IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘හිරුණිකා වැරදිනම් දඬුවම් දෙනවා‘

පුද්ගලයකු පැහැර ගත්තැයි මන්ත්‍රී හිරුණිකා  ප්‍රේමචන්ද්‍ර මහත්මියට එල්ලවී ඇති චෝදනා  ඔප්පු වුවහොත්  එක්සත්  ජාතික පෙරමුණ ඇයට  එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බව එම පක්ෂයේ  මහ ලේකම් අමාත්‍ය කබීර් හෂිම් මහතා කොළඹ අද (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවක දී පැවසීය.

රටේ ශක්තිමත්  ආණ්ඩුවක්  ඇති හෙයින්  කිසිවකුට ආණ්ඩුවේ  වැඩ කටයුතු  කඩාකප්පල්  කිරිම සඳහා කුමන්ත්‍රණ කළ නොහැකි  බවත් ඒ මහතා කීවේය.

GLA_3342 GLA_3345 GLA_3359

 



අදහස් (0)

‘හිරුණිකා වැරදිනම් දඬුවම් දෙනවා‘

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 30 December 2015 04:42 PM

රටේ ශක්තිමත් ආණ්ඩුවක් තිබේයැයි කිව්වාට, එය සත්‍යයක් නොවන බව අපිට දැන් වැටහේ. එනිසා හිරුණිකාට විරුද්ධව කිසිම දඬුවමක් ක්‍රියාත්මක නොවන බව ලාංකික බහුතරය දනී (නි)

:       0       0

ජයනාත් Wednesday, 30 December 2015 04:48 PM

හිරුණිකාට විතරක් ඇයි ඔතරම් විශේෂයක්? (නි)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Wednesday, 30 December 2015 07:56 PM

නව රජය එන්නට කලින් කී දේවල් සහ බලයට පැමිණි පසු දුන් පොරොන්දු එකක්වත් ඉෂ්ටව නැති නිසා, මේකත් වාචික ප්‍රවෘත්ති සාකච්ඡාවක තවත් ඉෂ්ට නොවන පොරොන්දුවක් බව තමයි අපි නම් හිතන්නේ (නි)

:       0       0

ශානක Wednesday, 30 December 2015 08:07 PM

මීටපෙර කී දේවල් සියල්ල කළ නිසා මේ කියපු එකත් කරයි (නි)

:       0       0

සේනක Wednesday, 30 December 2015 09:26 PM

වෙන්නේ මොකක්ද කියලා දැන් අපිත් බලාගෙන ඉන්නේ. (නි)

:       0       0

සෑම් Wednesday, 30 December 2015 09:43 AM

ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයද නැත්නම් එක්සත් ජාතික පෙරමුණේ ව්‍යවස්ථාවද ?? (ම)

:       0       0

සත්‍යපාල Wednesday, 30 December 2015 10:40 AM

දින 100 මදි නිසා වැඩ කරන්න මෙයාලව පත්කරන්න කියුවා. යහපාලනය ක්‍රියාත්මක කර රට සුඛිත මුධිත කරනවා කියුවා.100 ඉවරයි. අවුරුද්දකුත් ඉවරවෙනවා. බාලගිරි දෝෂයද ? අද නොවේ හෙට. (කෞ)

:       0       0

දිලිප් Wednesday, 30 December 2015 11:52 AM

නීතිය සැමට එක සමානව සැළකිය යුතුය. මෙය වත්මන් යහපාලනයේ පරමාර්ථ ආදර්ශයෙන්ම සුරකින බව පෙන්නුම් කිරීමට හොඳම කාලයයි. වැරැද්දක් කර ඇත්නම් නිසි දඬුවම් ලැබිය යුතුමය. තරාතිරම නොබලන බවට ඉදිරි වැරදිකරුවන්ටත් පෙර වැරදිකරුවන්ටත් පෙන්නුම් කිරීමට ඉන් පුළුවන. අපරාධ රැල්ල අඩුවීමට එය රුකුලක් වනු නියතය. (නි)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 30 December 2015 12:40 PM

දේශපාලනයේ හැටි එහෙම වුණත් යහපාලන ඔයාලා එහෙම කරන එක ගැන ලැජ්ජයි. (නි)

:       0       0

සමන්ති Wednesday, 30 December 2015 01:42 PM

මුලින්ම පරණ ප්‍රශ්න අවසන්කරලා ඉමු නේද? (නි)

:       0       0

රාධා Wednesday, 30 December 2015 01:51 PM

සෑම්,පටළවා ගන්න එපා. එක්සත් ජාතික පෙරමුණේ නිසා පක්ෂයෙනුත් පරීක්ෂණයක් කරන බවයි කියලා තියෙන්නේ. (නි)

:       0       0

ඉන්දික Wednesday, 30 December 2015 02:47 PM

අර කලින් හොරුන්ට සහ වැරදිකළ අයට දඬුවම් දීපු විදියටද? (නි)

:       0       0

වත්සලා Wednesday, 30 December 2015 03:29 PM

හිරුණිකාට මඩ ගහලා හති වැටුනහම ඒක නවත්වයි. අහිංසක ළමයි දෙන්නෙකුට අම්මා නැතිවෙන්න ගිය එක එයා නැවැත්තුවා. එයාට ඒකට ගොඩක් පින්! (නි)

:       0       0

ගාමිණි Thursday, 31 December 2015 09:47 AM

දඩුවම් දිය යුතුයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site