රුවන්වැල්ලේ රාජ්‍ය බැංකුවක සේප්පු කපා රුපියල් දෙකෝටියක රන් හා රුපියල් ලක්ෂ 55ක සල්ලි පැහැරගැනීමට සොරුන් කළ උත්සාහය අසාර්ථක වූ බව රුවන්වැල්ල පොලිසිය කියයි.
සිකුරාදා සවස සිට ඉරිදා රාත්‍රී දක්වා කාලයේ වැසිකිළි ජනේලයෙන් ඇතුළුවූ සොරුන් පෑස්සුම් උපකරණද රැගෙන අවුත් ඇතැයි පොලිසිය පවසයි. පෑස්සුම් කූරු 45 ක්ද සේප්පුව තුළ තිබූ අතර පොලිසිය නිලධරයන් ඉදිරිපිටදී බැංකු සේවකයන් සේප්පුවක් අරිද්දී එතුළින් දුමාරයක් පිටවූ බවද පොලිසිය කියයි.
බැංකුවට ඇතුළුවූ ගමන් සොරුන් අනතුරු සංඥා ක්‍රියාවිරහිත කර ඇති බව පෙනේ යැයිද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකුවල ආරක්ශක සේවය ඉතා දුර්වලයි. ඊයේ මම දැක්කා ආරක්ෂක නිලධාරී තුවක්කුව එල්ලාගෙන මහජනයා ඉන්න හරියේ තිබෙන දුරකතනයටත් පිළිතුරු දෙනවා, නොම්මරයත් අරගෙන දෙනවා, කොළත් පුරවනවා, දොරත් අරිනවා, අනෙක් නිලධාරීන්ගේ කොළත් අරගෙන මේසෙන් මේසයට යනවා. මේ බැංකුවල ඉන්න ආරක්සක ප්‍රධානියෝ හමුදාවේ හරි පොලිසියේ හරි හිටපු අය. අය ඉන්නේ ශීත කාමර වල. පහළ මොනවා වෙනවද කියලා බලන්නේ නැහැ. ලංකාවේ බැංකු මංකොල්ලකන එක පහසු වැඩක්. උකස් කඩත් එහෙමයි. සේප්පු වල, සීට්ටු වල කිසිම ප්‍රමිතියක් නැහැ. මුදල් අමත්‍යංශ නිලධාරීන් මේවා ගැන බලන්න ඕනෑ. සේප්පුවල ප්‍රමිතිය අනිවාර්ය කරන්න ඕනෑ. ගොඩනැගිලි ආරක්ෂක ප්‍රමිතියට හදන්නට ඕනෑ. මේවට ජාතික සැළසුමක් ඕනෑ. මේවා දැනුම ඕනෑකම තිබෙන අයට සුලු දේවල්. පොලිසියට බැනලා හරියන්නේ නැහැ.ආරක්සක ප්‍රමිතීන් කඩනවා නම් රක්ෂණ වාරිකත් අඩුකිරීමේ ක්‍රමයක් තියෙන්නත් ඕනෑ. (නි)
මනෝජ්, ඔබ හරි (නි)
ඉතින් රාජ්‍ය බැංකු ගැන කවර කතාද? (නි)
දැන් හොරු සල්ලි හොයන්න තෝරගන්න පහසුම ක්‍රමය තමයි බැංකු කැඩීම (නි)
මම නම් කියන්නේ මේක බැංකුවේ ඉන්න කෙනෙක්ම තමියි කියලා තියෙන්නේ. (ර)
මනෝජ්, ඔබ හරියටම හරි (නි)
සාමාන්‍යයෙන් මෙහෙම විශාල මුදල් තොගයක් සතියේ දිනවලවත් ඊළඟ දවස වෙනතුරුවත් බැංකු සේප්පුවේ තියාගන්නේ නැහැ. අනෙක මෙච්චර මුදලක් සති අන්තයේ සේප්පුවේ තිබෙනවා කියලා හොරුන්ට ආරංචිය ගියේ කොහොමද කියලා සොයා බැලිය යුතුයි. (නි)