පොලිසිය බව හඟවමින් මහමඟ යන මිනිසුන් ත්‍රීරෝද රථවලට නංවාගෙන ගොස් කොල්ල කන කණ්ඩායමක සාමාජිකයෝ තිදෙනෙක් මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. බීමත්ව මහමග යන පුද්ගලයන් කොල්ලකරුවන්ගේ ප්‍රධාන ඉලක්කය බව කියන පොලිසිය ඔවුන් කොල්ල කන ත්‍රිරෝද රථ තුනක් යතුරු පැදි ඡංගම දුරකතන ඇතුළු දෑ පොලිස් බරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ටත් යන්න පුළුවන් දුර ගිහින් ඉවර බව පෙනෙනවා.පුදුම කරුමයක්.මේ රට ආපසු යුද්දෙකට පැටලෙන එක හෝ වෙනරටක් ගිලගන්න එක පැහැදිලිව පෙනෙනවා.මෙයට පාර කැපෙන්නේ මේ හොර මැර වංචා දුෂණ නිසා සියල්ල නිසා.දේශපාලකයන් ඉන්නේ උන් ගැන අධිතක්සේරුවකින්.තොන්ඩුව බෙල්ලට වැටෙන තුරු නොපෙනීම රටේ කරුමය.ජනතාව හැම දෙයක් දිහාම සැකයෙන් බියෙන් බලන තැනට රට නැවත තල්ලුවෙමින් ඉන්නේ.මේ පීඩනය ජාතිවාදී කලබලයක් දක්වා වුවද නැවත තල්ලුවීම තුලින් රට බෙදීම හෝ විදේශ ආක්‍රමණයකට තල්ලුවීම නොවැලක් වියහැක(දිල්).
මේ විදියට ඇත්ත පොලිසියයි , හොරා පොලිසියයි අපි හදුනා ගන්නේ කෙසේද ? (නදී)
ඉතා අගය කල යුතු වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක වෙනවා. තරා තිරම නොබලා දඬුවම් දිය යුතුයි.(නදී)
ඉතා අගය කල යුතු වැඩ පිළිවෙලක් දැන් ක්‍රියාත්මක වෙනවා. තරා තිරම නොබලා දඬුවම් දිය යුතුයි. (නදී)
ඇත්ත පොලිසිය හොයා ගන්නත් අමාරුයි. කල්පනාවෙන් මේවා කරන්න ඕනා. දේශපාලකයෙක් මේවට හවුල් වුනොත් හදිසි මාරුවීමක් ලැබෙයි. (නදී)
දිනෙන් දින අලුත් අලුත් ක්‍රම භාවිතා කරමින් දැන් කොල්ල කෑම් සිදුවෙනවා. රැකියාවක් කරන්න කම්මැලි ආත්ම විශ්වාසයක් නැති අය තමා එදා වේල පිරිමසන්න මේ වගේ උපක්‍රම යොදා අහිංසකයන්ගෙන් ගරා කන්නේ. නියම පොලීසියත් එහෙමයි හොර පොලීසියත් එහෙමයි. හැමෝම අපේ දේවල් ගරාකන්න තමා බලන්නේ. තැලෙන්නේ අපිම තමා. මහන්සිවෙලා හම්බකරපු දේවල් මෙහෙමත් දෙන්න සිදුවෙන එක තමා කරුමේ කියන්නේ. (නදී)
දේශපාලඥයන් යයි කියමින් ජනතාව රවටා මැති සභයට හා පළාත් සභාවල ට පැමිණි බොහෝ දෙනෙක් හොරු. ඉතින් ජනතාවත් අන්ද මන්ද වෙලා සැබෑ දේශපාලඥයා කවුද බොරු කාරයා කවිද කියල හොයා ගන්න බැරුව. ඒකනේ හොරුන් දිගටම මහජන ඡන්දයෙන් තේරිලා මැති සභාවලට එන්නේ. පොලිසිය පමණක් තනියෙන් ශුද්ධ වෙන්නේ නැහැ.(නදී)
පොලිස් නිල ඇදුම් පිටින්මද අල්ලා ගත්තේ. (නදී)
බොරුවට එහෙම හඟවන අය විතරද එහෙම කරන්නේ? (නදී)
කෑ නොගහ ඉන්නකෝ.කුඩු, අරක්කු ,මීනී මරුවෝ,මංකොල්ල කාරයෝ තව මොනවද අඩු හැම දෙකින්ම අපි දැන් පෝෂිතයි(දිල්)
තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි.(දිල්)
මේ එන්නේ හොර පොලීසියෙන් ද දන්නේ නෑ(දිල්)
ඇත්ත පොලිසිය අපේ වාහනයක් නැවැත්තුවාමත් වැඩි වෙනසක් නෑ. (දිල්)
අපට ඉස්සරලම එයාලගේ හැඳුනුම්පත පෙන්නන්න කීවොත් හොඳ නැද්ද ? (නදී)