හොරණ නගරයේ ප්‍රධාන පාසල් දෙකක සිසුන් දෙපිරිසක් අතර අද (12) නගර මධ්‍යයේ ඇතිවූ ගැටුමකින් සිසුන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
ගැටුමට මැදිහත්වූ බව කියන සිසුන් 5 දෙනකු හොරණ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සිසු ගැටුම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ටද සිසුන් පහරදී ඇතැයි කියති. මීට පෙරද මෙම පාසල් දෙකේ සිසු පිරිසක් අතර ගැටුම් කිහිපයක්ම ඇතිවූ බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමෙින්තු යන්න පුරැදු වෙනවා වෙන්න ඇති. (හේ)
මේ තමයි ළමා වැඩිහිටියෝ.....! (නි)
පාසල් ළමයි කියලා බලන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
මේ විනය පිරිහීමට මේ රටට ගෙඩි පිටින් පිටරටින් ගෙනවිත් මානව අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම් පැල කළ අය වගකියන්න ඕනෑ. තව ටික දවසකින් පාසල්වල වෙඩි තියාගෙන මරාගන්න දවසකුත් එයි (නි)
ඉස්සර පාසල් වල තිබුන විනය දැන් නැත්තේ මොකද කියන එකට හොඳම පිළිතුර ඉස්සර පාර්ලිමේන්තුවේ තිබුන විනය දැන් නැත්තේ මොකද කියන ප්‍රශ්නයට දෙන පිළිතුරමයි. (නි)
ලංකාවේ පාර්ලිමේන්තුව වගේමයි නේද . (ර)
ගොඩක් උසස් යැයි කියා ගන්න පාසල්වල විනය නම් අන්තිමයි. (හේ)
දැන් දැන් පාසල් ළමයිනුත් පාර්ලිමේන්තුව අනුගමනය කරන්න පටන් අරගෙන වගෙයි (නි)
ළමයින්ටත් පාර්ලිමේන්තුවේ විදියට වැඩ කරන්න හිතෙන්න ඇති. මහා එවුන්ට විනයක් නැතිනම් ළමයින් ගෙන් විනයක් බලාපොරොත්තු වෙන්න එපා. අපි ජඩයෝ හොරු මිනීමරුවෝ , පාර්ලිමේන්තු ඇරියා නම්, එවුන්ට ඇමති තුමා මන්ත්‍රීතුමා කියල ගරු කරනවානම්, මේ තත්වය බලාපොරොත්තු වෙන්න ඕන.සත්‍යා ගේ කතාව හරි. (බ)
ඉසුරන්දි, සමස්ත පාසල් පද්ධතියේම මේ ඛේදවාචකය දකින්න ලැබෙනවා. ගැටුම් එක් දෙයක් විතරයි. මත්ද්‍රව්‍ය, බීමත්කම, ලිංගික දුරාචාර ආදී බොහෝ දේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා.(හෝ)