කහවත්ත රක්වාන ගඟේ හොරෙන් ගැරූ මැණික් ඉල්ලම් කියුබ් 50ක් වෙනත් ඉඩමක තැන්පත් කරමින් සිටියදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ කහවත්ත විශේෂ කාර්ය බළකාය වැටලීමක් කර එම ඉල්ලම් තොගය අත් අඩංගුවට ගෙන ඇත.
රක්වාන ගඟේ අඩි හැටක් පමණ ගැඹුරට ‘ලෝන්ග් ආම්‘ ස්කැවේටරයකින් කැණීම් සිදුකර ඇත. ඉල්ලම් වෙන්දේසියේ විකිණීමට යයි.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ඩබ්ලිව්. අරුණ ගුණවර්ධන, සම්පත් පරිපාලන නිලධාරී තේනුවර, අභ්‍යන්තර විගණක කේශර වීරතුංග, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සමරතුංග, රත්නපුර ප‍්‍රාදේශීය සහකාර අධ්‍යක්‍ෂ සංජීව මුණසිංහ සහ කහවත්ත විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ ප‍්‍රධාන පරීක්‍ෂක මාරසිංහ, අණ දෙන නිලධාරීන් වන කේ.ඒ.ඩබ්ලිව්. රණසූරිය ආර්.කේ.යූ. ජයවර්ධන යන මහත්වරු වැටලීම කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd