IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිරු පාපැදි සවාරිය අද සිට

හිරු මාධ්‍ය ජාලය සංවිධානය කරන හිරු පාපැදි සවාරිය අද (29) පෙරවරු 8.30 ට කොළඹ ගුවන් හමුදා මූලස්ථාන ක‍්‍රීඩාංගණය ඉදිරිපිටින් ඇරැුඹෙයි. අදියර දෙකකින් පැවැත්වෙන මෙම පාපැදි තරගයේ සමස්ත දුර ප‍්‍රමාණය කිලෝමීටර 277 කි. තරගකරුවන් 150 කට අධික පිරිසක් සහභාගිවන මෙම තරගයට සී. පී. මීමනගේ, ජීවන් ජයසිංහ, ඬේන් නුගේරා, සුධීර නිලංග, ජනක හේමන්ත කුමාර වැනි දිවයිනේ නමගිය පාපැදි ශූරයන් ද එක්ව සිටිති. යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය, වින්ග් වීල්, දෙහිවල - ගල්කිස්ස සහ මොරටුව සාම ක‍්‍රීඩා සමාජය තරගයට සහභාගිවන ප‍්‍රධානතම කණ්ඩායම් වේ. ගාලූ මුවදොර පිටිය අසළින් ඇරැඹෙන තරගයේදී තරගකරුවෝ මරදාන, පෑලියගොඩ, ගම්පහ, බෝගමුව, මාවනැල්ල, කඩුගන්නාව නගර පසු කරමින් මහනුවර නගරයෙන් පළමු අදියර අවසන් කරති. මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිටින් හෙට (30) ආරම්භවන දෙවැනි සහ අවසන් අදියර නිම වන්නේ මාවතගමිනි. එහිදී තරගකරුවෝ කටුගස්තොට, මාතලේ, ගලේවෙල, බෙලිගම, කුරුණෑගල නගර පසු කරමින් මාවතගමට පැමිණෙති. පාපැදි අතුරු කමිටුවේ අධීක්‍ෂණයෙන් පැවැත්වෙන මෙම පාපැදි සවාරියේ ශූරයාට රුපියල් ලක්‍ෂ දෙකක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. දෙවැනි ස්ථානයට රුපියල් 100,000 ක මුදල් ත්‍යාගයක් ද, තෙවැනි ස්ථානයට රුපියල් 75,000 ක්ද ලෙස 15 වැනි ස්ථානය දක්වා මුදල් ත්‍යාග තරගකරුවන්ට පිරිනැමේ.



අදහස් (0)

හිරු පාපැදි සවාරිය අද සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site