හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් ලෙස වංචනිකව පෙනී සිටිමින් දිවි නැගුම නිලධාරීන් බඳවා ගන්නා බව කියා තරුණ තරුණියන්ට සම්මූඛ පරීක්ෂණ පැවැත්වූ බව කියන අනුරාධපුර ශ්‍රාවස්තිපුර ගල්වඩුවාගම ආර් එම් නුවන් චාමර මුදල් හා ශරීර ඇප මත මුදා හරින ලෙස කැබිතිගොල්ලෑව වැඩ බලන මහේස්ත්‍රාත් රංග සුජීව මහතා නියෝග කළේය.

රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් ද, රුපියල් දස දහසක මුදල් ඇපයක් ද ඔහුට නියම විය.