කොළඹ 05, ජාවත්ත පාරේ පිහිටි නිවාසයක බලහත්කාරයෙන් රැඳී සිටියේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ඇයගේ මවට එරෙහිව ගොනු කළ නඩුවක් මාර්තු මස 29 වැනිදා කැඳවීමට කොළඹ දිසා අධිකරණය අද (06) තීන්දු කළේය .
කොළොන්නාවේ පදිංචිකරුවන් දෙදෙනකු වන රොහාන් වික්‍රම දෙපලගේ සහ රුවන් විජේසේකර නීතිඥ ප්‍රියදර්ශනී වීරසේකර මාර්ගයෙන් ගොනු කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ තමාට අයත් කොළඹ 05 ජාවත්ත පාරේ පිහිටි සමිට් මහල් නිවාසයේ ගොඩනැඟිල්ලක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා ඇයගේ මව සුමනා ප්‍රේමචන්ද්‍ර බලහත්කාරයෙන් අත්පත්කරගෙන ඇති බවයි.
එය තමාට නැවත ලබාදෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලයි.
පක්ෂ කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මොවුන් විසින් තමාට අයත් ගොඩනැඟිල්ලක් ලබා ගත් බවත්, එය නැවත තමාට දෙන ලෙස ඉකුත් පෙබරවාරි මස සිට ඉල්ලීම් කරනු ලැබුවද, එම ඉල්ලීම මෙතෙක් ඉටුනොවුණු බව පැමිණිලිකරුවන් අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කන්නන්ට යහපාලනේ. දුප්පත් අපිට යමපාලනේ! (කෞ)
මෙයා ගොඩක් හිතට අරගෙන වගේ. අනුකම්පා චන්දෙ ලැබුන අය ගොඩක් මේ වගේ. මොකද වැඩ කරලා නෙවේ දුක කියල ගත්ත චන්ද නිසා. කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි (කෞ)
චෞර රැජිනගේ උපදෙස් මත යැපෙන අය යන්නෙත් ඒ පාරෙම තමයි.!!! (බ)
ඕක එක වරදක් විතරයි ටිකක් ඉවසමු (බ)
හොද අනාගතයක් තියෙනෙ කෙනෙක්නෙ මේ ඉල්ලගෙන කන්නෙ. මහ කකුළුව ඇදේට යන ගමන් පොඩි කකුළුවන්ට කෙලින් යන්න කියලා දෙනවා...(බ)
මේක යහ පාලනයේ වරදක් නොවේ. නැහැදිච්චකම. අනික දේශපාලන වැඩවලට ගෙවල් දෙන්නේ මොකටද? (බ)
සාධාරණ , යහපාලනයක් උදෙසා මම ඇප, කැප වෙමි. එදා කිව්වේ එහෙමය්. (බ)
අපේ ජනාධිපතිතුමාගේ හොඳම ගෝලයෙක් ඔහොම කරනකොට එතුමාට මොකක්ද හිතෙන්නේ කියලාවත් මේ අහිංසකත්වයේ දෙවඟන හිතනවාද මන්දා. දැන් කීයක් දේවල්ද මෙයාගේ නමට තියෙන්නේ. (බ)
බලන් යනකොට මෙයා මාර බඩුවක් නේ දැන් තමා මෙයාගේ වැඩ එළියට එන්නේ (බ)
මගුලක් වුනත් තීන්දු කරන කොට පවුල් පසුබිම බලන එකේ වරදක් නැහැ කියලා හිතෙන්නේ මේවා අහන කොට. (බ)
මෙයාගේ වැඩ කෙරුවාව සහ ඇගේ බයිලා /සුරංගනා කතා අතර විශාල වෙනසක් ඇත. මෙවැන්නියන් පාර්ලිමේන්තු අරින අය සිටින්නේ ලංකාවේ පමණකි. (බ)
මෙයා මහාම මහා කරදරයක් වුනානේ. (බ)
ජන්මේ පුරුද්ද ඕක උණ පුරුකේ දැම්මත් කෙලින් කරන්න බැහැ. (බ)
" කිරි මුට්ටියට ගොම බිඳක් " එකතුකිරීමට යහපාලනය සඳහා අන්තිම මොහොතේ උරදුන් මේ ලාබාල මන්ත්‍රීවරියට හැකිවුණා. කොළොන්නාවේ ජනතාව කණගාටුවිය යුතුයි මෙයාව පාර්ලිමේන්තු යැවුවාට (නි)
ඔන්න යහපාලනය ක්‍රියාත්මක නම් වෙනදේ බලමු.!!!!!! (ම)