උඩහමුල්ල නඩුකාර වත්තේ දී දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ වාහනයේ ලාංඡනයක් දින එකොළහකට පෙර සොරා ගත් බව කියන සිසුහු දෙදෙනෙක් ව්‍යාපාරිකයකුගේ රහස් කැමරාවේ උදව්වෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
කොළඹ හා මහරගම පාසල් දෙකක හත් වැනි පන්තියේ මේ සිසුන් දෙදෙනා සමග පියෙක් ද නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි මහතා වෙත ඉදිරිපත් කරනු ලැබූහ.
පියා අත්අඩංගුවට ගත්තේ හොර බඩු ළඟ තබා ගත්තැයි කියමිනි.
රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප මත මුදා හළ ඔවුන් ලබන 14 වැනිදා අධිකරණයේ පෙනී සිටිය යුතු යැයි ද වැඩ බලන මහේස්ත්‍රාත් නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර අපිත් මුද්දර එකතු කළා පාසල් කාලයේදී (නි)
මේක කාර් එකේ ලස්සනට තිබුන ලාංඡනයක් වෙන්න ඇති පොඩි එවුන්ගේ හිත ඇදිලා යන්න. අර ඇස් බැඳගත් කාන්තාව ඉන්න ලාංඡනය නම් සම්පුර්ණයෙන්ම ගලවලා දාලනේ තියෙන්නේ. (නි)
ළමාකමට හොර වැඩ කරන එක දරුණු වැඩක්.පියාගේ අනුබලය ලැබිලත් තියනවා.තුන්දෙනාටම දඩුවම් දීම සාදාරණයි.නැතිනම් ලොකු වුනාම වාහන පවා හොරකම් කරාවි. (නි)
සමාව දෙන්න වටිනවා, විනුසුරුවරියගේ ගෙදර ආරක්ෂකයෝ නැද්ද එයාට ආරක්ෂක පද්දතියක් නැතුව ඇති එයාගේ ආරක්ෂාව තර කරන්න ඊළඟට මොනවා ගලෝගෙන යයිද දන්නේ දෙය්යෝ පමණි.(නදී)
දරුවන් දෙන්නට අවවාද කර හොර බඩු ළඟ තබා ගන්න සහයෝගය දුන් පියාට දඬුවම් කළ යුතුයි. පියකු වශයෙන් දරුවන්ට හොඳ අවවාදයක් නොදී ඒවා ළඟ තබා ගැනීමට ඉඩ ඇරපු එක බොහොම නරකයි.(නදී)
ඔන්න නඩු නම් දාන්න එපා කොලු කමට කරන කොලු වැඩ මේවා.(නදී)
මෙයාලා දහයේ පංතියට ආවහම විනෝදාංශයට අනුන්ගේ වාහන එකතුකරයි.(නදී)
නියම විනෝදාංශය පුතේ! ලාංඡන 15ක් එකතු කරනකල් දෙමව්පියන් මක්කද කලේ? (නි)
පොඩිකාලේ ඉදලම හොරකම.........බාල වයස්කාරයින් නිසා මවුපියන්ටයි දඩුවම් කරන්න ඕනෑ. (නි)
සිසුන් දෙදෙනකු නිසා තරයේ අවවාද කර සමාව දීම වටිනවා. ළමා කාලයේ කරන දේවල් විකිනීමට නොවේ කර තිබෙන්නේ.(නදී)
7 වසර නම් වයස 12 යි. ලාමක ටින්..ටින්ලා.. විනෝදෙට ලාංචන එකතු කලා මිස, හොරකමකට හෝ විකුනන්න නෙවේනේ. ගණන් ගන්න එපා !මැඩම් අලුත් එකක් සවිකරගන්න. වියාපාරිකයා මොකද එතැන කලේ. ඔහු ගැලවීමට පෙර ළමයි ඉස්සරවීම තමයි දක්ෂකම කියන්නේ.(නදී)
මේ වගේ දේවල් එකතුකරන එක විනෝදාංශයක් තමා. මේ දරුවන්ට කියා දෙන්න වාහන හදන පිටරට ආයතන වලට දෙනුම් දෙන්න කියලා. ඔවුන් මේ වගේ අයට ඔවුන්ගේ ලාංඡන එවනවා. (නි)