
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම සැකකරුවන් හා සැකකාරියන් සන්තකයේ තිබි බස්නාහිර පළාත දකුණු දිශාව බාර නියෝජ්‍ය පොලිස්පතිගේ නිල මුද්‍රාව හා නියෝජ්‍ය පොලිස්පති, බස්නාහිර පළාත දකුණු දිසාව කාර්යාලයේ දින මුද්‍රාව ඇතුළත් ලිපි ලේඛන පොලිස් භාරයට ගෙන ඇත.
ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ඊයේ (19) දින පැමිණෙන ලෙස දැනුම් දී මීට දින කීපයකට ඉහතදී එම පිරිසේ තොරතුරු ඇතුළත් ගොනුවක් සකස් කර තිබූ බව පොලිසිය සඳහන් කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන ගැවසෙන කාක්කන්ට අහුවුණාම තමයි ඔහොම වැඩේ වෙන්නේ...!