IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හොර හරක් ගෙන ගිය හතරක් කොටුවෙයි

 

(ප්‍රසාද් රුක්මල් ) 

මහියංගණ පගරගම්මන සිට බදුල්ලට කැබ් රථයකින් හිංසාකාරි ලෙස බලපත්‍ර නොමැතිව හොර රහසේ ප්‍රවාහනය කරමින් සිටි එළගවයින් හයදෙනෙකු සමග    සැකපිට පුද්ගලයන්  සිව්දෙනෙකු අද (16) අලුයම බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බදුල්ල කොට්ඨාස රථ වාහන අංශය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගණ පගරගම්මන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 ,34, 30,45 වයසේ පසුවෙන සිව්දෙනෙකු යැයි පොලිසිය කීය .

මහියංගණ බදුල්ල මාර්ගයේ අද (16) අලුයම ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් බදුල්ල දුන්හිඳ අබගහඔය ප්‍රදේශයේ දී රාජකාරියේ නිරතව සිටි බදුල්ල කොට්ඨාස රථ වාහන අංශයේ නිලධාරීන් නැවත්වීමට උත්සහ කිරීමේදී එම කැබ් රථය නොනවත්වා වේගයෙන් බදුල්ල නගරය දෙසට ධාවනය වෙමින් තිබියදී පොලිස් නිලධාරීන් පසුපස හඹාගොස් මෙසේ එළගවයින් ප්‍රවාහනය කරමින් සිටි කැබ් රථය අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය .



අදහස් (1)

හොර හරක් ගෙන ගිය හතරක් කොටුවෙයි

Kamal Koyrala Thursday, 16 January 2025 02:59 PM

වහාම සත්ව හිංසනය වෙනුවෙන් පෙනී ඉන්න අයට කියන්න මේ සඳහා විකල්පයක් දෙන්න කියලා. වඳුරන්ට, ඌරන්ට, අලින්ට පමණක් නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site