රාත්‍රී කාලයේ වෙළෙඳසල් 20ක් පමණ බිඳ රුපියල් කෝටි එක හමාරක පමණ මුදල් පැහැරගත් බවට සැකපිට බක්මීවැව නාගොල්ලාගම තරුණයෙක් (25) සහ කුරුණෑගල ත්‍රීරෝද රථ රියදුරෙක් (40) රුපියල් ලක්ෂ තිහක පමණ මෝටර් රථයක් ද සමග ගම්පහ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (9) අත්අඩංගුවට ගනු ලැබූහ.
නාගොල්ලාගම තරුණයා සීදුවේ තාවකාලිව පදිංචිව සිටිමින් කෑගල්ල, මහනුවර, ගම්පහ, කුරුණෑගල, ගිරිඋල්ල, පොල්ගහවෙල, කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ ගණනාවක වෙළෙඳසල් බිඳ ඇතැයි පොලිසිය කියයි. සැකකරු කුලියාපිටියේ තැපැල් කාර්යාලයක් බිද මුදල් පැහැරගෙන ඇති බවට පොලිසියට තොරතරු ලැබී තිබේ.
ගම්පහ බෞද්ධාලෝක මාවතේ සැකකටයුතු අයුරින් රැඳී සිටියදී සැකකරු පරීක්ෂා කළ පොලිස් නිලධාරීනට ඔහු සතුව තිබූ නියනක් සහ උල් කටුවක් හමුවී ඇත.
ඒ ගැන සැක සිතී අත්අඩංගුවට ගෙන දිගින් දිගටම ප්‍රශ්න කරද්දී කොල්ලකෑම් 20ක තොරතුරු අනාවරණය කළ බව පොලිස් ආරංචි කියයි.
සැකකරු වෙළෙඳසල් බිඳ මුදල් පමණක් සොරාගෙන ඇති බවත්, ඔහු එකවරකදී සොරා ගත් වැඩිම මුදල ලක්ෂ 36ක් බවත්, එය සොරා ගෙන ඇත්තේ කෑගල්ලේ වෙළෙඳසලකින් බවත් අනාවරණය වී ඇත.
ත්‍රීරෝද රථ රියදුරු කොල්ලකෑම් සදහා ඔත්ත බලා ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
සොරකම් කරන ලද මුදලෙන් ලක්ෂ 30ක පමණ මෝටර් රථයක් මිලදී ගෙන ඇති සැකකරු ළමා නිවාස, වැඩිහිටි නිවාස, පන්සල් ආදියට ඉතිරි මුදල් වියදම් කර ඇතැයි කියති.
සැකකරු තවත් අපරාධවලට සම්බන්ධදැයි ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු, පොලිස් අධිකාරී 1 රංජිත් මාසිංහ මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඩබ්ලිව්.එම්.ඒ.එස්. රාජකරුණා, පොලිස් සැරයන් 4645 සුනිල්, 9840 ගුණසිංහ, 52478 ආරියපාල සහ පොලිස් කොස්තාපල් 31893 බණ්ඩාර මහත්වරු විමර්ශන පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරුණ, නිකන් මෝඩ කතා කියන්න එපා. ඔයාගේ අම්මා තාත්තා කරන රස්සාවල් මොනවද? (නි)
සශිනි මේවට දෙමාපියෝ ගාව ගන්න එක ගැලපෙන්නේ නැහැ.(අ)
දැන් හොරකම හා පින්කිරීම ජාතික ක්‍රමය බවට දේශපාලුවන් හරවා ඇති බැවින්. මොහු සම්මාන සහිතව නිදහස් කර ජාති හිතෛශියෙක් ලෙස නම් කල හැක. (ස)
මේ තැනැත්තා දේශපාලනයට එක් කර ගත්තොත් අද ඉන්න ඔය කයිවාරු ගහන මහා දේශපාලුවන්ට ආදර්ශයක් දෙවි. ඒත් දැන් තව කල් යයි. හිරේ ගිහින් ආවම සුදුසුකම් තවත් වැඩි වෙන නිසා ඉවසීමෙන් ඉන්න ඕන. (ස)
ඇයි ශෂිනි අපේ අම්මා නම් මාණ්ඩලික හෙද නිලධාරිනියක්. මාසෙට දින නවයක් නයිට්. එදාට තාත්තා විතරයි ඒ කාමරේ ඉන්නේ? (ස)
ශෂිනි වගේ කෙල්ලෙක්ද කොහෙද අර නිවුස් එකේ විදුහල්පතිගේ බොරු ලියුම ගෙනත් දීලා ටීචර්ගේ මාලේ උස්සලා තියෙන්නේ? (ස)
මේ වගේ අය තව තවත් වැඩි වේ වා. (දී)
සහෝදරවරුනි ! සූර සරදියෙල්ට අපහාස කරන්න එපා ! ( ඔබලා සරදියෙල් ගැන නොදන්නා බව පේනවා ) ඔහු කලේ අප රට ආක්‍රමණය කල සහ අපේ දෙය බලහත්කාරයෙන් ගත් සුද්දන්ගෙන් අරගෙන නැවත දුප්පත් මිනිස්සුන්ට දුන්නා ! (ස)
"බක්මීවැව නාගොල්ලාගම තරුණයෙක්" නොව "බක්මීවැව නාගොල්ලාගම රොබින් හූඩ්" යනුවෙන් අමතමු. (ස)
අද හැමදාම අහන්න ලැබෙන්නේ මිනීමැරුම් කොල්ලකෑම් අපචාර. අනික දැන් වැඩියෙන්ම හොරකම් මැරකම් කරන්නේ රටේ වගකිව යුතු පුද්ගලයන්ය. ඉතින් මෙම අය කරන ඒවා මොනවද කියලා හිතනවා. අනික උගත් කියන මිනිසුත් අනුන්ගේ දේවල් වංචා කරලා දියුණුවෙන්න බලන කාලයක්නෙ මේක. (ස)
අන්න හොරු.(නදී)
මිනීමරන්නෙ නැහැ.හොරකම විතරයි.ඒකත් දනට පිනට.තියෙන තැනින් අරගෙන නැතිතැනට දීමයි කරන්නෙ.සරදියෙල්ට සම කිරීමට කොහොමටත් බැහැ. (ස)
වධකයන්ට පත්වීම් දුන්නට ඔවුන්ට පුහුණුව දුන්නට කෝ තවම එල්ලුම්ගහ? ඒක ක්‍රියාත්මක කලා නම් හැම අපරාදෙම අඩුවෙනවා. (ස)
අද කාලේ පන්සල්, කෝවිල්, පල්ලි වල වැඩියෙන්ම පින් අතේ වැඩ කරන්නේ මේ වගේ අය තමයි. (ස)
පින්කරන හොරු ඕනෑ තරම් ඉන්නේ සුදු ඇදගෙන මල් වට්ටි දෝතින් අරගෙන.(නදී)
හොරකම කරලා පින්කන් කරාට පලක් නැ.හොරකම හොරකමම තමා. ඒත් නමේ වෙනසක්!හොරා සාදාරනහෝ අසාදාරන හොරා.(නදී)
වනාන්තර වල රිංගගෙන නිදන් හාරන අයත් පන්සල් පල්ලි කෝවිල් වලට ආධාර දෙනවා. දිළිඳු කාන්තාවන්ට පොලි රහිත නය දෙනවා.(නදී)
කුඩු විකුණන,කසිප්පු බෙදාහරින,ගංජා හේන් වවන ,හොර හරක් ජාවාරම් කරන ,ගණිකා ව්‍යපාර කරන අයත් දානමාන දීල ,දන්සල් දීල ,ප්‍රසිද්ධ පන්සල් වල ප්‍රධාන දායකය දේවාල වල බස්නායක නිලමේ පට්ටමුත් දරන්නේ.(නදී)
වර්තමාන ලංකාවේ තත්වය භයානකයි, එන්න එන්නම මංකොල්ලකෑම් හා අපරාධ වැඩිවෙනවා මිසක් අඩුවෙන පාටක් නම් නැහැ.(නදී)
අන්න හොරු.(නදී)
වරුණනට අද හොඳටම තරහා ගිහින් රූපවති අක්කේ...!!!! හැබැයි කතාව ඇත්ත වරුණගේ. (ස)
පින්වන්ත හොරෙක්.(නදී)
මෙයා රොබින් හුඩ් වගේ නෙමෙයි. පාලකයන්ගේ බදු මුදල් තමයි රොබින් හුඩ් හොරකම් කලේ. සරදියෙල් උනත් ගේම දුන්නේ සුද්දට විරුද්ධව.(නදී)
තවත් සරධියෙල් කෙනෙක්.(නදී)
සරදියෙල්ගේ කවුරුහරිවද්ද? (නි)
තවත් සුර සරදියෙල් කෙනෙක් (නි)
සරදියෙල්ද? (නි)
නූතන යුගයේ සූර සරදියෙල්. (නි)
මොනවා උනත් පින්වන්ත හොරෙක් නේද ? හොරා ගත්ත දේ උනත් බෙදා හදාගෙන කාල තියෙනවා.(නදී)
මේ වගේ මිනිස්සු අපි අතර ඕනෑතරම් ඇති (නි)
මෙම හොරා දේශපාලකයන්ට වඩා හොඳයි. දේශපාලකයෝ හොරා කෑවාට වෙන කාටවත් දෙන්නේ නැහැනේ (නි)
ලංකාවේ ආශ්චර්ය තව තව වැඩි වෙනවා මිස අඩුනෑ (අ)
අවංක හොරෙක් ද කොහෙද?හරියට රොබින් හුඩ් වගේ (අ)