IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හොර සල්ලි සමග යුවළක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ පානදුර සුමිත් පොතුපිටි)

ව්‍යාජ 5000 මුදල් නෝට්ටු 12ක් සමඟ අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලීසිය කියයි.

එම  ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයට කිරීමට යොදාගත් ප්‍රින්ටරයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

ත්‍රීරෝද රථයකින් ගමන් කර තිබූ යුවළ කළුතර උතුර ගල්පාත ප්‍රදේශයේ වෙළඳ සලකට ගොස් රුපියල් 5000 මුදල් නෝට්ටුවක් ලබාදී භාණ්ඩ මිලදී ගෙන ඇති අතර ඒ පිළිබඳ සැක සිතූ වෙළඳසල් හිමිකරු පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත.

පසුව එම යුවල පදිංචි කළුතර දකුණ පොලිස් වසමේ නිවස පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී තවත් ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු එකොළහක් මුද්‍රණය කිරීමට යොදා ගත් ප්‍රින්ටරය සොයාගැනීමට හැකිවූ බව පොලිස් නිලධාරීහු පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකාර යුවළ වයස අවුරුදු  47 වියෙහි පසුවන දෙදෙනෙකි.

සැකකාර අඹුසැමි යුවළ කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (1)

හොර සල්ලි සමග යුවළක් අල්ලයි

G. K. Ekanayake Saturday, 13 May 2023 02:45 PM

එක නෝනා කෙනෙක් ලක්ෂ 15 ක හොර නෝට්ටු ලඟ තබාගෙන ඉඳල නිදහස් වුණා නම් මේ යුවල ද නිදහස් කළයුතුයි. එකම රටත් එකම නීතියක්?

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site