පුද්ගලයකු පැහැර ගත්තැයි මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එල්ලවී ඇති චෝදනා ඔප්පු වුවහොත් එක්සත් ජාතික පෙරමුණ ඇයට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂිම් මහතා කොළඹ අද (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවක දී පැවසීය.
රටේ ශක්තිමත් ආණ්ඩුවක් ඇති හෙයින් කිසිවකුට ආණ්ඩුවේ වැඩ කටයුතු කඩාකප්පල් කිරිම සඳහා කුමන්ත්‍රණ කළ නොහැකි බවත් ඒ මහතා කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ශක්තිමත් ආණ්ඩුවක් තිබේයැයි කිව්වාට, එය සත්‍යයක් නොවන බව අපිට දැන් වැටහේ. එනිසා හිරුණිකාට විරුද්ධව කිසිම දඬුවමක් ක්‍රියාත්මක නොවන බව ලාංකික බහුතරය දනී (නි)
හිරුණිකාට විතරක් ඇයි ඔතරම් විශේෂයක්? (නි)
නව රජය එන්නට කලින් කී දේවල් සහ බලයට පැමිණි පසු දුන් පොරොන්දු එකක්වත් ඉෂ්ටව නැති නිසා, මේකත් වාචික ප්‍රවෘත්ති සාකච්ඡාවක තවත් ඉෂ්ට නොවන පොරොන්දුවක් බව තමයි අපි නම් හිතන්නේ (නි)
මීටපෙර කී දේවල් සියල්ල කළ නිසා මේ කියපු එකත් කරයි (නි)
වෙන්නේ මොකක්ද කියලා දැන් අපිත් බලාගෙන ඉන්නේ. (නි)
ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයද නැත්නම් එක්සත් ජාතික පෙරමුණේ ව්‍යවස්ථාවද ?? (ම)
දින 100 මදි නිසා වැඩ කරන්න මෙයාලව පත්කරන්න කියුවා. යහපාලනය ක්‍රියාත්මක කර රට සුඛිත මුධිත කරනවා කියුවා.100 ඉවරයි. අවුරුද්දකුත් ඉවරවෙනවා. බාලගිරි දෝෂයද ? අද නොවේ හෙට. (කෞ)
නීතිය සැමට එක සමානව සැළකිය යුතුය. මෙය වත්මන් යහපාලනයේ පරමාර්ථ ආදර්ශයෙන්ම සුරකින බව පෙන්නුම් කිරීමට හොඳම කාලයයි. වැරැද්දක් කර ඇත්නම් නිසි දඬුවම් ලැබිය යුතුමය. තරාතිරම නොබලන බවට ඉදිරි වැරදිකරුවන්ටත් පෙර වැරදිකරුවන්ටත් පෙන්නුම් කිරීමට ඉන් පුළුවන. අපරාධ රැල්ල අඩුවීමට එය රුකුලක් වනු නියතය. (නි)
දේශපාලනයේ හැටි එහෙම වුණත් යහපාලන ඔයාලා එහෙම කරන එක ගැන ලැජ්ජයි. (නි)
මුලින්ම පරණ ප්‍රශ්න අවසන්කරලා ඉමු නේද? (නි)
සෑම්,පටළවා ගන්න එපා. එක්සත් ජාතික පෙරමුණේ නිසා පක්ෂයෙනුත් පරීක්ෂණයක් කරන බවයි කියලා තියෙන්නේ. (නි)
අර කලින් හොරුන්ට සහ වැරදිකළ අයට දඬුවම් දීපු විදියටද? (නි)
හිරුණිකාට මඩ ගහලා හති වැටුනහම ඒක නවත්වයි. අහිංසක ළමයි දෙන්නෙකුට අම්මා නැතිවෙන්න ගිය එක එයා නැවැත්තුවා. එයාට ඒකට ගොඩක් පින්! (නි)
දඩුවම් දිය යුතුයි.(හේ)