කොළඹ රන් ති‍්‍රකෝණය සේ සැලැකෙන වැල්ලවත්ත කොටුව හා හෙට්ටිවීදියේ තවත් නීතිවිරෝධී මුදල් හුවමාරු දෙකක් වටලා රුපියල් විසි එක් ලක්ෂයක් සමග ඉන්දියා ජාතිකයන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යංශයයේ බුද්ධි හා මෙහෙයුම් ඒකකය කියයි. එහි අධ්‍යක්ෂ ජේ.ඒ.කේ. මාක් මහතාගේ අධීක්ෂණයෙන් මේ මෙහෙයුම සිදුවිය. මේ අංශය මීට කලින් එවැනි හොර බැංකුවක් වටලා රුපියල් අසූහතර ලක්ෂයක් සොයාගත්තේය.රට සල්ලි හුවමාරු කිරීමෙන්ද, එතෙර පාසල් හා සරසවි ගාස්තු ද, රෝහල් බිල් ද, රන්, වාහන හා ඉඩම් වෙළෙදාම ඇතුළු මහා පරිමානයේ ව්‍යාපාර කැරගෙන යන මේ අනවසර බැංකු ක‍්‍රමයේ එක් මධ්‍යස්ථානයක දිනක පිරිවැටුම රුපියල් තුන්කෝටියක් බවත් අනවසර බැංකුවට ලැබෙන කොමිස් මුදල එයින්ම සිතාගත හැකි බවත් පොලිසිය පවසයි.කොටි සංවිධානයේ මුදල් ද මේ හුවමාරු ඔස්සේ සංසරණය වෙතියි පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd