IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හොර බීජ මල්ල ගුවන් තොටේ දමා ගිහින්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරයක් නොමැතිව  මෙරටට රැගෙන ආ ලොකු ලූණු  බීජ කිලෝග‍්‍රෑම් 110 ක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ  අතහැර දමා  ගොස් තිබියදී   සොයාගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

මෙහි වටිනාකම රුපියල් හාරලක්ෂ හතලිස් දහසක් වන බව රේගුව කියයි. 
මෙම ලූනු බීජ  පැකට් වල  අසුරනය වැසෙන ලෙස කළු පැහැ පොලිතින් වලින්  ආවරණය කොට ඒවා ගමන් මල්ලක අසුරා තිබුන බවත්  අයිතිකරු හඳුනාගැනීමට නොහැකි ලෙසින් ගමන්මල්ලේ අලවා  තිබූ හඳුනාගැනීමේ සටහන්  ඉරා දමා තබූ බව රේගුව කියයි.
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට  පැමිණි ගුවන්යානයකින්  මෙම ලූනු බීජ  මෙරටට ගෙන විත් ඇති බවත්  පසු අවස්ථාවකදී පිටතට ගෙන යාමේ අදහසින් මෙසේ අතහැර දමා යන්නට ඇතැයිද රේගුව සැකකරයි.
රේගු නිලධාරීන්ට  විසින්   සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයෙහි  අතහැර දමා ගොස් තිබූ මෙම ලුනු  බීජ මල්ල  සොයාගෙන ඇත.
මෙහි අයිතිකරු සොයා ගැනීම සඳහා රේගුව පරික්ෂන පවත්වන අතර මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන්වන ඒ.කේ.එන් වික‍්‍රමසිංහ සහ දීපාල් සිරිවර්ධන යන මහත්වරුන්ගේ  මෙහෙයවීමෙන් රේගු නිලධාරීහු සිදුකරති.

 


 



අදහස් (0)

හොර බීජ මල්ල ගුවන් තොටේ දමා ගිහින්

අතුල - මාලදිවයින Thursday, 30 May 2013 10:31 AM

මේවා මේ රටේ ලොකු ළූණු වගාව විනාස කළ හැකි පලිබෝධ ආසාදිත බීජද දන්නේ නැහැ. (නි)

:       0       0

උපාලි Thursday, 30 May 2013 03:39 AM

හොඳ වෙලාවට අහුවුනේ. තව පොඩ්ඩෙන් පැමිණීමේ පර්යන්තයේ ලූනු පාත්තියක් හැදෙනවා. (නි)

:       0       0

හේරත් Thursday, 30 May 2013 07:21 AM

මගේ ලුනු බිජ ටිකත් ඔතනද මන්දා? (නි)

:       0       0

චන්දා Thursday, 30 May 2013 08:36 AM

මේවා අදහගන්න බැහැ. මෙච්චර සරල විදයට මේවා වෙන්නේ කොහොමද? (නි)

:       0       0

නීල් Wednesday, 29 May 2013 09:35 PM

රේගු නිලධාරීන්ගේ කාර්යක්ෂම භාවය හා අවංකකම අගයකළ යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site