හොර ඔප්පුවක් හා ව්‍යාජ නඩු තීන්දුවක් ඉදිරිපත් කරමින් කල්පිටිය ආලන්කුඩාවේ අක්කර 92 ක රජයේ ඉඩමක් හෝටල සමාගමකට විකිණීයැයි සැකපිට අත්අඩංගුවට ගත් පස් දෙනෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් ඔක්තෝබර් පස් වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. සිද්ධි රුමීෂා, උම්මු කුල්තාන්, අබ්දුල් කලාම් අසාඩ්, සිද්ධි සුරට් හා ජමාල්දීන් මරික්කාර් එසේ රිමාන්ඩ් කරනු ලැබුවෝ වෙති. රහස් පොලිසිය අධිකරණයට දැන්වූයේ ඉඩම සම්බන්ධයෙන් දී ඇතැයි කියන නඩු තීන්දුව සොයාගත නොහැකි බවයි. හෝටල් සමාගමේ අධ්‍යක්ෂවරයකු බව කියන ඩලස් මාර්ටින් ස්ටයින් මීට කලින් සැකපිට අත්අඩංගුවට ගෙන රුපියල් විසිදාහක ඇප මත මුදාහරිනු ලැබීය. හෝටල සමාගමේ විරේන් පෙරේරා හා සෙසු අධ්‍යක්ෂකවරුන් අත් අඩංගුවට නොගන්නේ ඇයි දැයි මහේස්ත‍්‍රාත්වරිය රහස් පොලිසියෙන් ප‍්‍රශ්න කළාය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd