නඩු 32කට ඇප මත නිදහස්ව සිටි සැකකරුවකු පිළිමතලාවේ ෆාමසියක් කොල්ලකමින් සිටියදී අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.
කඩුගන්නාව පොලිස් නිලධාරින් රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටියදි ත්‍රි රෝද රථයක් නවතා තිබෙනු දැක සෝදිසි කිරිමේදී අලවංගුවක් හා ඉබි යතුරු 3 ක් දැක ත්‍රි රෝද රියදුරාගෙන් ප්‍රශ්න කිරිමට යාමේදී පැනගොස් ඇති අතර අසලම ඇති ෆාමසියේ දොරේ ඉබ්බන් ගලවා ඇති බව දැක ඇත. ෆාමසියේ දොර විවෘත කර ඇතුළට ගිය පොලිසියට එහි සිටි අයකු හසුවී ඇත.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරිමේදී ඔවුන් පැමිණි ත්‍රි රෝද රථය එදිනම ගෝලෆේස් පිටියෙන් සොරකම් කර ගත් එකක් බවත් සැකකරුට අධිකරණයේ විභාග වෙමින් පවතින මංකොල්ලකෑම් හා ගෙවල් බිඳීම් සම්බන්ධ නඩු 32 ක් ඇති බවත් අනාවරණය කරගත් බව පොලිසිය පවසයි.
පැන ගිය ත්‍රී රෝද රියදුරු සොයා පරීක්ෂණ අරඹා ඇතැයි ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු 32 තියන මිනිහෙක් මොකටද නිදහස් කරන්නේ. නීතියේ හැටි (බ)
මේ වගේ අයට හොරකම් කරපු බඩු බලන්න ගෙනිහින් කන්දකින් වගේ තල්ලු කරලා අත පය කැඩෙන්න දෙයක් කළාට වරදක් නෑ. කවුරුත් මුකුත් කියන එකකුත් නෑ (බ)
ත්‍රී විල් තහනම් කරන්න කාලය ඇවිදින්. (අ)
අනේ හැබෑට මෙහෙමක් මිනිස්සු! (නි)
ලංකාව නුතන යුගයට පියනගන්නේ කවදද? දත්ත පරිගණක ගත කර තිබ්බනම් මුහුට මෙතරම් ඇප ගන්න බැහැනේ. මේ වගේ පැය කොච්චර ඇත්ද (බ)
ලංකාවේ නිතිය නිසා තමා ඔය ඔක්කොම (බ)