හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියගේ කාර්ය මණ්ඩල සේකයෝ පස්දෙනෙක් හා තවත් අයෙක් කොළඹ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ජනවාරි 4 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
දෙමටගොඩ රෙදි කඩ සේවකයකු පැහැර ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස නියෝග කැරිණි.
ඩිෆෙන්ඩර් රියකින් ආ නාඳුනන පිරිසක් දෙමටගොඩ ලකී ස්ටාර් රෙදි සාප්පුවේ සේවකයකු පැහැර ගත් බවට පැමිණිල්ලක් ලැබුණු බව පොලිසිය අධිකරණයට දැන්වීය. මේ ගැන ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් විමසු විට ඇය එවැන්නක් ගැන නොදන්නා බව කීවේ යැයි පොලිසිය උසාවියට දැන්වීය. පසුව ඇය ජිප් රිය හා සැකකරුවන් පොලිසියට බාර දුන් බව ද පොලිසිය කියා සිටියේය.
සිද්ධිය ඇසින් දුටු සිව් දෙනෙකුගේ සාක්කි සටහන් කර ගත් බවත් අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් අමිල ප්‍රියංකර අමරසිංහ පැහැරගැනිම් ,පහරදිම හා නිති විරෝධි ලෙස රඳවා ගැනිම හා ඔවුනට නඩු පවරන බව පොලිසිය අධිකරණයට දැන්විය.
නිතිඥ අමිල ඉන්දික මහතා විත්තිය වෙනුවෙන් පෙනි සිටිමින් කියා සිටියේ පැමිණිලිකරු එක් සැකකරුවකුගේ බිරිය පැහැරගෙන ගොස් ඇති බවයි.මේ සිද්ධිය බේරුම් කර තම බිරිය ආපසු ගෙදර එවන්නැයි බිරියගේ සැමියා සෙසු සැකකරුවන්ට කියා ඇතැයි ද ඒ අනුව මෙම සැකකරුවන් මේ සිද්ධිය බේරුම් කිරිමට රෙදි සාප්පුවට ගොස් ඇතැයි ද හඳුනාගැනිමේ පෙරට්ටුවක් පැවැත්විම තමා විරුද්ධ වන්නේ යැයි නිතීඥවරයා කීවේය.
ඊට හේතුව වශයෙන් ඔහු දැක්වුයේ රූපවාහිනි නාළිකාවක් සිසිටීවී කැමරා දර්ශන විකාශනය කර අැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාරත්න,අතුල,තුසිත මහත්වරුනි, ඔබගේ අදහස් හරි. තළාගතයුත්තේ අපිමයි (නි)
සමහර කට්ටියට නියම ප්‍රවෘත්තියක් වගෙයි මේක (නි)
මේවා දේශපාලඥයින්ට සුළු දේවල් විතරයි (නි)
අම්මෝ! යහපාලනය... (නි)
හිරුණිකාත් හරි චණ්ඩියෙක් වෙලානේ! (නි)
චාන්දනීගේ කීම මසුරන් වටී! (නි)
කල්පනාවෙන් වැඩ කරන්න දුවේ (නි)
දෙවන ඡායාරූපය මට නම් හරියට ඉන්දියාවේ ද්‍රවිඩ චිත්‍රපටයක ජවනිකාවක් වගෙයි. එකම අඩුව අත්වල කඩු,පිහියා වැනි ආයුධ නැතිවීමයි. (නි)
ලංකාවේ බොහෝ දේශපාලඥයින් සහ වටේ ඉන්න මිනිසුන් හිතන්නේ ඔවුන්ට ඕනෑම කිරීමට පුඵවන් කියාය. එමනිසා මෙම පිරිසට නීතිය නිසිලෙස භාවිතා කරමින් යහපාලනය වචනයෙන් නොව ප්‍රායෝගිකව පෙන්වීම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයා වගකීම් වේ (නි)
මෙහි අදහස් කියවන උදවිය මලික් ගේ අදහස දෙතුන් වරක් හෝ කියවා තේරුම් ගන්න උත්සාහ ගන්න.අපේ අතීතය, වර්තමානය සහ අනාගත සංස්කෘතිය එහි වචන කිහිපයකින් විස්තර කර තියෙනවා. (ස)
මීට පස්සේ අපේ ප්‍රශ්නත් මෙයාටම කියන්න ඕනේ. (ර)
යහ පාලනය නිසා ගුටිකාපු කෙනාට උසාවි යන්න පුළුවන්. කළින් පාලනය තිබුනනම් මිනි මැරුවත් කාටවත් පුලුවන්ද ප්‍රාදේශීය සභා දේශපාලකයෙකුටවත් විරුද්දව නීතියේ සහය ඉල්ලන්න. (ස)
සමහර විට මෙය පාතාල කල්ලියක වැඩක් වෙන්න බැරිද ? හිරුනිකා වාහනයත් සේවකයිනුත් පොලිසියට භාරදීමෙන්ම පේනවා ඇය මේ සිද්දියට සම්බන්ධ නැති බව. කෙසේ උනත් අධිකරණය සාධාරණ තීන්දුවක් දෙනු ඇත. (ස)
දඩුවම් දෙනතුරු බලාසිටිමි. (ස)
හිරුනිකාගේ කට්ටිය සැකකාරයව රැගෙන ගිහින්. ඒත් සැකකරයා තරුණියව පැහැරගෙන ගිහින්.කොහොමද වෙනස? (ස)
වැරදි කාරයන්ට විරුද්දව නිතිය ක්‍රියාත්මක වෙනවා. (ර)
මේකේ ඇත්ත නැත්ත හොයන්න හිරුණිකාගේ කාර්යාලයේ සීසීටීවී පරීක්ෂා කළා නම් හරි නේද? (නි)
හිරුණිකා මම ගොඩක් කැමති චරිතයක්. ඒත් දැන්නම් සියල්ල වෙනස්වෙයි වගේ. (නි)
අනේ මන්දා දැන් අපි මොනවා කරන්නද කියලා. දැන් ඉතින් අපිට ආපසු හැරෙන්න පුලුවන්ද? (නි)
අනිත් අයව විතරක් පොලිසියට බාරදෙන එක නම් කපටි වැඩක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
ඒ පුද්ගලයා ප්‍රධාන වශයෙන් චෝදනා කරන්නේ හිරුණිකාට නේද? ඉතින් අනිත් අය විතරක් පොලිසියට බාරදීලා හරියනවද? (නි)
ජනහිත, ඒක කිව්වේ මම නෙමෙයි. ඔයා හොඳට වීඩියෝ එක බලන්න. (නි)
මොවුන්ට දැඩි දඬුවම් දෙන්න ඕනෑ. හිතාගෙන ඉන්නේ ඇමති කෙනෙක් ළඟ ඉන්නකොට මෙයාලා තමයි චණ්ඩි කියලා. (නි)
ඉස්සරහට තව හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන්වෙයි (නි)
දේශපාලුවන්ට ආරක්ෂකයන් ලබාදීම සම්පූර්ණයෙන්ම නතර කළයුතුයි. ඔවුන්ට හානියක් වුණා කියා රටට පාඩුවක් වෙන්නේ නැහැ. අද සිදුවී තිබෙන්නේ මොවුන් ආරක්ෂකයන් හැටියට තෝරාගන්නා ගණන්කාරයන්ගෙන් ජනතාවට ආරක්ෂාව වුවමනාවීමයි. (නි)
මහජනතාව පුම්බපු බැලුම් වල හුළං අරින්න ඕනෑත් මහජනතාව විසින්මයි (නි)
ඔක්කොම එකයි. මට නම් හිතෙන්නේ එහෙමයි (නි)
මට නම් මේ දේවල් අදහාගන්නත් බැහැ (නි)
හිරුණිකා මොනවද මේ කරන වැඩ? (නි)
මේ ඡායාරූපයක් දකිනකොට මට මතක්වෙන්නේ දකුණු ඉන්දීය චිත්‍රපටි වල ජවනිකාවක් (නි)
තමන් එක්ක ඉන්න අකමැති නම්, ගැහැණිය හෝ පිරිමියා බලෙන් තියාගන්න හදන්නේ ඇයි....? (නි)
සේරම ටික හිරුනිකා ඔයාගේ. (ස)
දැන් රට සාමකාමී නම් මන්ත්‍රීලට මොකටද ආරක්ෂකයෝ (කෞ)
දැන් බෝ පැල වගේ ජීවත්වෙන සමහර අයගේ මුල් තියෙන්නේ කොහේද කියලා දැන්නම් හොඳටම පැහැදිලියි අපිට (නි)
මලික්, ඔබගේ අදහස් වලට මල් මිටක්! (නි)
ඔය කෙනා කාහොමද ඒ දවස්වල කතා කලේ ? (කෞ)
ශානිකා,ඒ තරුණිය ඇත්තටම පැහැරගෙන ගිහින්ද? ඔයත් කාන්තාවක් නිසා ටිකක් හිතලා බලන්න අද වෙන දේවල් වල හැටි (නි)
පාර්ලිමේන්තුවට යවන්න ඕන උගත් අය.සින්ගප්පුරුව වගේ රටවල පාර්ලිමේන්තුව ඇතුලේ සියලු සාමාජිකයන්ට උපාධියක් වත් තියෙනවා. (කෞ)
ලංකාවේ වැඩ නැති අය කොච්චර ඉන්නවද කියල මේ ෆොටෝ එකෙන් පේනවා. (කෞ)
දැන්නම් මොනවා හිතෙනවා ඇද්ද දන්නෙ නැහැ (නි)
අනුන්ගේ පවුල් අවුල් වලට හොටදාන්න අවශ්‍ය සීමාව මොකක්ද කියලා දැන් මුළු ලංකාවේම උදවියට අදහසක් එන්න ඇති. (නි)
මේ පාර්ලිමේන්තුවේ ඉන්න උගත් තැනැත්තියක් නොවේද? (නි)
අපි අපිටම තළාගෙනත් මදි කියලා හිතෙනවා දැන්නම් (නි)
තමන්ගේ ජීවන රටාව දරුවන් විසින් විසිහතර පැයේම ග්‍රහණය කරගන්නා බව දැනගෙන අපි දරුවන් ඇතිදැඩි කළයුතුයි. අන්තිමේ කොතරම් උඩට ඔසවා තැබුවත් දරුවන්ගේ හැසිරීම් වලින් පිළිබිඹු වන්නේ අපේ හැසිරීම බවයි පෙන්නුම් කරන්නේ. (නි)
අවම වශයෙන් හිරුණිකාගෙන් කටඋත්තරයක්වත් ගත්තාද? මේකද යහපාලනය? (නි)
ශානිකා, ඔයා කිව්වේ ඇත්ත. (නි)
නීතිය ක්‍රියාත්මක වීගෙන යාම ගැන නම් සතුටු හිතෙනවා. එත් මේ අය වේදිකාවල කෑගහපු විදියට චන්ඩි බේරගන්න චන්ඩි වගේ එනහැටි දැක්කම මේ අය ගැනත් හිතා ගත හැකි. (ස)
මට හිතුනේත් කට්ටිය දෙමළ චිත්‍රපටියක් හදන්න යනවා කියලා (නි)
වැඩි වැඩ පෙන්නන්න ගියාම කාට වුණත් ඔහොම වෙනවා. (නි)
කෝසල, හිරුණිකාට කැමති රූපයටද? නැත්නම් ක්‍රියාකලාපයටද? එහෙමත් නැත්නම් කටටද? පසුගිය රජයේත් මේ වගේ චරිත එමට හිටියා. (නි)
මෙයාලා බලය ගත්තේ මේවා කරන්නද? (නි)
කිසිම පක්ෂග්‍රාහී බවක් නැතුව කියනවා නම් , අපේ දේශපාලකයන්ගේ ආරක්ෂකයන් බහුතරයක් හැසිරෙන්නේ කිසිම චාරයක් ඇතුව නොවෙයි. උගත්කමක්, සමාජ ආචාර ධර්මයක් ගැන අසාවත් නැත. වෙනත් කිසිම රටක ප්‍රභූ ආරක්ෂකයන්ට නැති උද්දච්චකමක් පමණක් ඇත. (නි)
අනේ මේ අපිට සේවය කරන්න ගිය කට්ටිය ජය වේවා! (නි)
යහපාලනයේ සුදු වෑන් නැහැ. මම හිතන විදිහට තිබෙන්නේ ඩිෆෙන්ඩර් (නි)
දැන් මේ සැමියාගෙන් පැහැරගන්න තරම් වටිනා මහිලාව කවුද කියලා අපිටත් පෙන්නුවා නම්...! අන්තිමේ ග්‍රීක ඉතිහාස කතාවල ඇතිවුණ යුද්ධයක් වගේ වුණා නේද? (නි)
මොනවා වුණත් යහපාලනයේදී වැරදිකාරයින්ට දඬුවම් ලැබෙනවා (නි)
කාන්තාව පැහැරගැනීමක් ඇත්තෙන්ම සිදුවෙලාද? අපිට නම් ආරංචි වුණේ සිද්ධිය වෙන විදිහකට. (නි)
මහේෂ්, මේක තමා යහපාලනයේ සැබෑ ස්වරූපය. පෙර වතාවල වගේම ජනතාව රැවටුනා. (නි)
ඔබ කළ දෙය හරිබව මම නොකියමි. කමුත් ඔය වගේ දේවල් ලංකාවේ ගොඩක් තියෙනවා. පොලිසිය මේවට මැදිහත් වෙන්නේ නැහැ. එබැවින් ඔවුන් කාගේ පිහිට පතන්නද? (ස)
දැන්නම් අපිට තේරෙනවා මේ දෙගොල්ලන්ගෙම වෙනසක් නැහැ කියලා (නි)
අපි කරගත්තේ ලොකු වැරැද්දක් බව දැන් වැටහෙනවා. අපි මේ රජයට ඡන්දය දුන්නේ මැර දේශපාලනය නවතන්න කියායි. නමුත් රජය පටන්ගත් දා සිට අපි බලාපොරොත්තු වූ දේවල් නොව, හිටපු රජයේ ක්‍රියාදාමයම සිදුවෙනවා (නි)
එතකොට හිරුණිකා? එයා සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැද්ද? (නි)
වැරදි කරන මිනිස්සු මොන ආණ්ඩුවක් අාවත් ඉන්නවා. ප්‍රධානම දේ ඒ දවස් වල ක්‍රියාත්මක නොවුණු නිතිය දැන් ක්‍රියාත්මක වෙන එකයි. එ්ක තමයි අපි බලාපොරොත්තු වුනු වෙනස, දඬුවම් ලැබෙද්දී වැරදි අඩු වෙයි අනාගතයේදී කියල බලාපොරොත්තු වෙනවා. (ස)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවලුනේ (නි)
අලි බබා නීදැල්ලේද ? (කෞ)