දියතලාවේ සිට මාළු පටවාගෙන ආ ලොරියක් කොස්ගම බොරළුගොඩදී අද (17) අලුයම 2.35ට නතර කළ දෙදෙනකු ලොරියේ ගමන් කළ අයකුගේ රුපියල් තුන් ලක්ෂ පනස්දහසක් රැගෙන පළාගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.
පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ විදුලි පන්දමක් දල්වා සංඥාකර ලොරිය නවත්වා ඇති බවත් ගංජා ඇත්දැයි මුලින්ම රියදුරුගේ සාක්කුව පිරික්සා ඇති බවත් ඉන්පසුව සේවකයාගේ සාක්කුව පිරික්සා එම මුදල් පැහැරගෙන යතුරුපැදියකින් පළා ගිය බවත් ඔවුන් පොලිසියේ අය බව හැම ආකාරයකින්ම තමන්ට ඒත්තු ගිය බවත් ඔවුන් කළ පැමිණිල්ලේ සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දියතලාවෙත් මාළු අල්ලනවද ? (ර)