(ඉන්දිකා රාමනායක)
රජයට විශාල බදු මුදලක් අහිමි කරමින් නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 8 ට අධික වටිනා නවීන අධි සුඛෝපභෝගි ජිප් රථයක් ව්‍යාජ ලේඛණ සකස්කර රුපියල් කෝටි 4 ක මුදලකට අලෙවි කිරීමට කුරුණෑගල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසේ සඟවා තිබියදි පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරය ඒකකය විසින් අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබ ඇත.
2020 වසරේ ජපානයේ නිෂ්පාදිත මෙම සුඛෝපභෝගී ජිප් රථය ව්‍යාජ ලේඛණ සකස් කර මෙරටට ගෙන්වා ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් බවට පොලිසිය යොරතුරු හෙළි කරගෙන ඇත.
සුඛෝපභෝගී ජ්ප් රථයක් වටිනාකමින් අඩු මුදලකට අලෙවි කිසිරීමට සුදානමින් සිටින බවත්, මෙහි කිසියම් වංචාවක් ඇති බවට පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂවරයාට ලද බුද්ධි තොරතුරකට අනුව නිලධාරීන් කුරුණෑගල නගරයේ සති කිහිපයක් ආවේක්ෂණ රාජකාරියේ යෙදී සිටි ඊයේ දහවල් මෙම වාහනය අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකාර වෛද්‍යවරයා මෙම මෝටර් රථය අලෙවි කිරීම සදහා කුරුණෑගල ප්‍රදේශයේ තවත් කෝටිපති ව්‍යාපාරිකයකුට ලබා දී ඇති අතර, ඔහු එම වාහනය කුරුණෑගල නගරයේ පදිංචි තවත් කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසේ සඟවා තිබියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වාහනයේ මුල් අයිතිකරු වශයෙන් රථය ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකර ඇත්තේ වෙනත් ව්‍යාපාරිකයකුගේ නමින් බවත්, පොලිස් නිලධාරීන් එම ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කිරීමේ දී මේ ආකාරයේ වාහනක් තමන් සතුව නොමැති බවට ප්‍රකාශ කර ඇත.
මෙම වාහනයේ දෙවන අයිතිකරු වශයෙන් බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයකු නම ලියා පදිංචි කර ඇති බවත්, මෙම වාහන ඔහු ගේ ද යන්න හෙළි කර ගැනීම සදහා ඔහුගෙන් ද ප්‍රකාශ සටහන් කරගන්න බව පොලිසිය කියයි.
මෙම වාහන සම්බන්ධයෙන් පැවති ලිපි ලේඛණ සහ අදානම් බදු ගෙවු බවට සදහන් ලිපි ලේකණ රැසක්ම ව්‍යාජ බවද පොලිසිය පවසයි.
සැකකාර වෛද්‍යවරයා රේගු වේ කිසිවකුගේ සහයෙන් රජයට විශාල බදු මුදලක් අහිමි කරමින් කූඨ ලේඛය සකස් කර මෙම මෝටර් රථය මෙරටට ගෙන්වා ඇති බවත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කිසිවකfුග් සහයෙන් එය වෙනත් අයගේ නම් වලින් ව්‍යාජ ලෙස ලියා පදිංචි කර ඇති බවට සැකකරන බවත්, ඒ අනුව මෙම සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන සිදුකරන බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
300
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර ලේඛනවලින් විකුණන්න හැදූ සැප ජීප්රියක් කෝටිපතියකුගේ ගෙදර
ආසිරි Tuesday, 12 September 2023 09:10 PM
බලන් ගියාම දොස්තරලයි, ආදායම් බදු නිලධාරියෝයි, මෝටර් රථ එකේ උසස් නිලධාරියෝයි සේරම පට්ට හොරුනේ... දේශපාලකයින්ට බැන්නාට මේ රට මේ මිනිස්සු එක්ක කොහොම හැදෙන්නද? විශ්වාස කරන්න පුළුවන් එකම එක මිනිහෙක් වත් නැතුව...!
Nimal Wednesday, 13 September 2023 08:34 AM
අධික තණ්හාව නිසා වෙන දේවල්...