වංචා සහගත ලෙස පැවිදි වෙස් ගන්නා පුද්ගලයින්ට දඩුවම් නියම කරමින් බෞද්ධ විහාර හා දේවාලගම් පණතට ගෙන ආ සංශෝධනයන් මේ වන විට නීතිපතිවරයා වෙත යවා ඇතැයි බෞද්ධ කටයුතු පිළිඹද කොමසාරිස් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා පවසයි.
එම සංශෝධනයන් සම්මත කරගැනීමෙන් පසුව සිවුරු දරාගෙන විවිධ වංචනික ක්‍රියාවන්ගේ යෙදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි ඒ මහතා කියයි.
දැනට මෙවන් පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාවේ යෙදවෙන්නේ වංචා සිදුකිරීම පිළිඹද සාමාන්‍ය නීතිය යටතේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් එයාටත් අබසරණයි. (අ)
ඕනෑම කෙනෙකුට මහන දම් පුරන්න බැ.එකට ක්‍රමයක් තියෙනවා විදිහක් තියෙනවා.ගිහි පැවිදි කියන්නේ දෙකොටසක් .පැවිදි අයටත් හැදුනුම් පතක් තියෙනවා ගමන් බලපත්තරයක් තියෙනවා වෙනම (හේ)
මහින්ද ආර් කිතුල්ගොඩ මහත්තයාගේ අදහස අනුමත කරනවා. කරන්න ඕන දේවල් නම් ගොඩක් තියෙනවා. (නදී)
ධර්මදර විනයධර බික්ෂුන් වහන්සේ නමක් කියා සිටියා විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් දෙක විශ්ව විද්‍යාල කරන්නට පෙර භික්ෂුවක් ඉගෙන ගන්න ආපුහම අවුරුදු 10 පමණ කාලයක ධර්මය පිලිබඳව විශාල දැනුමක් ලබාගෙන සාසනයට සේවයක් කරන බව. එය දැන් නැතිවී ගිහින් තියෙන්නේ. සමහර බික්ෂුන් ලෝකයේ අහුමුලුවල තියන ආයතන වලින් පශ්තාත් උපාදී කියා බොරු උපාදි මුදල් වලට අරගෙන බිස්නස් කාඩ් ගහගෙන හැමෝටම බෙදනවා. එම නිසා සම්බුද්ද සාසනය ආරක්ෂා කිරීමට නම් බික්ෂුන්ට ආර්ථික විද්‍යාව උගන්නල වැඩක් නැහැ. අද කීයෙන් කී දෙනකුටද වල්පල් නොදොඩා හරියට ධර්ම දේශනයක් කරන්න පුළුවන්. (නදී)
ගුරුවරයෙක් නැතුව කඩෙන් සිවුරු අරගෙන අැඳගත්ත අය ගැන මේ කියන්නේ (නදී)
සිවුරු දරාගෙන දේශපාලනේ කරන අයත් මේ කොට්ටාසයටම ඇතුලත් කල යුතුයි (නදී)
ශ්‍රී ලංකාවේ සියලුම නිකායන් යටතේ පැවිදි වූ අයගේ ජ්‍යෙෂ්ඨතා ලේඛණයක් සැකසිය යුතුයි .කිසියම් අයෙකු සිවුරු හැරයයි නම් ,අපවත් විනම් හෝ සිරදඬුවමකට යටත් වූයේ නම් එම ලැයිස්තුවෙන් ඉවත් කල යුතුයි බෞද්ධ කටයුතු පිළිඹද කොමසාරිස්තුමාගේ වගකීමකි. එහි උපන් දිනය උපන් නම , ගම පැවිදි නම ,පැවිදි වූ දිනය, ගුරු හාමුදුරුවන්ගේ විස්තර යනාදිය ඇතුලත් කල යුතුයි (අ)..
දුමින්ද මහත්මයා, ඔයාගේ කතාව ඇත්ත තමයි. එත්, මහන දම් පුරන්න කියලා හොරට සිවුරු දාගන බෞද්ධයන්වත් රවටාගන ශාසනේ විනාස කරන්න කරන්න ඉඩ දෙන එක හරිද? (අ)
එතකොට සාස්තර කියක, හොරකම් කරන කටිටියට මොකද වෙන්නේ ? (නදී)
මොනවා නමුත් මේ පොඩි දේවත් හොඳ දෙයක්. ඊට වඩා දේවල් තියෙනවා රට ආරක්ෂා කරන්න අන්ත වාදීන්ගෙන්. (නදී)
ගරු කොමසාරිස් තුමනි, බෞද්ධ විහාර හා දේවාලගම් පනතට අනුව ලංකාව පුරා විසිරී තිබු බෞද්ධ සිද්දස්ඨාන හඳුනාගෙන ඒවා පිළිසකර කිරීමටත්, සමහර පෙදෙස්වල බුල්ඩෝසර් කරණයට ලක්ව ඇති වෙහෙර විහාරත්, දැනටමත් එක් එක් අන්තවාදීන් ගේ ග්‍රහණයට ලක්වෙමින් ඔවුන්ගේ ජනපද කරණය නිසා විනාශවන නිර්මල බුදු දහම රැක ගන්නටත් ඉන්පසු ඒවා රැක ගැනීමට සිල්වත් භික්ෂුන් ගෙන් සමන්විත සඟරුවනක් බිහිකරගැන්මට සියලු නිකායන්ගේ නායක හිමිවරුන්ගේ අදහස් අනුසාසනාමත ක්‍රියාකරමින් සම්බුද්ධ සාසනයේ උන්නතිය උදෙසා කටයුතු කිරීමට කටයුතු කරන ලෙසත් ගෞරව පූර්වකව සිහිපත් කිරීමට කැමැත්තෙමි.(නදී)
වැදගත්ම දෙය හොරු සහ හොරු නොවෙන අය හදුනාගන්නේ කොහොමද කියන එක. සැබැ ධර්ම අවබෝධය ඇති අය අදුනා ගන්න එක ඕන හොරෙක්ට පුළුවන් ත්‍රිපිටකය කටපාඩම් කරගෙන ධර්මය දන්නවා වගේ හැසිරිල මිනිස්සු නොමග යවන්න. එ්ත් ත්‍රිපිටකය කටපාඩම් කරගත්ත පමණින් ධර්මය අවබෝධ වෙන්නේ ඇති වෙන්නේ නැහැ. හැබැයි ධර්මය අවබෝධ කරගත්තු හොරෙක්ගෙන් හරි ක්‍රමේ අහගෙන ගොඩ ගියාට කමක් නැහැ. අංගුලිමාල කතා වස්තුව මතකයිනේ. (බ)
ඕන කෙනෙකුට මහන දම් පුරන්න ඉඩ තියෙනවා. මිනිසුන්ගේ අධ්‍යාත්මික දේවල් වලට ඇඟිලි ගහන්න අවොත් ස්වභාව ධර්මයෙන් සමුහ විදියට වැනසෙන්න වෙන්නේ (අ)
සමන්තභාද්‍රට හිමියන්ට මොකද වෙන්නේ (අ)