මෑතක දී සිදු වූ දකුණේ (හික්කඩුවේ) ඝාතන එකකට එකක් සම්බන්ධ නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී කීවේය.
දෙමටගොඩ රෙදිසාප්පුවක දී පුද්ගලයකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගත්තේ ගැටළු සහගත තැන් තිබූ නිසා බවත්, සිද්ධිය හා කියැවෙන චරිතය (හිරුණිකා මන්ත්‍රීවරියට) ඊට අදාල නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.
2014 වසරේ දී මාසයකට පුද්ගලයන් 71 දියේ ගිළී මිය ගොස් ඇතැයි ද, 2015 දී මාසයකට 76 දෙනෙකු පමණ දියේ ගිලී මිය ගිය බවද ඔහු කීවේය.
‘ වැඩිම වුණොත් ඊයේ පෙරේදා ඝාතන සිද්ධි පහක් පමණ වාර්තා වෙන්න ඇති. එය දිවයින පුරා පැතිරුණේ නැහැ. දකුණේ පමණයි. ඉන් සිද්ධි දෙකක් පමණ හැර ඉතිරි සිදුවීම් එකිනෙකට සම්බන්ධ නෑ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යමුකෝ! (නි)
බීරි අලින්ට වීණා ගහනවා වගේ අහලම එපාවෙලා. (නි)
ලංකාවේ නීතිය බලපාන්නේ, ක්‍රියාවේ යෙදවෙන්නේ දුප්පත් අහිංසකයන්ට පමණද? සල්ලි තිබේ නම්, රටේ ලොකු දේශපාලකයන් දන්නවා නම් නීතියද පරාදය. මෙහෙවු රටක නැවත නුපදීවායි පතමි (නි)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ට පව්.ලංකාවේ මිනිස්සුන්ටත් පව්,ඉස්සර නම් මිනිස්සු මහින්දට බැන්න.දැන් බනින්න කෙනෙකුත් නැහැ. (කෞ)
මේ මනුස්සය පත්තරයක්වත් කියවන්නේ නැත්ද කොහෙද (බ)
හිරුනිකාව බේරාගන්න පොටක් හොයනවා ඇති (බ)
නීතිපති එ්ක කොට්ටෙට තියාගෙන නිදිලු (බ)
මම බයේ හිටියේ ඒවා එකකට එකක් සම්බන්ධයි කියල. දැන් නම් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මොකද ඒවා එකකට එකක් සම්බන්ධ නැහැනේ. ඒක හින්ද කොච්චර මැරුණත් ප්‍රශ්නයක් නැහැ! (බ)
මේ දවස එනතුරු අපි කොයිතරම් බලාගෙන හිටියද? කාර්යශීලී දේශපාලනයෙන් තොර කෙනෙක් පත්වුණොත් අපේ දරුවන්ටවත් රටක් ඉතුරුවෙයි. (නි)
ඔහොම යමුකෝ! (නි)
අනේ අපි නම් ඕවට කතාකරන්නේ නැහැ (නි)
පව් අනේ හිරු. (අ)
ඇත්තටම හිරුනිකා මේ කමෙන්ට්ස් බලනවද දන්නේ නැහැ නේ.ඔයාට දැන් හිතෙනවා නේද උඩ පැන්නොත් බිම වැටෙයි කියල.(බ)