IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


හොරකම් කළ අලිපැටියෙක් මීරිගමින් සොයාගනී

හබරණ කැලයෙන් සොරාගත් බව කියන අලියකු මිරිගමින් සොයගත් බව වනජීවි නිලධාරීහු කියති. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අනුමැතිය හා මගපෙන්වීමෙන් වනජීවී කඩා පැනීමේ ඒකකය විසින් මෙම වැටලීම සිදුකැර ඇත. අලියා සම්බන්ධයෙන් වසර දෙකකට පෙර නිකුත් කළ බලපත්‍රයක් හිමිකරුවන් විසින් පෙන්වා තිබේ. එහි සඳහන් වන්නේ බලපත්‍රය නිකුත්කරන අවස්ථාවේ අලි පැටවාගේ උස අඩි හරයි අඟල් හයක් බවයි. වැටලීම් කළ නිලධාරීන් අලියාගේ උස මැන බැලීමේ දී දැන් අලියාගේ උස අඩි හතරයි අඟල් හතකි. අවුරුදු දෙකකට ම අලි පැටවා උස ගොස් ඇත්තේ අඟලක් පමණක් බැවින් මේ බලපත්‍රය සැක සහිත බව වැටලීම් කළ නිලධාරීහු කියති. මේ අලියා ද මෙරට ක්‍රියාත්මක වන අලි සොරකමේ තවත් එක් අවස්ථාවක් බව පවසමින් පරිසර වේදීහු විශාල පිරිසක් ද මීරිගම අලියා ඇල්ලූ ස්ථානයේ රැඳී සිටිති. අලියාගේ බඩේ සහ පාදවල ද තුවාල දක්නට ඇත.



අදහස් (0)

හොරකම් කළ අලිපැටියෙක් මීරිගමින් සොයාගනී

එරන්ද Saturday, 01 March 2014 10:22 AM

අලි දෙන්නෙක් අහුවුනා කියලා ආරංචියි.(නදී)

:       0       0

අක්ෂි Saturday, 01 March 2014 11:04 AM

කවුද මේ මිනිහා? හරි තියාගන ඉන්න කෙනා? මේ පවුකාර වැඩ නිසා තමයි රටටම හරි නොයන්නේ. අලි පූජාව තහනම් කරන්න කියන්න කවුරුත් නැද්ද? බුදුහාමුදුරුවෝ අලි අස්සයෝ පිළිගැනීම තහනම් කළා. පෙරහැරවල් බලන එකත් කරුණාව තියෙන මිනිස්සු නවත්තන්න ඕනේ මේ අපරාධ නවත්තන්න නම්.(නදී)

:       0       0

සත්‍යපාල Saturday, 01 March 2014 01:32 PM

ගොඩබිම සිටින විශාලම සතාවත් හොරකම් කරගෙන තබාගන්නට හැකි තරමට හොරකම සාමාන්‍ය දෙයක් වී ඇත්තේ නීතියේ සහ බලය නිලය මුදල් ඇති අය ඉදිරියේ නිතිය දනගසන නිසාමය. පොල් ගෙඩියක් අනුන්ගේ වත්තකින් ඇහිද ගත් දුප්පත් පාසැල් දරුවෙකු කුඩුවට ගියද අලියා හොරකම් කලද අලියා ආපසු ගෙන ගියා මිස ඔවුනට දඩුවමක්ද නොමැත. අහෝ අපේ කරුමය.(නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 28 February 2014 10:30 PM

අලින්ව හංගල තියාගන්න පුලුවන්ද,මෙච්චර කල් කොහොමද තියන් හිටියේ.මේවා ලොක්කන්ගේ වැඩ. (අ)

:       0       0

චානක Saturday, 01 March 2014 01:54 AM

කැලේ ඉන්න සතාටවත් නිදහසේ ඉන්න දීපල්ලා. (නදී)

:       0       0

සෑම් Saturday, 01 March 2014 02:32 AM

මේවා කරන අයට නීතියෙන් දඬුවම් නොලැබුනාට කවදා හෝ කරපු අකුසල කර්ම පඩිසන් දෙනවා. (නදී)

:       0       0

ශානි Saturday, 01 March 2014 02:33 AM

මෙම සතුන් රැකගැනීමට පරිසර සංවිධාන වලට උදව් කිරීමට ක්‍රමයක් තියෙනවද? (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 01 March 2014 03:54 AM

මීරිගම ඉන්නේ අලි හොරුනේ. දේශපාලනේ ගැවිලා ඇති. පරිසර වේදීන්ට නවසීලන්තේ අපගේ උපහාර. (නදී)

:       0       0

සමන්ති Saturday, 01 March 2014 06:32 AM

මේ අලි පැටියට බලපත්‍රය නිකුත්කලේ කෙසේද ?අලි මවක් නැති ඕපපාතික සතෙක් වෙන්නැති . පශු ව්‍ය්ද්දිය වාර්තාව දුන්න හැටි සොයා බැලිය යුතුයි .ධී .එන්.එ. පරීක්ෂණයක් කල යුතුයි.(නධී)

:       0       0

සී ජයනාත් Saturday, 01 March 2014 08:09 AM

යු. එම්. පී, අලිත් හොරකම් කරන එකේ කැලයේ අලි ගැන කවර කතාද අප්පා. (නදී)

:       0       0

සදුනි Saturday, 01 March 2014 08:47 AM

එතකොට පැල්මඩුල්ලේ රජමහ විහාරේ ඉන්න චුටි අලිපැටියව අල්ලන්නේ නැතිද? (නදී)

:       0       0

රන්බංඩා Saturday, 01 March 2014 09:02 AM

මට දෙන වද හදාගන්න සල්ලි දෙන්නම්.(නදී)

:       0       0

දාන් Saturday, 01 March 2014 09:04 AM

අලියෙක්නේ ගවයෙක් නෙවෙයිනේ ප්‍රශ්නයක් නෑ...(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1586 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 555 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 627 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site