IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හොර බැංකු දෙකක් වටලයි

කොළඹ රන් ති‍්‍රකෝණය සේ සැලැකෙන වැල්ලවත්ත කොටුව හා හෙට්ටිවීදියේ තවත් නීතිවිරෝධී මුදල් හුවමාරු දෙකක් වටලා රුපියල් විසි එක් ලක්ෂයක් සමග ඉන්දියා ජාතිකයන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යංශයයේ බුද්ධි හා මෙහෙයුම් ඒකකය කියයි. එහි අධ්‍යක්ෂ ජේ.ඒ.කේ. මාක් මහතාගේ අධීක්ෂණයෙන් මේ මෙහෙයුම සිදුවිය. මේ අංශය මීට කලින් එවැනි හොර බැංකුවක් වටලා රුපියල් අසූහතර ලක්ෂයක් සොයාගත්තේය.රට සල්ලි හුවමාරු කිරීමෙන්ද, එතෙර පාසල් හා සරසවි ගාස්තු ද, රෝහල් බිල් ද, රන්, වාහන හා ඉඩම් වෙළෙදාම ඇතුළු මහා පරිමානයේ ව්‍යාපාර කැරගෙන යන මේ අනවසර බැංකු ක‍්‍රමයේ එක් මධ්‍යස්ථානයක දිනක පිරිවැටුම රුපියල් තුන්කෝටියක් බවත් අනවසර බැංකුවට ලැබෙන කොමිස් මුදල එයින්ම සිතාගත හැකි බවත් පොලිසිය පවසයි.කොටි සංවිධානයේ මුදල් ද මේ හුවමාරු ඔස්සේ සංසරණය වෙතියි පොලිසිය කියයි.



අදහස් (0)

හොර බැංකු දෙකක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site