අද නව දේශපාලන සංස්කෘතියකට රට යොමුවී ඇති බවත් එය අර්ථවත්වීමට වියතුන්ගේ උපදෙස් හා මග පෙන්වීම අවශ්‍ය යැයි මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියෝ පැවසූහ.
කොළඹදී අද වියතුන්ගේ හඬ සංවිධානය මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එම අදහස් පළ කළේය.
රටේ ඇතිවන්නාවූ විවිධ ජාතික, ආගමික හා සංස්කෘතික ප්‍රශ්න පිළිබඳ ජනතාව දැනුම්වත් කර ක්‍රියාත්මක කිරීමට වියතුන්ගේ අදහස් අවශ්‍යවී තිබෙනවා. අපි කරන්නේ එම කාර්ය භාරයයි. ඉකුත්දා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව ශ්‍රි ලංකාව තුළ අහිතකර ප්‍රතිවිපාක ඇතිවන්නට බොහෝ දුරට ඇතිවන්නට ඉඩ ඇතැයි වියතුන්ගේ හඬ සංවිධානය විශ්වාස කරන බවද ඒ හිමියෝ කීහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් දැන්වත් හරි පාරේ යමු (නි)
හොඳ කතාවක් (නි)
මම නම් ඔන්න මොකුත්ම කියන්නේ නැහැ (නි)
දැන් අපේ රටටත් අවශ්‍ය වෙන්නේ හරිමඟක ගමන්කිරීමයි (නි)
හරි පාර පෙන්වීම වියතුන්ගේ වගකීමක්. (ර)
මහින්ද මහත්තයට කඩේ ගිහින් නොයෙක් තානාන්තර ගත්තු මේ කණ්ඩායම නැවත සැරසෙන්නේ මොකටද මේක මෙයාලගේ රස්සාව මෙයාල මෙතෙක් කොහෙද හිටියේ (අ)
දේශපාලනය මොකක් වුණත් අදහස් දානකොට හැමෝටම ලැබුණ නිදහස ගැන හිතන්න.මහින්දලගේ කාලේ වැරදිවුණා. හැබැයි යුද්ධය නැවතුණා. රට සංවර්ධනය වුණා.නමුත් දැන් රට යන විදිය හොඳ නැහැ. නීතිය සාධාරණ නැහැ. කාටද කියන්න පුලුවන් නීතියට දේශපාලන ඇඟිලි ගැහීම් නැහැ කියලා (නි)
වියත් අැසුර හොද දෙයක්. (ර)
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙනා යෝජනාව අයහපත් ප්‍රථිඵල ගෙනෙන බව ඔබ වහන්සේ වදාරද්දී යහපාලන ආණ්ඩුවට හිතවත් විෂය පිළිබඳ ප්‍රාමාණිකයෝ එය ජයග්‍රහණයක් බව පවසති. ඔබ දෙකොටස එක මේසයක් හිඳ ජනතාව දැනුවත් වන පරිදි එක නිවැරිදි තීරණයකට පැමිණ රජයට උපදෙස් දෙන්න. (නි)
රන්ජිත් මහින්ද එලවල ඔයාල ලබා ගත්ත මේ දේ හොද යි කියල තාම හිතනවද ?(අ)
කපන්නබැරි අත සිඹින්න ඕනෑ කිව්වලු (අ)
අවසර කාටවත් කඩේ යන්නේ නැතිව වැරැද්ද වැරදි ලෙස පෙන්වා දෙන්න නැත්තම් කඩේ ගියොත් වියතුන්ට තියෙන තැනත් නැතිවේවි අන්තිමට (බ)
හඬවල් එනවා...තමන්ට යමක් කර ගන්නවා...නිහඩ වෙනවා...මහා සංඝරත්නයත් පැත්තක් අල්ලන් ශේප් වෙනවා. රටේ ජනතාව හැමදාම හඬ හඬ ඉන්නවා. (අ)
අපේ රටේ වියතුන්-උගතුන් දේශපාලන අනුගාමිකයන් වෙනස කොතනද (අ)
හරිමග පෙන්වන්න දෙයක් නැහැ. දැන් ඔක්කොම නන්නත්තාර වෙලා ඉවරයි. තුවාලය අතින් වහගෙනයි ඉන්නේ. තව ටික දවසකින් හැරව පිටට ගලන කොට පරක්කු වැඩි වෙයි. (බ)
මේ මහින්දට කඩේ ගියපු සෙට් එකක් වගේ මතක... මොකාටද දන්නෑ එන්න හදන්නේ........(බ)
අනේ මන්දා. (ර)