ඔහු හිටපු හමුදා ප්‍රධානියෙකි. ලතින් ඇමරිකාවේ ජනප්‍රිය අගනගරයක තානාපතිවරයෙකි. බොහෝ දෙනා ඇදීයන වෙරළක්ද එහි ඇත්තේය. කොළඹින් යද්දී ඔහුට විදේශ අමාත්‍යංශය උපදෙස් දුන්නේ ගුවන් මගින් එම නගරයට යන ලෙසයි. ඒ වෙනුවට ඔහු කළේ හමුදා බොඩි ගාඩ්ලා දෙන්නාද සමග කාරයකින් ගමන් කිරීමයි.
අවිගත් පල් හොර මුලක් අතරමගදී වාහනය නතර කළාලු. ඔහුගේ සේසතම අතගාගත්තාලු. ආරක්ෂකයන් දෙන්නාට නැතිවීමට කිසිත් ළඟ තිබුණේ නැතිලු. ඔවුන්ගේ පඩිය රුපියල් වලින් ගෙදරට ලැබෙන නිසාලු.
‘කිව්වා නාහන ගුරු උඩින් ගියත් එකයි යටින් ගියත් එකයි‘ යනුවෙන් ඔහුගේ ප්‍රධානීන් කියනවාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
අයියෝ! බලන්නකෝ වෙච්ච දේ... (නි)
මේ අකරතැබ්බය වෙලා තියෙන්නේ හිටපු මාණ්ඩලික ප්‍රධානියාට අන්තිමට එන්නේ ජයසුරිය කියල දැන් හොයාගන්න පුළුවන් නේද. (අ)
කියන දේ ඇහුවා නම් මෙහෙම වෙන්නේ නැහැනේ (නි)
මම නම් ඔය සිද්ධිය සහසුද්දෙන්ම දන්නවා ... ෆන් එකක් ගන්න කරගත්ත දෙයක් .. ලංකාවේ කෙරුම්කාරකම් පිටරටවල ගිහින් බලු වෙනවා කියන්නේ ඕකට තමයි .. ලංකාවේ නම් නිකන් කෙනෙක්ට ළං වෙන්නවත් බැරි පුද්ගලයෙක් මේ .. රට බ්‍රසීලය .. කොල්ලකන්න ඇවිත් තියෙන්නේ දෙන්නයි ..අරක්ෂකයෝ දෙන්න පැනල දුවල ... මුලුසේසතම අරන් කුලියට අරන් ගිය වාහනෙත් අරන් ගිහින් .. (අ)
ජෙනේරල් ෆොන්සේකා යුද්දය ඉවර කරලම දුන්නම මෙයාල හිතුවේ මුළු ලෝකෙම දිනා ගත්තේ තමන් කියලා.බොහොම හොදයි.කොහොම ස්තුති කරන්නද මන්ද (ම)
ආරක්ෂක නිලධාරීන් මොකද දන්නෙ නැහැ කළේ? (නි)
බ්‍රසිල් වල ඔහොම තමයි. හරිම භයානකයි (නි)
තානාපතිලා කියල ලංකාවෙන් යන්නේ පාලකයන්ට ගොට්ට අල්ලන උදවිය. එහෙම අයට මෙහෙම වෙනවා කියල අහනකොට මට දැනෙන සතුට කියල වැඩක් නැහැ... (ම)
අපි නම් දන්නවා මේ කවුද කියලා (නි)
ඉතින් කියන්නකෝ නම (නි)
මට නම් හිතාගන්න පුළුවන් වෙලාතියෙන දේ (නි)
කිවුව දේ නෑසූ එකට හොඳ දඬුවම (නි)
ලෝකයේ ලොකුම ත්‍රස්තවාදී කණ්ඩායම විනාශ කරපු "මට" මේවා මොනවද කියලා යන්න ඇති. තානාපති තනතුරු වලට යමක් හිතන්න පුළුවන් අය ගත්තොත් හොඳයි.(ම)
මෙයා කවුද කියලා කියන්නකෝ. (නි)
ලජ්ජා නැති කම මහා මුදලි කමටත් වැඩිය ලොකුකියන්නේ ඕක තමා (අ)
අැයි මේ බය කෙනා කියන්න මම කියන්නද ඇත්ත ව්ස්තරේ? (බ)
ඇත්තටම කවුද මේ? (නි)
කියන්නකෝ මාගලී (නි)
හමුදාවේ හිටපු ජගතෙක් තමා. (ස)
කවුද මේ මහත්තයා? (නි)