( කුමාරි වාරියපොළ සිට ) - 2013 දෙසැම්බර් 06 දින අවසන් වාර නිවාඩුවේ අපුරු වැඩක් කළ එකම පවුලේ දියණියෝ තිදෙනෙක් වාරියපොළ සිටිති.
පී.ටී සඳුනි තාරුකා ජයවර්ධන, පී.ටී නිපුනි භාග්‍යා ජයවර්ධන ,පී.ටී හිරුනි මධුභාෂිනි ජයවර්ධන ඒ අය වුහ.
පාසල් නිවාඩු කාලයේදී ඔවුහු සඟරාව නිර්මාණය කළහ.
කවි,චිත්‍ර,කතන්දර,දහම් කරුණු ආදී විවිධ නිර්මාණ එකතු කළ මෙම නිර්මාණය පිටු අසු හයකින් යුක්තය.
එය ඔවුන්ගේ කුලුදුල් නිර්මාණයයි.
දියනියන්ගේ පියා විදේශ රැකියාවක නිරතව සිටින අතර මව දියණියන් සමග ජිවත් වෙයි. මවගේ හා පියාගේ අදහසක් අනුව මෙම සඟරාව නිර්මාණය විය.
ප්‍රදේශ වාසීන්ගේ සහයද මේ සඳහා ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ඔය වගේ පොත් හදල රටට සේවයක් කරන්න. දෙවි පිහිටය්.(නදී)
රෝසපාට ඇඳලා රෝස පාට වළලු දාලා ඉන්න චූටි නංගිගේ නම හිරුද?එයා කීවෙනි පන්තියේද? (නදී)
ඔයාලගේ අදහස් සියල්ලටම ගොඩක් ස්තුතියි.(නදී)
කාලය අපතේ නොයවන්න රුප පෙට්ටිය නැත්නම් හූනියම් පෙට්ටියෙන් දරුවන් රැකගන්න (අ)
දෙවෙනි නිර්මාණයට ''එකට පැයූ සඳු,තරු,හිරු''කියා නම් තබමුද? (අ)
බුදු සරණයි, දෙවිපිහිටයි ඔබලාට දියණිවරුනි.(නදී)
ඔබලාට දෙවි පිහිටයි.(නදී)
ජයවර්ධන පව්ලේ පෑයු ''සඳු,හිරු,තරු,''දුලාට තෙරුවන් සරණයි. (නදී)
අනෙක් නිර්මාණයට දැන්ම කරුණු එකතු කරන්න. ජය ශ්‍රී! (නදී)
දුවරුනට දළඳා හිමි රැක වරණයි. මෙය සියලු පාසල් දරු දැරියන්ට ආදර්ශයක් වේවා.(නදී)
සඝමිත් සොයුරියක ලෙස ඔබ පිළිබද ආඩම්බර වෙමි .මගේ ආදරණිය මිතුරිය තාරු ඇතුළු අක්කලා නංගිලා තුන් දෙනාගේ මේ විශිෂ්ට නිර්මාණය අප විදුහල ඇතුළු සියලුම විදුහල් වල සහෝදර සහෝදරියන්ට ආදර්ශයක් බව සතුටින් දන්වමි.තව තවත් මෙවැනිම නිර්මාණ කිරීමට ඔබ තිදෙනාට ශක්තිය දහිරිය ලැබේවි එක සිතින් ප්‍රර්ථනා කරමි. (දිල්)
හරිම ආඩම්බරයි. ගොඩක් හොද වැඩක්. පාසල් ළමුන් මෙය ආදර්ශයට අරන් මෙවැනි දේ වලට යොමු වේවා! මේ දරුවන්ට සැම නිවාඩු කාලයකම මෙවැනි දේ කිරීමට දහිරිය ලැබී,වඩාත් හොද නිර්මාණ බිහි කිරීමට ශක්තිය ලැබේවා! (නදී)
ඔව් ඒ තමයි හිරු දු..දම්පාලි.මාතලේ සංඝමිත්තා බාලිකාවේ තුන්වෙනි පන්තියේ ඉගෙන ගන්නේ. (දී)
හොද අක්කල නංගිලා තුන් දෙනෙක්. දරුවන්ට වගේම දෙමාපියන්ටත් ආදර්ශයක්. (නදී)
දෙමව්පියන්ට ගුරු භවතුන්ට,මහා ත්‍යාගයක් කල දුවරුන්ට අපේ ප්‍රණාමය. (නදී)
දෙමාපියන් දරුවන් වෙනුවෙන් කොතරම් ජීවිතයේ කැපකිරීමක් කරනවද? ඒ වෙනුවෙන් දරුවන් කළගුණ සලකන්න ඕනේ. මේ දුලගෙන් එක විදිහක ලැබෙන කළගුණ සැලකීමක්. ජයවේවා.(නදී)
දිගටම පොත් නිර්මාණය කරන්න. ඒ සඳහා පොත පත පරිශීලනය කලයුතුයි. අනාගතයේ කීර්තිමත් ලේඛිකාවන් වේවා.(නදී)
මේවා ඉතාමත් ආදර්ශමත් වැඩ (දී)
මේ අදහස ආ එකම ඇති ආදර්ශයකට අපේ දරුවන්ට.(නදී)
ඇත්තටම අපුරු වැඩක්. මොකද පාසල් නිවාඩුවේ ළමයි සෙල්ලමට බර වෙනවා හැරෙන්න මේ වගේ වැඩක් කරයිද? (නදී)
තිරයේ පිටුපස සිට ලංකාදීපයෙන් වෙන මේ සේවාවට අපගේ ප්‍රණාමය. (අ)
රත්‍රන් දුවරුනි , නුඹ වැනි දූ වරුන් තනු මා පිය දෙපල කෙතරම් වාසනාවන්තද...?දැයේ දු පුතුනි...ගන්න ආදර්ශය....නැගිටින්න ඔබත්...මෙවෙනි දු වරුන් මෙන් ...දිලෙයි සැමදා දු පුතුන්...එවිට..........සුදිලෙයි ලක්මවුන්...... (දී)
සම්පත් හරි.ඒත්..,ඔය රුපවාහිනිය හූනියම් පෙට්ටිය වෙන්නේ ඇලී ගැලී විකාර වැඩසටහන් බල බලා ඉන්න නිසානේ.?වැදගත් දේ තේරුම් බේරුම් කරගෙන වෙලාව හදාගෙන බලනවා නම් හොඳයි. එක උදාහරණයක් ''දොරමඩලාව''.ළමයින්ට ඔය කියන හූනියම් පෙට්ටියෙන් කාටුන් නම් බලන්න දෙන්නම හොඳ නෑ. ළමා ලෝකය නසන දේ.. ,මනස විකාර කරන දේ.. ,බොරුව ඒ තුල රජවෙලා. (නදී)
මේවගේ අදහසක් ආ එකම ඇති අනෙක් දරුවන්ට ආදර්ශයකට.ඔබලාගේ ශක්තිය ධෛහිර්ය තව තවත් වැඩිවේවා. (අ)
සඟරාවේ වීඩියෝ ක්ලිප් එකක් දාන්නකෝ..? (නදී)
කාලය රන් හා වටී. කාලය කියන සම්පතින් ජය මාවතට පා තැබූ,සොහොයුරියන් තෙපළට සම්මා සම්බුදු හිමි සරණයි. (නදී)
සමන්මලින් පවන් සැලේවා.(නදී)
නංගිලා ඔයාලා මේ කරපු වැඩෙන් අපිට කනක් ඇහිලා ඉන්න නැහැ අපේ අම්මාගන්. මොනවා වුනත් ලස්සන වැඩක්නේ හෙට ඉඳන් අපේ ගෙදර ටීවී මටයි මල්ලිටයි තහනම් කළා අපේ අම්මා.(නදී)
මව්පිය ගුණ කවි පන්ති කීහිපයක්ම එකතු කරන්න. නිවාඩු එනකම්ම ඉන්නත් එපා නංගිලා. නැත්නම් කම්මැලියා ඒවි ඔයාල හොයාගෙන. ඔය කම්මැලියා හරිම අකමැතියි ඔවැනි වැඩවලට. (නදී)
දෙවැනි නිර්මාණය පටන් ගන්නේ කවදාද?ජයෙන් ජයම වේවා.(දිල්)
හරිම ලස්සන වැඩක්! එකමුතු කමේ බල මහිමය! නුබලාට සුභ අනාගතයක්! ඒ වගේම හැමෝටම එකම දේ කරන්නත් බැහැ කියල අපි දන්නවා. දුලංජලී ඔයාට පොත් ලියන්න බැරි උනාට මේක ආදර්ශයට අරගෙන ඔය දෙන්න ආසා දෙයක් ලස්සනට කරන්න පුළුවන් නේද ? (නදී)
දුවරුන් තුන් දෙනාටම කහදුව බෝ සමිදු පිහිටයි. තවත් මෙවෙනි සාගර එලි දක්වන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා.(නදී)
ජය වේවා. (අ)
හරිම අපුරුයි. අගේ කල යුතු වැඩක්. පාසලින් අගේ කලාද ගමටත් පාසැලටත් ආඩම්බරයක්. පාසැල කොහෙද? දිගටම සඟරාව අරන් යන්න. කෙටි කතා ඇතුල් කරන්න. පොත් ප්‍රමාණය වැඩිකර පාසල් පුස්තකාලවලට දෙන්න පුළුවන්. ජය ශ්‍රී. (නදී)
ඊළඟ පොත ලියන්නේ කවදාද? එසැනින්ම දන්වන්න. පොත් මුද්‍රනය කරන්න, උදව් කරන්න අපිත් කැමතියි. පාසලින් උත්සවයක් සංවිදානය කලොත් අපි ත්‍යාග පරිත්‍යාග කරන්නම්. (නදී)
සොහොයුරනි,හරිම ලස්සනයි.මමත් පාසල් ශිෂ්‍යාවක්. ඔයාලගේ එකමුතුකම අපිට ආදර්ශයක්.අ පේ තාත්තා කියනවා ඔයාලගේ තාත්තාගේ පොටෝ එකකුත් ඔතන තියෙන්න ඕනලු. අපිටත් සඟරාවක් හදන්නලු. ඔයාල හඳුනාගන්න ආසයි.(නදී)
මටත් මතකයි මගේ පුංචි කාලේ හොඳ වැඩක්. අගය කළයුතුයි(දිල්)
මට වෙලාවකට තරහත් ආවා මේක දැකලා. අපේ අම්මා අපිව එල්ලලා තිබ්බ එක විතරයි නොකෙරුවේ?දැන් ඉතින් ඉතින් ටී වී බලන්න තහනම්.(නදී)
මේ පණිවිඩේ හරිම වැදගත්. මමත් ගුරුවරියක්. මේ පණිවිඩය දැන් මට පුළුවන් අපේ පාසල් දරුවන්ට මගේ ලැප්ටොප් එකෙන් පෙන්වන්න. ළමයි උනන්දු වේවි. දුලාට තෙරුවන් සරණයි.(නදී)
නෑ..නෑ ස්වස්තිකා සඳු,හිරු,තරු ම ඉදිරි පොත් සඳහා එක දෙක කියා අංක පිළිවලින් හොදයි. (අ)
දුලන්ජලීට යස වැඩේ. රූපවාහිනිය ළඟ දනගස්වලා තියන්නයි වටින්නේ. (නදී)
ඇයි දේවින්දි,වලාකුළු? (අ)
ඒ කියන්නේ ඔයාල නිවාඩු කාලේ පන්තිවත් ගියේ නැද්ද? මාරයිනේ? (නදී)
මංගල ටීවී පිස්සෙක් වුනොත් අවමංගල වෙන්න වෙයි. (නදී)
ඔයාල කල නිර්මාණය සැමට ආදර්ශයකි. ඔබ සැමට ජය හිමි වන්නට සුබ පතමි.(නදී)
සඳු,තරු,හිරු ඔයාලට තව අඩු ආකාශ හා දේදුනු විතරයි නේද? සුභ පැතුම්. (නදී)
කමෝන් ත්‍රී සිස්ටර්ස්. වෙල්ඩන්. (නදී)