ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ගේ නිවස ඇතුළු නිවාස 15 ක් බිඳ දේපළ සොරාගත් කුඩු නිෂාම් නමැත්තා තලංගමදී අද (14) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සුරංග ලක්මාල්ගේ නිවසින් සොරාගත් රිදී මුද්දක් සහ විදේශ මුදල් නෝට්ටු කිහිපයක්ද ඔහු ළඟ තිබියදී සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ඔහු හොරකම් කළේ නැතිබැරිකම නිසානේ. ඉතින් ඔහුට සල්ලි නොදී ඒ වෙනුවට ආහාර, ඇඳුම් සහ වෙනත් දේවල් ලබාදෙන ගමන් පුනරුත්තාපනය කළොත් ඔහු යහපත් මනුස්සයෙක් කරගන්න පුළුවන් වේවි. (නි)
ආර්ථික ප්‍රශ්න වැඩිවුණාම සමහර අය මත්ද්‍රව්‍ය වලින් සහනය පතනවා. (නි)
මූ නිෂාම් කිවනේ නම හොඳයි මූ මේක සෞදි අරාබියේ කළා නම් මොකෝ වෙන්නේ? දෙන්න එපා මෙයාලට ඉඩක් ලංකාවේ , මුන්ට උපරිම දඬුවම් කරන්න (බ)
මම ජීවත්වෙන රටේ හැම නගරයකම හෙරොයින් පුනරුත්තාපන සායන තිබෙනවා. මේ එක සායනයකට සහභාගිවන හැම මත්කුඩු භාවිත කරන්නෙකුටම හොඳ ගෙවීමක් ඇතුළුවෙනවිටම ගෙවනවා. ඇතැම් වෙලාවට මේ මුදල් යළිත් කුඩු මිලදී ගැනීමටම මේ අය යොදාගන්නවා. නමුත් අන්තිමේදී පුනරුත්තාපනය වෙලා යහපත් මිනිස්සු වෙනවා. දැන් මේ රටේ මත්කුඩු භාවිතය 0% ට ඉතා ආසන්නයි. (නි)
බලාගෙන යනකොට ඕනෑම අපරාධයක් පිටිපස්සේ කුඩුකාරයෝ ඉන්නවා වගෙයි (නි)
ඉතා ඉක්මනින් මේ පුද්ගලයාට නිසි පුහුණුවක් ලබාදී සුදුසු රැකියාවකට යොමුකරන්න. සොරකම් කිරීම ඔහුගේ මනසින් ඉවත් කිරීමට පුනරුත්තාපනයකටද ලක්කරන්න. ඒ වගේම නිවාස නැති යට නිවාස ලබාදීම,සමෘද්ධිය වැනි ව්‍යාපෘතිවල ප්‍රතිලාබ මේ තරුණයාටද ලබා දී ඔහුව මේ වැරදි මාර්ගයෙන් ගළවා ගැනීමට උත්සාහ කරන්න. (නි)
දිමුතු කිවුව කතාව හරියටම හරි. මරණ දඬුවමට කලින් කරන්න ඕනෑ මේ වගේ වැඩ.එතකොට නිකන්ම මිනිස්සු හැදෙනවා (නි)
දිමුතු හොද අදහසක් දීල තියෙන්නේ., එය තමයි වියයුතු (අ)
මේ පුද්ගලයාගේ ගිණුම් අංකයක් ලබා දෙන්න. අපිත් කැමතියි අදාර කරන්න. එකෙන් ඔහුට ඔහුගේම ස්වයං රැකියාවක් පටන් ගන්න පුළුවන් වේවි. (අ)
දිමුතු , සචිත් , ඔයාල කියන දේවල් කරන්න ගියොත් , ඔක්කොටම කලින් මිනිස්සු කුඩු ගහන්න බලාවි , මොකද ඊට පස්සේ ඔක්කොම දේවල් නොමිලේ ලැබෙනවනේ , කරන්න ඕන ඕක නොවෙයි , කුඩු ගෙන්වන විකුණන මිනිස්සු එල්ලන එක (අ)