පොලිස් පරික්ෂකවරයකු යැයි ව්‍යාජ හැදුනුම්පතක් ඇතිව ගණිකාවන්, හෝටල් සහ පෙම්වතුන් පරික්ෂා කරමින් ලැඟුම්හල්වල රැදී සිටි උඳුගොඩගේ අනුරාධ රුද්‍රිගු හෙවත් අජිත් කුමාර ද සිල්වා ඔක්තෝබර් 28 දක්වා රිමාන්ඩ් කරන ලෙස රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා නියෝග කළේය.
එම ව්‍යාජ හැඳුනුම්පත ඔහුට බලය පැවරී ඇති රාජකාරිකාරි ලෙස ගණිකාවන් පරික්ෂා කිරිම හෝටල් සහ පෙම්වතුන් පරික්ෂාව යනුවෙන් සඳහන් කර තිබු බව පොලිසිය අධිකරණයට එම හැඳුනුම්පත ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය.
බලය පෙන්වා ඔහු ඔවුන්ගෙන් ප්‍රයෝජන ගත් බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මිනිස්සු. (ර)
මම අනුන්ගේ සිත් කියවීමට නොදනිමි. නමුත් මානසිකව ඇදවැටුණු අසරණයෙක් විය හැකිය. (අ)
සමහර වෙලාවට ඇත්ත අයත් මේ විදිහට කරනවා. අපි අත්දැකීමෙන් දන්නවා (නි)
තමන් කරන දෙයින් දඬුවම් විඳින්නට සිදුවෙන බව දැන දැන වැරදි වැඩ කළ මිනිසෙක්. (නි)
සමාජයේ නිතිය කරන පොලීසියේ වෙස් ගත් කෙනෙක්. (ර)
රෙජී සිඩ්නි, ඔබ හරි (නි)
ධර්ම ජයවික්‍රම, මෝඩකම තිබුනට ඒක ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
පරීක්ෂා කළාට නම් කමක් නැහැ. හැබැයි බලය පෙන්වා ඔහු ඔවුන්ගෙන් ප්‍රයෝජන ගත් එක නම් වැරදියි (නි)
මේවා කාටත් හොඳ පාඩම් (නි)