IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිරු පාපැදි සවාරියේ පළමු අදියරේ ජය බුද්ධිකට

හිරු මාධ්‍ය ජාලය සංවිධානය කරන හිරු පාපැදි සවාරියේ (රේසිං) පළමු අදියර ජය ගැනීමට ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසුරිය අද (29) සමත්විය. කොළඹ ගුවන් හමුදා මූලස්ථාන ක‍්‍රීඩාංගණය ඉදිරිපිටින් අද පෙරවරුවේ ආරම්භ වු මෙම පාපැදි තරගයට තරගකරුවෝ 102 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ. තරගකරුවෝ මරදාන, පෑලියගොඩ, ගම්පහ, බෝගමුව, මාවනැල්ල, කඩුගන්නාව නගර පසු කරමින් මහනුවර නගරයෙන් පළමු අදියර අවසන් කළහ. බුද්ධික පැය 3. විනාඩි 16. තත්පර 06 ක කාලයකින් තරගය නිම කළේය. නාවික හමුදාවේ ක‍්‍රිෂාන් මධුෂංක සහ යුද හමුදාවේ තුෂාන් චන්දන තියුණු තරගයකින් පසුව පැය 3. විනාඩි 16. තත්පර 44 ක සම කාලයක් ලබා පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථාන ලැබුහ. මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිටින් හෙට (30) පෙරවරු 8.00 ට ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භවන දෙවැනි සහ අවසන් අදියර නිම වන්නේ මාවතගමිනි. මෙම පාපැදි සවාරියේ ශූරයාට පිරිනැමෙන ත්‍යාග මුදල රුපියල් ලක්‍ෂ දෙකකි. බුද්ධික වර්ණකුලසුරිය පළමු අදියර අවසන් කළ අවස්ථාව.....



අදහස් (0)

හිරු පාපැදි සවාරියේ පළමු අදියරේ ජය බුද්ධිකට

දිනේශ් Saturday, 30 June 2012 09:03 AM

මාවතගම කොල්ලෙක් නේ...එල කිරි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site