රුපියල් ලක්ෂ හැත්තෑවක් වටිනා රුපියල් දෙදහසේ නෝට්ටු 481 ක් මුද්‍රණය කැර ළග තබා ගත්තැයි කියන සිද්ධියේ ගුරුවරයකු ඇතුළු සැකකරුවන් තිදෙනකු ලබන 21 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයි කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් කමල් විජේසිරි මහතා නියෝග කළේය.
ගුරුවරයකු වන ආටිගල පදිංචි දිමුතු නුවන් කුමාර,මහරගම අනුර සේනාරත්න,අතුරුගිරිය අලස් ප්‍රේම් ප්‍රදීප් පළිහමුණි මෙසේ රිමාන්ඩ් කෙරිණි.
දිමුතු නුවන් කුමාර වෙනත් නඩුවක් සදහා ගල්කිස්ස මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් ලබා දෙන්නැයිද මෙම නඩුවේ පරීක්ෂණ කටයුතු තවමත් සිදු වන බවද රහස් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාරත් ඇප අරන් ලස්සනට එලියට එයි.මිට කලින් කිහි පවතාවක්ම හොර සල්ලි ගහල අහු උන මිනිහ එලියට දාල හරි යනවද, අහල තියෙන විදියට 42 වතාවක් ඇප අරන් තියනවා.මේ පාරත් මහා ලොකු දෙයක් නෙවේ. මිනීමරුවෝ කුඩුකාරයෝ ඇප අරන් එලියට එද්දී මල් මාලා දාලනෙ පිළිගන්නෙ.මේකත් මොන අරුමයක්ද ? (ස)
පෙරකදෝරුවොන්ටත් ඒවම දෙයිද? (ස)
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා.. (ස)
2000 නෝට්ටු 481 ක් කියන්නේ 962,000..මොකක්ද මේ ලක්ෂ 70 ක් කියන කතාව, බැංකුවට වැරදිලා වත්ද? (නදී)
රිමාන්ඩ් නෙමේ උපරිම දඬුවම් දිය යුතුයි. හැබැයි මිනී මරල සාක්කිත් තියෙද්දීම එළියේ කිසි අවුලක් නැතුව වැජඹෙන උත්තමයන්ටත් නීතියෙන් නැතත් දෙවියන් හරි දඬුවම් කරාවී. (ස)