගාල කඩාගත් ගවයෙක් වගේ දුව පනින්නේද නැත. උසාවියද එසේම ගරකටයුතු තැනක් බව මේ නිතිවේදිනියට නොතේරෙන්න විදියක් නැත. නාගරික මන්ත්‍රීවරියක්වත් නොවී පාර්ලිමේන්තුවට තේරී පත්කිරීමත් ජනමාධ්‍ය මඟින් ලබාදුන් අසීමිත ප්‍රචාරයත් මෙතුමිය මුසපත් කර ඇති බව සිතමි. (නි)
මෙයාට මීට කලිනුත් අවවාද කළා නේද උසාවියෙන්? (නි)
අපේ මිනිසුන්ට ආචාරධර්ම සහ නීති හරියට මොකද්ද කියලා තේරුම් ගන්න වෙයි (නි)
නීති විශාරදයින් වශයෙන් පෙනීසිටිමින් අමු අමුවේ නීතිය උල්ලංඝනය කරන අයද අද බොහෝයි. (නි)
හිස නැමිය යුත්තේ නීතියට පමණි පුද්ගලයන්ට නොවේ (බ)
ස්වභාවික යුක්තියේ මුලධර්ම අනුව , අධිකරණයට අපහාස කළාම , එ්කට දඩුවම් කරන්න පුලුවන්ද අධිකරණය විසින්ම , මම නම් කියන්නේ වෙන ආයතනයක් විසින් තමා එම නඩුව අහන්න ඕන , අධිකරණ ඇමති මොකද කියන්නේ (බ)
තව ටිකක් පාඩම් ඉගෙන ගන්නකොට හරියාවි. (නි)
සමිත, නීති කඩ නොකළත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් යම් දඬුවමක් නියම කිරීමේ බලය විනිශ්චයකාරතුමාට තිබෙනවා. ඔයාට මේක හරියටම බලාගන්න ඕනෑම නම් නඩුවක් විභාග වන වෙලාවක අධිකරණයකට ගිහිල්ලා හයියෙන් බොරු කැස්සක් දාලා බලන්නකෝ. එතකොට තේරෙයි. (නි)
මෙයා හිතුවද දන්නේ නැහැ කොළොන්නාවේ නීතිය හැම තැනටම හරි යනවා කියලා (නි)
ජනතාව ඇයට කරන ලද අනුකම්පාව භූමිකම්පාවක් වෙලා වගෙයි. (නි)
හොඳ පාඩම ක් වෙන්න ඇති ගරු අධිකරණය බව දැන ගන්න ඇති (ම)
මෙයාලා උසාවි එන්නේ හරියට උත්සවයකට යනවා වගේනේ (නි)
එයාලා ඔළුව උදුම්මවාගත් අහංකාර අයනේ (නි)
මෙතුමිය නීතිඥවරියක් නේද? (නි)
එයාලා කොහොමත් මහ ඉහළින්නේ හිතාගෙන ඉන්නේ (නි)
අධිකරණයට ඇතුල් වන විට හිස නමා ආචාර කිරීම විනිසුරු තුමාගේ සිට අනෙකුත් සියලු දෙනා විසින් අධිකරණයට කරන ගෞරවයක් ලෙස පවත්වාගෙන එන සම්ප්‍රදායකි. එය නීතියක් නොවේ. නමුත් ගරු කිරීමේ සම්ප්‍රදාය උවත් යමෙක් කඩ කරනවානම් ඒ ඔහු අධිකරණයට ගරු කිරීමට දක්වන මැලිකමක් සේ සැලකිය හැකියි. යමෙක් අධිකරණයට ගරු නොකරන්නේ නම් එය ගරු අධිකරණයට කරන ලද අපහාසයක් සේ සැලකීමට අධිකරණයට බලයක් ඇත. (බ)
දැන් කාලය වෙනස්. නීති කැඩුවොත් දඬුවම් කරන එක වෙනම දෙයක්. (නි)
සමිත හරි. ලංකාවේ තවමත් තියෙන්නේ සුද්දගේ පරණ පුරුදු. (නි)
අර ඈනුමක් යවපු කෙනාට නම් සිර දඬුවම් දුන්නා. (නි)
උසාවියට ගරු කරන්න ඕනෑ කියන එක පොඩි කාලෙම දැනගන්න ඕනෑ (නි)
මෙයාලගේ හිතේ ලෝකේ එයාලා වටේට කැරකෙන්නේ කියලා. (නි)
කොහොමත් මෙයා උඩ පනිනවා වැඩියි. නීතිඥයෙක්නේ (නි)
හිරුණිකාට උසාවියෙන් අවවාදයක් දීම උතුම් දෙයක්. ඇය සිතා සිටින්නේ ඇය ලංකාවේ අනෙකුත් අයට වඩා ඉහළයි, එනිසා ඇයට ඕනෑ විදියට සියල්ල සිදුවිය යුතුය කියා (නි)
හිරුණිකා මැතිනිය නීතිවේදිනියක් නේද? ඇය මේවා දන්නේ නැදද? (නි)
ඒ වුණත් මෙයත් නීතිඥයෙක් නේද? (නි)
පෙරකදෝරු මහත්වරු කිහිප දෙනෙක් ඉන්නවා වාගෙයි අපේ සබේ (ම)
එතකොට මේ නඩු අහන ඇත්තන්ට කැස්ස හෙම්බිරිස්සාව හැදෙන්නෙම නැද්ද ? (ම)
හිරුණිකා ගැන ගැටළු ගොඩක් තිබුනත් මේ වගේ දෙයක් ගැන නම් ඇහුවේ අදමයි. (නි)
අනේ අනිච්චන්, අපි පන්සලට මේ විදියට ගරු කරනවා. නමුත් දේශපාලනයට අනුව පත්වුණ අය ඉන්න තැනට ඔලුව නමන්න කියන එක මේගොල්ලන් හදාගත්ත නීතියක්. දණ්ඩ නීති සංග්‍රහයේ කොතනද මේක ලියල තියෙන්නේ. දැන ගන්න කැමතියි. (බ)
තෙරුමක් නැති වැඩක්.(හේ)
බොහෝ දියුණු රටවලට වඩා ලංකාවේ විනිසුරුවරු උද්දච්චයි..(බ)
මඩු වලිගෙන් දෙකක් තුනක් දුන්න නම් ඉවරයි.(හේ)
යහපාලනය කරලා ඔලුව නම් ඉදිමිලා කියල හොදට පේනවා. දැන්ම ඔහොමනම් පරිනතවෙනකොට කොහොම තියේද ? (බ)
පුංචි අපට තමයි මෙම නීති වලංගු වෙන්නේ (බ)
පාඩමක් කියල දුන්න එක හොඳයි.(හේ)
පිස්සු හැදෙන සඳ, ලංතාවේ උසාවියට ඔළුව නවන්නම ඕනේ. (බ)
අමා, එහෙම හිතන්න එපා, විනිසුරුතුමන්ලාත් උසාවියට ඇතුළු වන්නේ හිස නමා ආචාර කරමින්. (බ)
සමිත හරි. ඉතින් අපි වගේ උසාවි සම්ප්‍රදාය නොදන්නා ගොඩයො උසාවියට ගියොත් හරි අමාරුවකනේ වැටෙන්නේ. (බ)
මම මගේ අදහස යොමු කරන්නේ විජේදාස රාජපක්ෂ මහතාටය උසාවියට ඇතුළුවෙද්දී හිසනමා හෝ වැඳ ආචාර කරන්න කියල මම දන්නා තරමින් නීති පොතේ නැත . නීති විශාරදයෙක් වන ඔබතුමා මේ ගැන පැහැදිලි කිරීමක් කළොත් අගනේය (බ)
මේ අයද පාර්ලිමේන්තුවේ නීති හදන්න අපි පත් කරල තියෙන්නේ නඩුවක් කතාකරන්න බැරි නීති වේදීන් නඩු බලන්න විතරක් යන නීති වේදීන්ගේ හැටි ඔහොම තමා (හේ)
ලංකාවේ අධිකරණය හිතන්නේ ඔවුන් දෙවියන් වහන්සේ කියල. මේ විනිසුරුවෝ රට යවලවත් නීතිය හරියට කියල දෙන්න වෙයි වගේ. (බ)
මරුනිකා යහපලනේ ගොම බින්දුව නේද හිතාගෙන ඉන්නේ රටේ ජනාදිපතිනි කියා. නියම චන්ඩි මෙයාල තමා (අ)
ගොඩ පෙරක දෝරුවෝ ගොඩක් ඉන්නවා.(අ ච
සාරා, මෙයා පරිනත වෙලා තියන හැටි හොඳට බලා ගන්න පුළුවන් අන්තර් ජාලය ටිකක් වැඩිපුර සිසාරා බැලුවානන්.(අ)
ඔහොම යන් ඔහොම යන්ග් . අ)
නීති වේදිනියක් කිව්වට නිතිය ගැන උසාවිය ගැන අවබෝදයක් නැහැ වගේ. (ර)
මෝඩකමට බෙහෙත් නැත. බලු වලිගය කෙළින් කළහැකිද? ඇඟිල්ලේ තරමට ඉදිමිය යුතුය (නි)
නියමයි! (නි)
මේ විනිසුරුට අපේ ආචාරය! (නි)
මොකක් හරි සම්ප්‍රදායක් කඩ කිරීම වරදක් කියලා නීතිගත වෙලා නැත්තන් එම සම්ප්‍රදාය කඩකෙරුවා කියලා පුද්ගලයෙකුට දඬුවම් කරන්න නීතියෙන් බලතල නෑ. නීති කඩ කෙරුවොත් විතරයි දඬුවම් කරන්න පුළුවන්. (ර)
තව ටික දවසකින් පන්සලේ හාමුදුරුවන්ට වැන්ඳේ නැහැ කියලත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් (නි)
අනේ මන්දා ඉගෙන ගත්තේ නිතිය කියලා නේද කියන්නේ ? එතකොට මොකද්ද මේ රීති පිලිබඳ නොදන්නා හැසිරීම. අර තව කවුදෝ ලියපු නීති විභාගයටද මන්දා මෙයාත් ලියලා තියෙන්නේ . (ර)
අපි සාමාන්‍ය මිනිස්සු අපි අතින් මේ වගේ වැරදි වුනාට නීතිය ඉගෙනගත්ත අයට එහෙම වැරදි කලාට සමාවක් දෙන්න බෑ.(කෞ)
එයා කොහොමත් හරි අමුතු විදියේ චරිතයක්. (ර)