හොර උපාධි සහතිකයක් ඉදිරිපත් කර හය වසරක් නුගේගොඩ ශාන්ත ජෝසප් විද්‍යාලයයේ ඉගැන්වූ ගුරුවරයකු අද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
සැකකරු කැලණිය විශ්ව විද්‍යාලයයෙන් ලබා ගත් ආර්ථික විද්‍යාව ගෞරව උපාධි සහතිකයක් ඉදිරිපත් කර 2008 වසරේදී ශාන්ත ජෝසප් විද්‍යාලයයේ සේවයට ගොස් ඇත.
ඔහු ගැන කොළඹ වංචා විමර්ශන අංශයට ලද තොරතුරක් අනුව කළ විමර්ශනයේ දී හෙළි වී ඇත්තේ සැකකරු ඉදිරිපත් කළ ගෞරව උපාධි සහතිකය ව්‍යාජ බවයි.
ඒ අනුව හොර සහතික ඉදිරිපත් කිරීම හා වසර හයක් රජයේ වැටුප් මුදල් වංචා සහගතව ලබා ගැනීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද මාධ්‍ය ප්‍රකාශක පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතිකේ හොර වුනත් හොදට ඉගැන්නුවනම් ගැටලුවක් නැහැනේ එහෙම බැලුවොත් නමය පාස් නැති ඇමතිලා අමාත්‍යන්ශ පාලනය කරන්නේ (අ)
කලකට ඉහතදී ලංකාවේ හිටපු අධ්‍යාපන ඇමති කෙනෙක් ඇමෙරිකාවට ගොස් හොර ආචාර්ය උපාධියක් ලබාගෙන, තම පාක්ෂිකයිනුත්, ආණ්ඩුවත්, රටත් තමාගේ හෘද සාක්ෂියත් රවටා දිගට ම රස්සාව කරගෙන ගියා. එයාව අල්ලන්න කවුරුවත් ඉදිරිපත් උනේ නැහැ. "මිටි තැනින් යයි ගලා ජලේ.(නදී)
මිනිසුන් අල්ලා ගස් බැඳීම පිළිබඳව ආචාර්ය උපාධියක් දෙන එකම රට ලංකාව.(නදී)
අල්විස්, ඔය තර්කය පොඩ්ඩක් කියා දෙන්නකෝ වංචා විමර්ශන අංශයට. ඒ අහිංසකයව එලියට දාන්න කියලා. මෙයා උගන්නපු අය දැන් ආර්ථික විද්‍යා උපාධිධාරීන් වෙලාද කවුද දන්නේ. සමහරවිට අපේ අය වැය ලේඛනය හදන්නත් ඒ ගොල්ල උදව් වෙනවා ඇති. (නදී)
ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින 'හොර උපාධි සහතික' ලත් ඉංජිනේරුවෝ ඇතුළු උපාධිධාරීන් අල්ලන්නේ කවදාද? (අ)
ඔහුත් ඉගෙනීමටම ඉපදිලා.(නදී)
ලංකාවේ බුද්ධි අංශයෙන් කෙනෙක් මේ පැත්තටත් එවන්න. අපි පෙන්නන්නම් 'යුනිවසිටි ඔෆ් මාලිගාවත්ත' උපාධිධාරීන්ව.(නදී)
එන් ඩී ටී හෝ ලංකාවේ ටෙක්නිකල් ගිය සමහරු 'යුනිවසිටි ඔෆ් මාලිගාවත්ත' ලබාදෙන පේරාදෙණි, මොරටු සරසවිවල ඉංජිනේරු සහතිකය ලබාගෙන විදේශ ගත වෙනවා. මේ අය ගැන දන්නෝ දනිති. (අ)
තව කොච්චරද? ආචාර්‍යලා.(නදී)
දිසානායක සහ සෙනෙවිට, ඔයාල කියන කට්ටිය අපේ රටෙන් ගියේ හම්බකරන්ඩ නේ. ඒ සල්ලි එවන්නෙත් අපේ රටටම නේ. ඔන්න ඔහේ හිටපුවාවේ අහුවෙන්නේ නැත්නම්. (නදී)