කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරයක් නොමැතිව මෙරටට රැගෙන ආ ලොකු ලූණු බීජ කිලෝග‍්‍රෑම් 110 ක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ අතහැර දමා ගොස් තිබියදී සොයාගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
මෙහි වටිනාකම රුපියල් හාරලක්ෂ හතලිස් දහසක් වන බව රේගුව කියයි.
මෙම ලූනු බීජ පැකට් වල අසුරනය වැසෙන ලෙස කළු පැහැ පොලිතින් වලින් ආවරණය කොට ඒවා ගමන් මල්ලක අසුරා තිබුන බවත් අයිතිකරු හඳුනාගැනීමට නොහැකි ලෙසින් ගමන්මල්ලේ අලවා තිබූ හඳුනාගැනීමේ සටහන් ඉරා දමා තබූ බව රේගුව කියයි.
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ගුවන්යානයකින් මෙම ලූනු බීජ මෙරටට ගෙන විත් ඇති බවත් පසු අවස්ථාවකදී පිටතට ගෙන යාමේ අදහසින් මෙසේ අතහැර දමා යන්නට ඇතැයිද රේගුව සැකකරයි.
රේගු නිලධාරීන්ට විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයෙහි අතහැර දමා ගොස් තිබූ මෙම ලුනු බීජ මල්ල සොයාගෙන ඇත.
මෙහි අයිතිකරු සොයා ගැනීම සඳහා රේගුව පරික්ෂන පවත්වන අතර මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන්වන ඒ.කේ.එන් වික‍්‍රමසිංහ සහ දීපාල් සිරිවර්ධන යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් රේගු නිලධාරීහු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මේ රටේ ලොකු ළූණු වගාව විනාස කළ හැකි පලිබෝධ ආසාදිත බීජද දන්නේ නැහැ. (නි)
හොඳ වෙලාවට අහුවුනේ. තව පොඩ්ඩෙන් පැමිණීමේ පර්යන්තයේ ලූනු පාත්තියක් හැදෙනවා. (නි)
මගේ ලුනු බිජ ටිකත් ඔතනද මන්දා? (නි)
මේවා අදහගන්න බැහැ. මෙච්චර සරල විදයට මේවා වෙන්නේ කොහොමද? (නි)
රේගු නිලධාරීන්ගේ කාර්යක්ෂම භාවය හා අවංකකම අගයකළ යුතුයි. (නි)