හබරණ කැලයෙන් සොරාගත් බව කියන අලියකු මිරිගමින් සොයගත් බව වනජීවි නිලධාරීහු කියති. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අනුමැතිය හා මගපෙන්වීමෙන් වනජීවී කඩා පැනීමේ ඒකකය විසින් මෙම වැටලීම සිදුකැර ඇත. අලියා සම්බන්ධයෙන් වසර දෙකකට පෙර නිකුත් කළ බලපත්‍රයක් හිමිකරුවන් විසින් පෙන්වා තිබේ. එහි සඳහන් වන්නේ බලපත්‍රය නිකුත්කරන අවස්ථාවේ අලි පැටවාගේ උස අඩි හරයි අඟල් හයක් බවයි. වැටලීම් කළ නිලධාරීන් අලියාගේ උස මැන බැලීමේ දී දැන් අලියාගේ උස අඩි හතරයි අඟල් හතකි. අවුරුදු දෙකකට ම අලි පැටවා උස ගොස් ඇත්තේ අඟලක් පමණක් බැවින් මේ බලපත්‍රය සැක සහිත බව වැටලීම් කළ නිලධාරීහු කියති. මේ අලියා ද මෙරට ක්‍රියාත්මක වන අලි සොරකමේ තවත් එක් අවස්ථාවක් බව පවසමින් පරිසර වේදීහු විශාල පිරිසක් ද මීරිගම අලියා ඇල්ලූ ස්ථානයේ රැඳී සිටිති. අලියාගේ බඩේ සහ පාදවල ද තුවාල දක්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි දෙන්නෙක් අහුවුනා කියලා ආරංචියි.(නදී)
කවුද මේ මිනිහා? හරි තියාගන ඉන්න කෙනා? මේ පවුකාර වැඩ නිසා තමයි රටටම හරි නොයන්නේ. අලි පූජාව තහනම් කරන්න කියන්න කවුරුත් නැද්ද? බුදුහාමුදුරුවෝ අලි අස්සයෝ පිළිගැනීම තහනම් කළා. පෙරහැරවල් බලන එකත් කරුණාව තියෙන මිනිස්සු නවත්තන්න ඕනේ මේ අපරාධ නවත්තන්න නම්.(නදී)
ගොඩබිම සිටින විශාලම සතාවත් හොරකම් කරගෙන තබාගන්නට හැකි තරමට හොරකම සාමාන්‍ය දෙයක් වී ඇත්තේ නීතියේ සහ බලය නිලය මුදල් ඇති අය ඉදිරියේ නිතිය දනගසන නිසාමය. පොල් ගෙඩියක් අනුන්ගේ වත්තකින් ඇහිද ගත් දුප්පත් පාසැල් දරුවෙකු කුඩුවට ගියද අලියා හොරකම් කලද අලියා ආපසු ගෙන ගියා මිස ඔවුනට දඩුවමක්ද නොමැත. අහෝ අපේ කරුමය.(නදී)
අලින්ව හංගල තියාගන්න පුලුවන්ද,මෙච්චර කල් කොහොමද තියන් හිටියේ.මේවා ලොක්කන්ගේ වැඩ. (අ)
කැලේ ඉන්න සතාටවත් නිදහසේ ඉන්න දීපල්ලා. (නදී)
මේවා කරන අයට නීතියෙන් දඬුවම් නොලැබුනාට කවදා හෝ කරපු අකුසල කර්ම පඩිසන් දෙනවා. (නදී)
මෙම සතුන් රැකගැනීමට පරිසර සංවිධාන වලට උදව් කිරීමට ක්‍රමයක් තියෙනවද? (නදී)
මීරිගම ඉන්නේ අලි හොරුනේ. දේශපාලනේ ගැවිලා ඇති. පරිසර වේදීන්ට නවසීලන්තේ අපගේ උපහාර. (නදී)
මේ අලි පැටියට බලපත්‍රය නිකුත්කලේ කෙසේද ?අලි මවක් නැති ඕපපාතික සතෙක් වෙන්නැති . පශු ව්‍ය්ද්දිය වාර්තාව දුන්න හැටි සොයා බැලිය යුතුයි .ධී .එන්.එ. පරීක්ෂණයක් කල යුතුයි.(නධී)
යු. එම්. පී, අලිත් හොරකම් කරන එකේ කැලයේ අලි ගැන කවර කතාද අප්පා. (නදී)
එතකොට පැල්මඩුල්ලේ රජමහ විහාරේ ඉන්න චුටි අලිපැටියව අල්ලන්නේ නැතිද? (නදී)
මට දෙන වද හදාගන්න සල්ලි දෙන්නම්.(නදී)
අලියෙක්නේ ගවයෙක් නෙවෙයිනේ ප්‍රශ්නයක් නෑ...(නදී)